(රෝෂන් තුෂාර)
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුවන්ද වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට අද (01) නියෝග කළේය.
රජයට පාඩු කරමින් හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී වාහන දෙසීයක් අතරින් මේ වන විට රජයට භාරදී ඇත්තේ වාහන විස්සක් පමණක් බවට අල්ලස් දූෂණ විමර්ශන කොමිසමේ රහසිගත බුද්ධි විමර්ශන ඒකකය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එසේ නියෝග කළේය.
ඊයේ මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී රහසිගත බුද්ධි ඒකකය අත් අඩංගුවට ගන්නා ලද රුපියල් කෝටි හයකට අධික වටිනාකමින් යුත් මිට්සුබිසි වර්ගයේ ජීප් රථයක් අධිකරණයට ඉදිරිපත් කළේය.
මෙම ජිප් රථය එච්.එල්.කේ පරකැටැල්ල නැමැති පුද්ගලයා සතුව තිබී අත්අඩංගුවට ගත් බවත්,අදාල ජීප් රථය වහා රජයට බාර දෙන ලෙසට සැප්තැම්බර් මස 18 වෙනි දින අධිකරණය මගින් නියෝග නිකුත් කර තිබුණද රථ හිමියා විසින් අදාළ රථය සඟවා තිබියදී අත්අඩංගුවට ගත් බව කොමිසම අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.රථ හිමියාට අධිකරණය මගින් වරෙන්තු නිකුත් කිරීමෙන් අනතුරුව ඔහු සතුව තිබූ රථය අත්අඩංගුවට ගත් බවත් පැවසීය.
කොමිසම ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා රථ අත්අඩංගුවට ගැනීම මෙන්ම එලෙස රජයට පාඩු කළ සැකකරුවන් ද වහා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම කොමිසම සතු වගකීම බව පෙන්වා දෙමින් සැකකරුවන්ද අත්අඩංගුවට ගන්නා ලෙසට නියෝග කළේය.
2015 වර්ෂයෙන් පසුව සුඛෝපභෝගී ජීප් රථ හා වාහන ශ්‍රී ලංකා රේගුවට හොර රහසේ ආනයනය කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ දත්ත පද්ධතියට ව්‍යාජ තොරතුරු ඇතුළත් කරමින් 2005 ට පෙර ආනයනය කළ සාමාන්‍ය රථ වාහන ලෙස ලියාපදිංචි කර ඇති සුඛෝපභෝගී වාහන දෙසීයක්(200) අත්අඩංගුවට ගැනීමට අල්ලස් කොමිසම මගින් විමර්ශන සිදු කරන අතර එම වාහන වහාම රජයට භාර දෙන ලෙසට මහේස්ත්‍රාත් අධිකරණය මගින් නිකුත් කළ නියෝග ප්‍රකාරව මෙම සුඛෝපභෝගී ජීප් රථය ඊයේ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළේය.
පැමිණිල්ලේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අදාළ රථය නිත්‍යානුකුලව ක්‍රියාදාම කිරීමට ශ්‍රී ලංකා රේගුවට භාර දෙන ලෙසට නියෝග කරමින් සෙසු වාහන සම්බන්ධයෙන් විමර්ශන ප්‍රගතිය ලබන එකොළොස්වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන
මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස
රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම
රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය