IMG-LOGO

2025 මාර්තු මස 18 වන අඟහරුවාදා


කෝටි 12 ක සිගරැට් රේගු දැලේ

(යොහාන් භාසුර)

නීති විරෝධීව මෙරටට ගෙන එන ලද රුපියල් කෝටි 12 කට අධික වටිනාකමින් යුත් විදේශ සිගරැට් බන්ඩල 713,000 ක තොගයක් කොළඹ වරායේ ගබඩාවක තිබී සොයාගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, අතිරේක රේගුව අධ්‍යක්ෂ ජනරාල් සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

ශ්‍රී ලංකා රේගු ආදායම් කාර්ය සාධක බලකායේ නිලධාරීන් කොළඹ වරාය පරිශ්‍රයේ ගබඩාවක කළ පරීක්ෂාවකදී මෙම සිගරට් තොගය අත්අඩංගුවට ගෙන තිබේ.

 එහි ලෝකයේ නම් දැරූ සන්නාමයක සිගරට් බන්ඩල  713,000 ක සිගරැට් කෝටි 3565 ක් තිබූ බවත් ඒ මහතා කීය. 
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පාදුක්ක ප්‍රදේශයේ සමාගමකට ආනයනය කළ මිලිමීටර 5 ක කුහර සහ රැලි සහිත තහඩු පැලට් 5 ක් තුළ සඟවා තිබියදී මෙම සිගරැට්  තොගය සොයා ගෙන ඇත.

එම  සිගරට් වල ඇස්තමේන්තුගත වටිනාකම රුපියල් 124,019,554 ක් වන අතර මෙම සිගරැට් තොගය කිසියම් ක්‍රමයකින් වරායෙන් පිට කළේ නම් රජයට රුපියල් 107,985,621 ක බදු ආදායමක් අහිමිවන බවත් සීවලී අරුක්ගොඩ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. 



අදහස් (2)

කෝටි 12 ක සිගරැට් රේගු දැලේ

Saman Tuesday, 18 March 2025 09:22 AM

සිගරට් කෝටි 3,563 ක් අහු වුණා කියන්නේ, එක සිගරට් එකක් රුපියලක් වුණත් එතනම කෝටි 3,563 ක් නේ.. එතකොට කෝටි 12 ක සිගරට් අහු වෙලා කිව්වේ

:       2       2

බටලන්දේ ප්‍රේමවතී Tuesday, 18 March 2025 09:46 AM

අදාල පුද්ගලයන්ට හරියට කොටස නොගියම ඕක වෙනවා.

:       0       12

ඔබේ අදහස් එවන්න

 

දියත

ව්‍යවසායකත්වය පාසල් විෂය නිර්දේශයට
2025 මාර්තු මස 18 12 0

ලංකාවේ ව්‍යවසායකත්ව උන්මාදයක් ඇති කරන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.


වැඩිම ඡන්ද දායකයන් ගම්පහින්
2025 මාර්තු මස 18 12 0

මෙවර පළාත් පාලන මැතිවරණයේ දී වැඩිම ඡන්ද දායකයන් සංඛ්‍යාවක් සුදුසුකම් ලබා ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බව ගම්පහ නියෝජ්‍ය මැතිවණ කොමසාරිස් රවීන්ද්‍


මැතිසබයට අලුත් ආංශික කමිටු 7ක්
2025 මාර්තු මස 18 71 0

දසවැනි පාර්ලිමේන්තුව සඳහා ආංශික අධීක්ෂණ කාරක සභා හතක් ස්ථාපිත කිරීමට ගෙන ආ යෝජනාවට පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය.


රෝගීන් බිල්ලට තබා කරන වැඩ වර්ජන අන්ත අසාධාරණයි
2025 මාර්තු මස 18 216 0

සාධාරණ වැටුප් වැඩිවීමක්දී තිබියදී පරිපූරක සහ අතුරු වෛද්‍ය සේවා කණ්ඩායම් රෝගීන් බිල්ලට තබා කරන වැඩ වර්ජනය අන්ත අසාධාරණ බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින


පොහොර සහනාධාර හොරා කාලා
2025 මාර්තු මස 18 189 0

අනුරාධපුර දිස්ත්‍රික්කයේ ගොවීන් 155 දෙනකුගේ පොහොර සහනාධාර මුදල් රුපියල් විසිනව ලක්ෂ තිස් හතර දහස් තුන්සිය දහයක් සොරකම් කර ඇතැයි කෘෂිකර්ම සහ පශු සම්පත


ජනපති බස්නාහිර පොලිස් ලොක්කන් කැඳවයි
2025 මාර්තු මස 18 829 2

සංවිධානාත්මක අපරාධ ක්‍රියාකාරකම් හා මත්ද්‍රව්‍ය ව්‍යසනය පිටුදැකීමට අවශ්‍ය නව නීති සම්පාදනයට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා බස්නා


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 387 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 884 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 325 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site