(රෝෂන් තුෂාර)
ආයෝජනය කර ප්‍රතිලාභ ලබා දෙන බවට පවසා ජනතා මුදල් රැස්කර රුපියල් කෝටි 200කට අධික මුදලක් වංචා කර ඉන්දියාවට පලා ගොස් සිටියදී යළි මෙරටට පිටුවහල් කළ මරදානේ අඹු සැමි යුවල ලබන 06 දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා අද(27) නියෝග කළේය.
කොළඹ කොටුව, ත්‍රිකුණාමලය හා මඩකලපුව මහේස්ත්‍රාත් අධිකරණ මගින් විවෘත වරෙන්තු අටක් හා රතු වරෙන්තු ලබා ඉන්දියාවේ වෙරළ ආරක්ෂක පොලිසියේ අත්අඩංගුවට පත්ව මෙරට පිටුවහල් කර ඇති අහමඩ් ශරීප් මොහොමඩ් ශිහාබ් හා ඔහුගේ බිරිඳ වන ප්‍රාතිමා පර්ෂානා මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළ අතිරේක මහේස්ත්‍රාත්වරයා ඔවුන්ගේ 14 හැවිරිදි බාල වයස්කාර පිරිමි දරුවා පරිවාස නිලධාරීන්ගේ අධීක්ෂණයද සහිතව මිත්තණියට භාර දෙන ලෙසටද නියෝග කළේය.
පෙරේදා(26) දින ගුවන්තොටුපොල පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාරදුන් සැකකරුවන් ඊයේ රහස් පොලිසිය මගින් මහේස්ත්‍රාත්වරයා හමුවට යොමු කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කර සිටියේ සැකකරුවන් 2021 වසරේ මෙරටින් පලා ගොස් ඇති බවය.
සැකකරුවන්ට එරෙහිව කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ මුදල් වංචා නඩු අටක් පවතින බවත්,එම අධිකරණයෙන් හා සැකකරුවන්ට එරෙහිව විමර්ශන සිදු කරන දිවයිනේ සෙසු අධිකරණවලින් විවෘත වරෙන්තු නිකුත් කර ඇති බවද සඳහන් කළේය.
කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේ සැකකරුවන්ට එරෙහිව මුදල් විසුද්ධීකරණ පනත ප්‍රකාරව පැමිණිල්ලක් විභාග කරන බවත් එම පැමිණිල්ල අපරාධ නඩු විධාන සංග්‍රහයේ 192 වගන්තිය යටතේ විත්තිකරුවන් නොමැතිව විමර්ශනය සිදු කරන බවත් පෙන්වා දුන්නේය.ග්ලෝබල් නමැති පුද්ගලික සමාගමක් පවත්වාගෙන යමින් ජනතා මුදල් කෝටි ගණනින් බාරගෙන වංචා කිරීමට එරෙහිව හා නීති විරෝධී අයුරින් මුදල් රැස්කිරීම සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන බව පොලිසිය සඳහන් කළේය.
සැකකරුවන් වෙනුවෙන් නීතිඥ රුචිර දේවප්‍රිය මහතා පෙනී සිටි අතර සැකකරුවන් සම්බන්ධයෙන් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ යුතු හෙයින් ,බාල වයස්කාර දරුවා මිත්තනියට භාරගත හැකි බව සඳහන් කළේය.
දෙපාර්ශවය කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන හයවෙනි දින කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කරමින් එතෙක් රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
හයිලිවෙල් මාර්ගයේ පන්නිපිටිය ප්‍රදේශයේදී යතුරු පැදියක් නවතා තිබූ බහාලුම් (කන්ටේනර්) රථයක ගැටී ඊයේ (27) රාත්‍රියේ සිදුවූ අනතුරින් බරපතල තුවාල ලැබූ යතුර
කොලොන්නාව තෙල් ගබඩා සංකීර්ණයේ සිට රැගෙන එන ඉන්ධන පිරවු බවුසර් රථවල මුද්‍රා නොකඩා ඉතා සූක්‍ෂම අයුරින් ඉන්ධන සොරා ගෙන ඒවා අලෙවි කිරීමේ ජාවාරමක නිරත වූ බ
පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් වැරදි ආකාරයට ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් අපරාධ පරී
නාගරික සංවර්ධන අධිකාරියෙන් ව්‍යාපාරිකයකුට හිමිවිය යුතු රුපියල් කෝටි 11ක වන්දියක කොටසක් ලබා ගැනීමේ කටයුතු කරදීම සඳහා රුපියල් ලක්ෂ අනූවක අල්ලසක් ලබා ග
තම අනියම් බිරිඳ තවකකු හා සබඳතාවයක් පවත්වා ගෙන යන බවට සැකයෙන් ඇතිවූ බහින් බස්වීමක් දුර දිග යාමෙන් අනතුරුව බිරිඳට සහ ඇයගේ දරු දෙදෙනාට වක් පිහියකින් ප්
උතුරු - මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයේත් වැසි වාර කීපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
අසිරිමත් නත්තල් සිරියෙන් රටම ආලෝකමත් වූ මොහොතේ මෙරට ප්‍රමුඛතම ජංගම දුරකථන සේවා සම්පාදන සමාගමක් වන HUTCH විසින් ශ්‍රී ලංකාවේ උසම නත්තල් කුළුණ නිර්මාණය කළ
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’ සිය සුවිශේෂී ‘වැඩෙන සිනහවට ඩෙන්ටල් සත්කාරය
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
කෝටි 200ක් වංචා කළ අඹු සැමි යුවල රිමාන්ඩ්