(ජේ.ඉඳුරුවගේ)
ලංකා ලුණු සමාගමේ බුන්දල සහ පලටුපාන ලුනු ලේවායන්හි නිෂ්පාදිත රුපියල් 93,269,919 ක වටිනාකමකින් යුත් මෙට්‍රික් ටොන් 2402 ක පමණ ලුණු තොගයක් වසර ගණනාවක් තිස්සේ තත්වයෙන් බාලවීමට හා දියවී විනාශ වී යාමට ඉඩහැර තිබූ බව ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.
බුන්දල ලේවායේ 2023 දී නිපදවා නිසි කලට ආවරණය කර නොතිබූ රුපියල් 65,425,279 ක් වටිනා ලුණු මෙට්‍රික් ටොන් 1816.19 ක් හානියට පත්ව තිබූ බව විගණනය මගින් පෙන්වාදී තිබේ.
පලටුපාන ලේවායේ රුපියල් 520,640 ක් වටිනා ලුණු මෙට්‍රික් ටොන් 16.27 ක් වසර තුනක් තිස්සේ වේදිකාවක තැන්පත් කර තිබීම නිසා පැහැය වෙනස් වී දියවෙමින් පැවති බවද, 2022 නිපදවූ රුපියල් 27,324,000 වටිනා සුපර් ග්‍රේඩ් වර්ගයේ ලුණු මෙට්‍රික් ටොන් 569.25 ක් ඒවා ආවරණය කර තිබියදී දිරාපත්වු පොලිතීන් හා පොල් අතු සමග මිශ්‍රවී දියවෙමින් හා තත්වයෙන් බාලවී තිබුණු බවද විගණන කාර්යාලය සඳහන් කරයි.
2023 වසරට අදාලව ලුණු සමාගම සම්බන්ධයෙන් නොබෝදා නිකුත් කරන ලද විගණන වාර්තාවේ සමාගමේ මෙහෙයුම් අකාර්යක්ෂමතා යටතේ සඳහන් කර තිබු මෙම විගණන
නිරීක්ෂණ සම්බන්ධයෙන් ලුනු සමාගම විසින් විගණනය වෙත අදහස් දැක්වීමක්ද කර නැත.
ආයුර්වේද ඖෂධ මෙන්ම ආයුර්වේද රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ සියලු නිෂ්පාදන සහ අමුද්‍රව්‍ය කෙරෙහි දැඩි ලෙස අවධානය යොමුකර නියාමනය කරන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අම
’මන්නා පිහි’, ’කිනිසි’ අතැතිව රාත්‍රී කාලයේ සම්බාහන මධ්‍යස්ථානයකට අයුතු ලෙස ඇතුළු වූ පුද්ගලයන් හතර දෙනකු එහි කළමනාකාරවරයා ගේ බෙල්ලට මන්නා පිහියක් තබ
කල්පිටිය කුරුඥම් පිටිය ආසන්නයේ පිහිටි සුළං කණුවක එක් තටුවක් කැඩී අසළ පිහිටි ගබඩාවක වහළය මතට කඩා වැටීමෙන් එම වහලයේ සෙවිලි තහඩු කිහිපයකට අලාභ හානී සිද
ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ පළමු ශ්‍රී ලාංකික සභාපතිවරයා වන දේශමාන්‍ය කෙන් බාලේන්ද්‍ර මහතා අභාවප්‍රාප්ත විය.
හිනිදුම පනංගල නවාතැන් පොලක ඉකුත්දා සිදුවු ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් සැකපිට තවලම ප්‍රාදේශිය සභාවේ හිටපු සභිකයෙකු අද (03) අලුයම අත් අඩංගුවට ගත් බව ගාල්
වැලිකන්ද නාගස්තැන්න ප්‍රදේශයේ තම ගෙවත්තේ නිදන් වස්තු සොයා කැණීම් කරමින් සිටි සිවිල් ආරක්ෂක නිලධාරියකු, සහ ඔහුගේ සොයුරෙකු, කැනීම් කිරීමට යොදාගත් උපකර
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කෝටි ගණනක ලුණු විනාශවෙන්න ඇරලා
අකිල Monday, 03 February 2025 09:14 AM
සීයාගේ කාලේ නාස්තිකාර වැඩ
ජයනාත් Monday, 03 February 2025 09:25 AM
අකාර්යක්ෂම නිලධාරීන් සෑම ආයතනයකිනම ඉවත් කිරිමට කටයුතු කරන්න .
Bunny Preena Monday, 03 February 2025 09:34 AM
මේවාට වගකිව යුතු නිලධාරීන්ට විරුද්ධව නීති මාර්ගයෙන් කටයුතු කර වැරදි නම් දඬුවම් ලබාදී එම පාඩුව ඔවුන්ගෙන් පියවා ගත යුතුයි
maalaka Monday, 03 February 2025 09:46 AM
මේ විනාශය පටන් ගත්තේ බැසිල්... රට වට කොට මුහුද තියන ඒත් ලුණු පිට රටින් ගේන එකම දුපත මේක වෙන්න ඇති
fairoos Monday, 03 February 2025 10:54 AM
අලුත් ආණ්ඩුවෙන් මේවට වගකියන්නන් හොයලා දඬුවම් කරේ නැතිනම් මේවා හදන්න බෑ.