(යොහාන් භාසුර)
කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගය හරහා ගමන් කරන වන අලි දුම්රියේ ගැටීම වැළැක්විම සඳහා ගල්ඔය හා හිඟුරක්කොඩ දක්වා කොටසේ අඩි 1520 ක සූර්ය පැනල සවිකර ආලෝකමත් කිරීමට තීරණය කළ බව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා පැවසීය.
වන අලින් මුහුණදෙන අනතුරු වළක්වා ගැනීම සඳහා වන ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ කවුඩුල්ල ජාතික වනෝද්‍යානයේදී ඊයේ (22) පැවැති සාකච්ඡාවෙන් පසුව නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා එසේ පැවසීය.
අලින්ට මාර්ගය හොදින් දිස්වන ලෙස එම මාර්ගයේ අඩි 15-20 ක් දෙපැත්ත හොදින් සුද්ධ කිරීමට තීරණය කළ බවත් එම මාර්ග කොටසේ පිහිටීම අනුව අලින්ට මාර්ග දුම්රිය ක්ක්‍ෂණිකව දිස්නොවීම ගැටලුවක් බවත් නියෝජ්‍ය අමාත්‍ය සරත් මහතා කීය.
ඒ අනුව මාර්ගයේ පිහිටීම වෙනස් කරන්න සාකච්ඡා කළ බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා සූර්ය පැනල පාවිච්චි කරලා මාර්ගය ආලෝකමත් කිරීමට තීරණය කළ බව ද සඳහන් කළේය.
මුරපොළවල් පිහිටුවීම, කවුඩුල්ල සහ මින්නේරිය අතර අලින්ට මාරුවීමට අලි කොරිඩෝ ඉදිරිකිීම ආදි විසඳුම් රැසක් පිළිබඳව සාකච්ඡා කළ බවත් තව ද දුම්රියේ වේගය පිළිබඳව මෙහිදී දැඩි අවදානය යොමුකළ බවත් නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
කවුඩුල්ල රක්ෂිතයේ සිට මඩකලපුව -කොළඹ ප්‍රධාන දුම්රිය මාර්ගය හරහා ගමන් කරමින් සිටි අලි රංචුවක් මීනගයා ශීඝ්‍රගාමි දුම්රියේ ගැටී පසුගිය 20 වැනිදා වූ අනතුරෙන් වන අලි හතක් මරණයට පත්වූහ.
මීනගයා ශීඝ්‍රගාමී දුම්රියේ ගැටී වන අලි රංචුවක් මියයෑම සම්බන්ධයෙන් ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතාගේ සහ සෙසු බලධාරීන්ගේ සහභාගීත්වයෙන් පැවති සාකච්ඡාවේ තවත් අදියරක් ලෙස මෙම සාකච්ඡාව පැවැත්විණි.
එහිදී නිවාස නියෝජ්‍ය අමාත්‍ය ටී.බී. සරත් මහතා බලධාරීන් විශේෂ දුම්රියකින් අදාල මාර්ග ප්‍රදේශය නිරීක්‍ෂණය කළහ.
සිව්දෙනකුට මරු කැඳවමින් 24 දෙනකුට තුවාල සිදු කරමින් කුරුණෑගල බඩගමුව තෝරයාය සිදු වූ බස් රථ අනතුර සම්බන්ධ බස් රථ දෙකේම රියැදුරන් දෙදෙනාට ඇප නියම කළ කැරුණ
ගනේ මුල්ල සංජීව ඝාතන සිද්ධියේ තවත් සැකකරුවන් තිදෙනෙකු පොලිසිය භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරන බව කොළඹ අපරාධ කොට්ඨාශය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂන කැක
අරගල කර මන්ත්‍රීවරු ඝාතනය කර ආණ්ඩු බලය ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සන්නද්ධ හමුදාවක් නොමැති බවත් වැඩ කර පෙන්වා ඇති පක්‍ෂයක් ලෙස ප්‍රජාතන්ත්‍රවාද
පේරාදෙණිය පොලිස් වසමේ කිරිබත්කුඹුර ප්‍රදේශයේ පිහිටි සුපිරි වෙළඳ සැලකින් රුපියල් 650ක් වටිනා භාණ්ඩ සොරකම් කළ බව කියන පේරාදෙණිය පොලිසියට අනුයුක්ත උප පො
ස්නායු ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධි පුහුණුව සදහා තරුණ වෛද්‍යවරුන් වැඩි වශයෙන් දිරි ගැන්වීමේ අවශ්‍යතාවය පිළිඳව මේ වනවිට සෞඛ්‍ය අමාත්
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගයට සූර්ය පැනල සවිකර කරයි
Nandalal de Silva - France Sunday, 23 February 2025 03:42 PM
වන අලින් පැමිණ ඔය සූර්ය පැනල කඩා විනාශ කිරීමට ප්‍රථම, ඔය පළාතේ ඉන්නා හොර රංචු, කළුකඩ බිස්නස් කාරයින් පැනලා ගලවා විකුණා දමන්න පුළුවන්. "නටපු තොවිලයකුත් නැත, බෙරේ පලුවකුත් නැත" කියන්න වෙන්නේ එතකොට තමයි !!! වන අලින්ටත්, දුම්රියටත් එතකොට අබ සරණයි...!!!
RishadSunday, 23 February 2025 04:13 PM
යේක හොඳ තමා... කදුරුවෙල යප්පිගේ ගෙදරට සෝලා පැනල් දාගන්න පුළුවන් ටික දවසකින්...!
Nilantha Sunday, 23 February 2025 05:22 PM
කුරා කූඹියෙකුටවත් පාඩුවක් වෙන්නේ නැත්නම් ලංකාවේ තියෙන අධිවේගී මාර්ගවලත් සූර්‍ය බලශක්ති නිපදවීම් කට්ටල සවිකරාවි කියලා හිතෙනවා..