(ටී.කේ.ජී.කපිල )
රුපියල් කෝටි විසි පහක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් , තේ කොළ අඩංගු පැකට් තුළ සගවා ගෙන රැගෙන ආ ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් විසින් ඊයේ (18) රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබේ .
මොහු කොළඹ , දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි ව්‍යාපාරිකයෙකි .
ඔහු මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවර සිට මැලේසියානු ගුවන් සේවයේ එම්.එච්.- 179 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත ඊයේ රාත්‍රී 11.30 ට පැමිණ තිබුණි .
මෙසේ පැමිණි මෙම පුද්ගලයා , කටුනායක ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති හරීත මාවත (Green Channel) ඔස්සේ ගුවන් තොටුපොළෙන් පිටතට යාමට තැත් කරමින් සිටිය දී රේගු නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
ඔහු විසින් රැගෙන ආ ගමන් මලු තුළ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 10 යි ග්‍රෑම් 179 ක ප්‍රමාණයක් , තේ කොළ අඩංගු පැකට් තුළ සගවා ගෙන තිබියදී රේගු නිලධාරීන් විසින් සොයා ගෙන තිබුණි .
අත් අඩංගුවට ගත් අයිස් මත්ද්‍රව්‍ය තොගය සහ ඒවා රැගෙන ආ ගුවන් මගියා , මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශය වෙත භාර දීමට පියවර ගෙන තිබේ .
තම වරප්‍රසාද කප්පාදුවට එරෙහිව හඬ නැගීමට හිටපු ජනපතිවරුන්ගේ මූලිකත්වයෙන් පෙරමුණක් පිහිටුවා ගැනීමට අවධානය යොමුවී ඇත.
පළමු පන්තියට ඇතුළත් වන සිසුන්ගෙන් එක් ලක්ෂ විසි හත්දහස් පන්සීයකට ආසන්න ප්‍රමාණයක් අපොස උසස් පෙළ විභාගයට පෙර පාසල් හැර යන බව ලංකාවේ පාසල් සිසුන් පිළිබ
කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ 11 අදියරේ පිහිටි ඇගලුම් කර්මාන්තශාලාවක සේවක සේවිකාවන් පිරිසක් අද සිය උදෑසන ආහාර ගැනීමෙන් පසුව රෝගී තත්වයකට ලක් වීම නිසා මී
ජංගම දුරකථනයක බැටරිය ගලවා පරික්ෂා කරද්දී එය හදිසියේම පුපුරා යන අයුරු වෙලදසැලේ සවි කර තිබු ආරක්ෂිත කැමරාවේ සටහන් වි තිබුණි.
වන අලි රංචුවක් ගැටීමෙන් ඉන්ධන දුම්රියක් පීලි පැනීම හේතුවෙන් ඇනහිට තිබූ කොළඹ - මඩකලපුව දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය අද (19) දහවල් වනවිට යථා තත්ත්වයට පත්
රුපියල් කෝටි විසි පහක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් , තේ කොළ අඩංගු පැකට් තුළ සගවා ගෙන රැගෙන ආ ගුවන් මගියෙකු කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන්
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
කෝටි 25ක අයිස් කටුනායකදී මාට්ටු
Pujitha Saturday, 19 October 2024 01:03 PM
බය නැතිව මෙච්චර තොගයක් ari port එකෙන් ගේන්න මොන ඇමැතිගේ හයියටද? කාගේ හරි ඇමැති කෙනෙකුගේ support එකක් ඇති...!