IMG-LOGO

2025 ජනවාරි මස 11 වන සෙනසුරාදා


කෝටිපති ව්‍යාපාරිකයා මන්ත්‍රී ධූරයක් ගන්න කෝටි 50ක් දීලා

 

(සුජිත් හේවාජුලිගේ)

විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ කාර්යාලයකට පසුගිය දිනෙක පැමිණ ඇති මෙරට නම ගිය කෝටිපති ව්‍යාපාරිකයකු තමාට  ජාතික ලැයිස්තු  මන්ත්‍රී ධුරයක් දෙන බව පවසා පක්ෂයේ  ප්‍රධානියකු කෝටි පනහක මුදලක් ලබාගෙන  මන්ත්‍රී ධූරය  නොදුන් බවට චෝදනා කරමින්  එම සල්ලි වහා දෙන්නැයි ඉල්ලා   කෑකෝ ගසමින් එහි  කලබල කර ඇතැයි වාර්තාවේ.

මේ සිද්ධියෙන් එම කාර්යාලයේ දැඩි  නොසන්සුන් තත්වයක් ඇතිවිණැයි කියති. ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් දෙන බව පවසා  කෝටි පනහක මුදල මෙලෙස ලබාගෙන ඇතැයි පැවසෙන්නේ මෙරට ප්‍රධාන පෙළේ කෝටිපති ව්‍යාපාරිකයකුගෙනි.

ඔහු එම පක්ෂයේ හිටපු මන්ත්‍රීවරයකු හෝ ආසන සංවිධායකවරයෙකු හෝ නොවන නමුත්  එම පක්ෂ ජාතික  ලැයිස්තුවේ සිටියේය.

ව්‍යාපාරිකයා පක්ෂ කාර්යාලයට පැමිණ මේ සම්බන්ධයෙන් දැඩිව චෝදනා කළ අවස්ථාවේදී එහි සිටි නිලධාරීන් " ඔය ගැන අපි මොකුත් දන්නෙ නෑ. ඕක ඔබතුමා ඒ සල්ලි ගත්තු අයගෙන්ම බේර ගත්තොත් තමයි හොඳ "  යනුවෙන් පවසා ඇතැයි දැනගන්නට
ඇත.

අනතුරුව ව්‍යාපාරිකයා " මම ඕක බේරගන්නම්කෝ" යනුවෙන් පවසා එම ස්ථානයෙන්  පිටව ගොස් ඇත. ව්‍යාපාරිකයා මෙම චෝදනාව එල්ල කරන්නේ එම පක්ෂයට බොහොම ළඟින් ක්‍රියාකාරීව  සම්බන්ධව  සිටින තවත් ධනපති ව්‍යාපාරිකයකුට බව  එහි ආරංචි මාර්ග සඳහන් කළේය. ව්‍යාපාරිකයාගේ මෙම කරුණු අනාවරණයත් සමඟ එම පක්ෂය තුළ දැඩි අර්බුදකාරී තත්වයක් මතුව  ඇතැයි වාර්තාවේ.

 

 



අදහස් (24)

කෝටිපති ව්‍යාපාරිකයා මන්ත්‍රී ධූරයක් ගන්න කෝටි 50ක් දීලා

පිටරටවැසියා Friday, 10 January 2025 10:19 AM

විපක්ෂයේ වුණත් පළපුරුදු කට්ටියනෙ, රටට-ජනතාවට සේවයට තියෙන කැපවීම, උවමනාව කෝටි 50ක් දීපු එකෙනුයි, ගත්ත එකෙනුයි, හොඳටම පැහැදිලි වෙනව... තක්කඩි, කාලකන්ණි....

:       56       144

Anura PasquelFriday, 10 January 2025 05:16 PM

ලංකේෂ්වර මෛත්‍රීපාල...

:       8       8

Rangana Friday, 10 January 2025 10:20 AM

ඔය අහුවෙන්නෙ හොරු

:       16       111

බකල ජයා Friday, 10 January 2025 10:37 AM

පුද්ගල නාමයක්, ස්ථාන නාමයක්, දිනයක් වගේ පුවත්පත් කලාවේ මූලික කරුණු සඳහන් නොවන නිව්ස් අයිටම් කියවද්දි නීලයි, කමලයි, චම්පයි, රේඛයි, භානුමතියි, නයනයි, සඳරේකයි එක්ක ලිඳ ලඟ ඉන්නව වගේ දැනෙනවා.

:       5       171

විකුම් Friday, 10 January 2025 10:59 AM

නමත් එක්ක දාන්නකෝ.ආපු කෙනා රත්න හාල්.මුදලාලී.ගත්ත කෙනා සජී බබා ?

:       1       106

Truth Friday, 10 January 2025 11:04 AM

අන්ටිජන් විකුනලා හොයා ගත්ත සල්ලි මදි වෙලාද තවත් සල්ලි ගත්තෙ මලක නමක් ඇති හාල් හදන මෝලගෙන් ?

:       61       43

අරවින්ද මොනරවිල Friday, 10 January 2025 11:13 AM

බාබර් මහත්තයා කොණ්ඩය කපන ගමන් හක්කේ දතකුත් ගලවලා තියෙන්නේ නිපූණ මුදලාලිගේ !

:       8       35

Jayasekara Friday, 10 January 2025 11:20 AM

ඕකුන්ට පුලුවන් ඕවා තමයි කරන්න... උන්ට රට හදන්න උවමනාවක් තිබ්බෙම නැහැ.. ඒකයි රට මාස 02 තුනකින් ගොඩගන්න අමාරු.."

:       4       55

Jayasekara Friday, 10 January 2025 11:23 AM

නමත් එක්කම දාන්නකෝ.. ඉවරයි නේ

:       0       46

Nimal Friday, 10 January 2025 11:32 AM

අනුර ජනාධිපති හැප්පෙන්නේ මෙවැනි අය එක්ක නේද? මුන් එක්ක කොහොමද රටක් හදන්නේ

:       22       67

Rashmi Friday, 10 January 2025 11:37 AM

නමක්, ගමක්, ස්ථානයක් වගේ හරි විස්තරයක් නැති ප්‍රවෘත්ති නිකන්ම නිකන් ගොසිප් විතරයි.

:       1       57

Kazi Shajahan Friday, 10 January 2025 12:01 PM

පොහොට්ටුව වැඩේ ඇනගන්න වගේ යන්නේ, මිනිස්සුන්ගෙන් සල්ලි අරගෙන බොරු කරලා....

:       47       30

Manju Friday, 10 January 2025 12:06 PM

මේ කියන ධනපතියා වැරැදිලාවත් මන්ත්‍රී ධුරයට ආවොත් ඉස්සෙල්ලාම කරන්නේ මොකක්ද? දීපු කෝටි 50 හොරකම් කරලා කොහොම හරි පාඩුව පියවාගන්න බලන එක. පහුගිය කාලේ වුණේම මේවගේ දේවල්...

:       4       69

Asintha Friday, 10 January 2025 12:25 PM

සහල් ව්‍යාපාරිකයෙක්ද?

:       0       33

යෝගා Friday, 10 January 2025 12:38 PM

කවුද කළුකඩ හාල් මෝලාට පොල්ල තිබ්බේ...? පුතාණෝද, මැද බණ්ඩාද? මොනවා වුණත් පුතාණෝගේ රෙදි ඉල්ලේ, මෝලාට හොඳම වැඩේ...

:       0       41

beau Friday, 10 January 2025 01:04 PM

හ්ම්, සල්ලි ගත් කෝටිපති ව්‍යාපාරිකයා.. අද දෙරණ මේ ගැන හොඳට දන්නවා ඇති නේද?

:       36       24

Punsiri Friday, 10 January 2025 01:46 PM

හාල් මුදලාලි, සමගි ජන බලවේගය...

:       1       32

sugath Friday, 10 January 2025 03:51 PM

ඔය මිනිසුන් දේශපාලනයට එන්ට පොර කන එකම හේතුව තමන්ගේ ව්‍යාපාර වැඩි දියුණු කර ගැනීම. මේ දේශපාලන සංස්කෘතිය රටින් අතුගා දැමීම ගැන සතුටුයි.

:       0       24

NEW Rathna Friday, 10 January 2025 03:52 PM

මෛත්‍රීපාල නේද මේ .මහමෝලෙක්නේ

:       14       7

ගමේ එකාලා Friday, 10 January 2025 05:50 PM

දේශපාලනේට එන්න ඔය තරම් කෑදර ඇයි? තමුන්ගේ බිස්නස් කරදරයක් නැතුව කරගෙන යන්න තියෙන වුවමනාවට වෙන්ඩැති.

:       2       10

පිටිගල මිලානෝ Friday, 10 January 2025 06:38 PM

පුද්ගලික ගුවන් යානයක් හිමි ප්‍රසිද්ධ හාල් කෑල්ලක්… නාඩු ඩඩ්ලියා නෙවෙයි… මෙයා ඊට වඩා පෝසත්….

:       0       12

Hasitha Friday, 10 January 2025 06:50 PM

සජිත් ප්‍රේමදාස ගොඩක් දේවල් වලට රැවටිලා තියෙනවා.

:       0       13

Sudelmi Saturday, 11 January 2025 12:53 AM

අතන සහල් සහ ෆොන්සේකා ගැටුම....

:       0       2

sam Saturday, 11 January 2025 06:36 AM

මෙයා තමයි මහා පරිමාණයෙන් සහල් හංගගෙන හිටියේ.. මේ වගේ අයට පාර්ලිමේන්තු එන්න දෙන්න එපා.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 

දියත

කෝටි දෙකක භාණ්ඩ ප්‍රවාහනය කළ දෙදෙනෙක් අත්අඩංගුවට
2025 ජනවාරි මස 11 110 0

ඉන්දියාවෙන් මෙරටට මුහුදු මගින් නීතී විරෝධී ලෙසින් ප්‍රවාහනය කරණ ලද,රුපියල් කෝටි දෙකකට වැඩි වටිනාකමකින් යුතු භාණ්ඩ තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි


හොර පාරෙන් ජර්මනි යන්න ගියා ලාංකිකයා අල්ලයි
2025 ජනවාරි මස 11 140 0

කූට ලෙස සකස් කළ ජර්මානු වීසා බලපත්‍රයක් උපයෝගී කර ගෙන , ජර්මනිය වෙත පළා යාමට තැත් කළ ශ්‍රී ලාංකික තරුණයෙකු අද (11) උදෑසන කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන ද


කොරියා යවනවා කියා 70 ක ගෙන් මුදල් ගැරූ කත කොටු වෙයි
2025 ජනවාරි මස 11 140 0

E8 වීසා යටතේ කොරියාවේ කෘෂිකර්ම අංශයේ රැකියා සදහා යැවීමට පුද්ගලයින් 70 දෙනෙකුගෙන් මුදල් ලබා ගත් බලපත්‍රයක් නොමැති රැකියා නියෝජිත ආයතනයක් වටලා කාන්තාවක්


පොල් මෝලේ ආරක්ෂක මරා පඩි සල්ලි කොල්ල කාලා
2025 ජනවාරි මස 11 331 0

මුන්දලම බත්තුලුඔය ප්‍රදේශයේ ඩීසී පොල් නිෂ්පාදන ආයනයක ආරක්ෂා සේවයේ යෙදී සිටි ආරක්ෂක නිළධාරීයෙකු අද (11) ඝාතනය කර සේවකයින් හට ගෙවීමට කාර්යාලයේ තැන්පත් ක


ඉන්දියන් ජාතිකයෙකුගේ සිරුර සීදූවේ නිවාසක එල්ලෙයි
2025 ජනවාරි මස 11 581 0

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ සේවය කරමින් සිටි ඉන්දියන් ජාතිකයෙකුගේ සිරුර සීදූව ලියනගෙමුල්ලේ නිවාස සංකීර්ණයක එල්ලෙමින් තිබියදී අද (11) සොයා ගත් බව සීදුව


උසාවියට අරන්යද්දී පැන ගිය රැඳවියා යළි අත්අඩංගුවට
2025 ජනවාරි මස 11 469 0

අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා රැගෙන යමින් සිටියදී පලා ගොස් සැඟවී සිටි බොරැල්ල මැගසින් බන්ධනාගාරයේ රැඳවියකු ඊයේ (10) අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසි


මේවාටත් කැමතිවනු ඇති

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 116 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

HUTCH ශ්‍රී  ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී  ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි. 2024 දෙසැම්බර් මස 24 519 2
HUTCH ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ සමගින් ශ්‍රී ලාංකිකයන්ගේ බලාපොරොත්තු දල්වයි.

අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ

ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි 2024 දෙසැම්බර් මස 20 277 0
ඩෙන්ටා, සුන්දර සිනාවක් සහිත අනාගත පරපුරක් බිහි කිරීම වෙනුවෙන් කැප වෙයි

දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය

Our Group Site