IMG-LOGO

2024 නොවැම්බර් මස 13 වන බදාදා


කෝටිපතියෝ මෙදා ඡන්දෙට පස්ස ගහලා

(සුජිත් හේවාජුලිගේ)

කෝටිපති ව්‍යාපාරිකයන් ඇතුළු විවිධ දානපතීන්   මැතිවරණ අපේක්ෂකයන්ගේ ඡන්ද වැඩ වලට  උදව් කිරීම සියයට 70කින් පමණ පහත බැස ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසයි.

ආර්ථික අර්බුදය, දේශපාලනය සම්බන්ධයෙන් ඇති යම් යම් කලකිරීම්, පවතින දේශපාලන වටපිටාව තුළ පෙරලා ප්‍රතිලාභ ලබා ගත නොහැකියි යන සිතුවිල්ල යනාදී කාරණා මීට ප්‍රධාන වශයෙන් හේතුවී  ඇතැයි  පැෆරල් සංවිධානයේ  විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා පැවසීය.

මේ හේතුවෙන්  බොහෝ අපේක්ෂකයන්ගේ ප්‍රචාරක කටයුතු ඇල්මැරුණු තත්වයක් දක්නට ලැබෙන බවද  ඔහු සඳහන් කළේය. විදේශ රටවල දානපතීන්  අපේක්ෂකයන්ගේ ඡන්ද වැඩට උදව් කිරීමද බොහෝ සෙයින් අඩුවී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය.

සාමාන්‍යයෙන් වෙනදා මැතිවරණවලදී ව්‍යාපාරිකයන් ඇතුළු ධනපතියෝ   දහස් සංඛ්‍යාත පිරිසක් අපේක්ෂකයන්ගේ මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට වියපැහැදම් කරති.

මේ අතර අධික වියදම් හේතුවෙන්  අපේක්ෂකයන්  පෞද්ගලිකව මැතිවරණ ප්‍රචාරක කටයුතුවලට වියදම් කිරීමද හරි අඩකටත් වැඩි ප්‍රමාණයකින් අඩු කර ඇතැයි මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පෙන්වා දෙයි.
මේ තත්ත්වය මත ප්‍රචාරක දැන්වීම් සඳහා මුදල් වියදම් කිරීමද දෙගුණයකින් පමණ අඩුවී ඇතැයි  පවසන රෝහණ හෙට්ටිආරච්චි මහතා බොහෝ අපේක්ෂකයන් සිය ප්‍රචාරක කටයුතු සඳහා සමාජ මාධ්‍ය යොදාගෙන ඇති බව පෙනී යන්නේ යැයිද සඳහන් කළේය.

වියදම් සීමා පැනවීමද ප්‍රචාරක දැන්වීම් සඳහා මුදල් වැය කිරීම අඩුවීමට තවත් එක් හේතුවක් බවද  දැනගන්නට ඇත. අපේක්ෂකයන් ගෙයින් ගෙට ගොස් ප්‍රචාරක කටයුතු කිරීම වෙනදාට සාපේක්ෂව වැඩිවුණු තත්ත්වයක් පෙනෙන්නට ඇති බව නිරීක්ෂණ සංවිධාන සඳහන් කරයි.

මේ අතර මහ මැතිවරණයට ඉදිරිපත්ව සිටින අපේක්ෂකයන් 8000න් සෘජුව ප්‍රචාරක කටයුතුවලට යොමු වී සිටින්නේ 7000කට ආසන්න පිරිසක් පමණක්  බව පෙනී යන්නේ යැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.



අදහස් (3)

කෝටිපතියෝ මෙදා ඡන්දෙට පස්ස ගහලා

සිලින්ඩර් බිල්ල Monday, 11 November 2024 11:08 AM

මේ අය තමයි රට බංකොළොත් කරේ, වෙනදා UNP එකට පොහොට්ටුවට මාරුවෙන් මාරුවට වියදම් කරමින් රනිල්ලා, මහින්දලාගේ රජයක් බලයට ආවට පස්සේ රජයේ කොන්ත්‍රාත් අරන් ඇමැතිලා එක්ක කොමිස්, මාටියා ගහලා තමයි ගොඩ ගියේ, දැන් වියදම් කරත් අත යටින් දෙන රජයේ කොන්ත්‍රාත් ඒවාට හිලව් වෙන්න ගන්න බැරිවෙයි කියලා පස්ස ගහලා ඉන්නවා.

:       6       53

SW Monday, 11 November 2024 11:33 AM

සිදුවිය යුතු දේ වෙමින් පවතියි.

:       5       59

ජනරළ Monday, 11 November 2024 02:49 PM

එක අපේක්ෂකයෙක් පහුගිය ඡන්දෙදී මිනිස්සුන්ට නොදීපු දෙයක් නැහැ. ස්මාර්ට් පන්තිකාමර, බස්, තව එකී මෙකී, නොකී කීයක් ජාති දුන්නාද? ඔක්කෝම රුපියල් කෝටි 112 ටත් වැඩියිලු. ඔය සල්ලි දීපු මිනිස්සු බොහෝවිට ඒවා සාධාරණව හොයා ගත්තු ඒවා නම් වෙන්න බැහැ. එක අතකට වෙච්චි දේ හොඳයි. කොහොමහරි ඉතින් ඒ සල්ලි මොන විදියකින් හරි මිනිස්සුන්ට ගිය එක එක අතකට හොඳයි. මේ අපේක්ෂකයා පැරදිච්චි නිසා ගැටලුවක් නැහැ. බැරිවෙලාවත් දිනුවා නම් ඔය දීපු අය ඊට පස්සේ හම්බ කරන්නේ ඊට වඩා සිය ගුණයකින්. මේ ඡන්දෙදී ඔය සල්ලි පොම්ප කාරයින්ට වැඩේ අප්සට් වෙලා වගේ තමයි ඉන්නේ. ආයේ නම් සල්ලි කීයක් වත් දෙන පාටක් වත් නැහැ වගේ...!

:       1       22

ඔබේ අදහස් එවන්න

දියත

උඩරට දුම්රිය ධාවනයට බාධා
2024 නොවැම්බර් මස 13 117 0

උඩරට දුම්රිය මාර්ගයේ ඔහිය ඉදල්ගස්හින්න දුම්රිය ස්ථාන අතර දුම්රිය මාර්ගයට අද (13) පස්වරුවේ විශාල ගල් කඩා වැටීමෙන් කොළඹ කොටුව සිට බදුල්ල බලා ධාවනය වෙමින්


හෝටලයට පැමිණි පිරිසට පහර දුන්නැයි කළමනාකරු ඇතුළු 4ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 13 332 0

බණ්ඩාරගම බොල්ගොඩ ප්‍රදේශයේ බොල්ගොඩ ගඟ ආශ්‍රිත හෝටලයකට විනෝද වීම සඳහා පැමිණි පිරිසකට අධික ලෙස ලුණු මිශ්‍ර කර ආහාර සපයා අනතුරුව පිටස්තරයන් ලවා පහරදී ත


අයිඩියල් මෝටර්ස් නිල වෙබ් අඩවියට සම්මාන ත්‍රිත්වයක්
2024 නොවැම්බර් මස 13 9 0

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ වාහන එකලස් කිරීමේ සහ ගෙන්වා බෙදා හැරීමේ ආයතනයක් වන, අයිඩියල් මෝටර්ස් සමාගමේ නිල වෙබ් අඩවියBestWeb.lk තරඟයෙන් සම්මාන ත්‍රිත්වයක් ද


ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 13 396 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


රට ඉන්න අයට උපත්, විවාහ හා මරණ සහතික තානාපති කාර්යාලයෙන්ම
2024 නොවැම්බර් මස 13 350 0

විදේශගත ශ්‍රී ලාංකිකයන්ගේ පහසුව සඳහා විදේශ රටවල පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාල මගින් උප්පැන්න, විවාහ හා මරණ සහතික පිටපත් නිකුත් කිරීමට රජය සැලසුම


ඒ.ටී.එම් යන්ත්‍රයට පහර දුන් සැරයන්ගේ වැඩ තහනම්
2024 නොවැම්බර් මස 13 664 0

මුදල් ගැනීමට ගොස් කාඩ් පත ඒ ටී ඒම් යන්ත්‍රයේ සිරවුණයි කෝපයට පත්ව ඒ.ටී.එම් යන්ත්‍රයට පහරදී අලාභ හානි සිදු කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පොලිස් ස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 191 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 522 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1617 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site