(ටී.කේ.ජී.කපිල)
රුපියල් කෝටි දෙකක් පමණ වටිනා " කුෂ් " මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරිකයන් සදහා වූ " රක්ත මාවත " (Red Channel) ඔස්සේ පැමිණි , ව්‍යාපාරික ගුවන් මගියෙකු සහ ඔහු රැගෙන යාමට පැමිණි පුද්ගලයෙකු ඊයේ (31) දින පස්වරුවේ ගුවන් තොටුපොළෙන් පිට වී යමින් සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ.
මොහු හංවැල්ල ප්‍රදේශයේ පදිංචි නිතර නිතර ගුවන් ගමන් වල නිරත වෙමින් , කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ විදේශීය නිෂ්පාදිත භාණ්ඩ මෙරටට රැගෙන විත් අලෙවි කිරීමේ නිරත 36 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .
ඔහු තායිලන්තයේ බැංකොක් නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 403 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ දහවල් 11.15 ට පැමිණ තිබුණි .
ඉන්පසු ඔහු කටුනායක ගුවන් තොටුපොළ තීරු බදු රහිත සාප්පු සංකීර්ණය වෙත ගොස් තවත් භාණ්ඩ තොගයක් ද මිළට ගෙන තිබේ .
ඇමෙරිකානු ඩොලර් 100 ට වැඩි වටිනාකමකින් යුතු භාණ්ඩ කටුනායක ගුවන් තොටුපොළ ඔස්සේ රැගෙන එන ව්‍යාපාරිකයන් , ගුවන් තොටුපොළ රේගු පරිශ්‍රයේ පිහිටි '' රක්ත මාවත " ඔස්සේ පැමිණ , එහි සේවයේ නිරත රේගු නිලධාරීන් හමුවේ ප්‍රකාශ කළ යුතුය .
පසුව ඒ සියල්ල නිමා කළ මොහු ගුවන් තොටුපොළෙන් පිට වී යමින් සිටියදී , පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර තිබුණි .
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ කිලෝ ග්‍රෑම් 02 ක බරකින් යුතු "කුෂ්" මත්ද්‍රව්‍ය තොගය සගවා ගෙන තිබූ අතර , මෙම ව්‍යාපාරිකයා ගුවන් තොටුපොළේ සිට රැගෙන යාම සදහා පැමිණ සිටි උඩුගම්පොළ ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි පුද්ගලයෙකු ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
ඊට අමතරව ගුවන් තොටුපොළ "රක්ත මාවත" රේගු නිලධාරීවරයෙකු පිළිබඳ ද පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් විමර්ශන කටයුතු සිදු කරමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.
කුරුඳු වත්ත ධර්මපාල මාවත ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 1 ක් සහ ග්‍රෑම් 190 ක්සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු ඊයේ (31) අත්අඩංගුවට ගත් බව කුරුඳු වත්ත පො
රුපියල් කෝටි දෙකක් පමණ වටිනා ’’ කුෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළ ව්‍යාපාරිකයන් සදහා වූ ’’ රක්ත මාවත
ජාතික තරුණසේවා සභාවේ සභාපති චින්තක දර්ශන හේවාපතිරණ මහතාත් සිය ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ.
වාහන ආනයනය කිරීම සඳහා පනවා තිබූ සීමා අද(01) සිට බලපැවැත්වෙන පරිදි අදියර 3 යටතේ කොන්දේසි සහිතව ඉවත් කරනු ලැබූ අතර වාහන ආනයනය කිරීමේදී ඊට අදාළව කොන්දේසි 9 ක්
වාහන ආනයන සීමා ඉවත් කිරීමේ තෙවන අදියර යටතේ මෝටර් රථ, විදුලි මෝටර් රථ සහ දෙමුහුම් මෝටර් රථ සඳහා වන ආනයන සීමා කොන්දේසි සහිතව අද (01) සිට ඉවත් කරමින් මුදල් අමා
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
කෝටි දෙකක කුෂ් කටුනායකින් පන්නන්න බැරි වෙයි