IMG-LOGO

2024 නොවැම්බර් මස 27 වන බදාදා


කෝටි 9කින් එළුවන් 23 ක් බිහිකළ එළු අභිජනන ව්‍යාපෘතියක්

( ජේ.ඉඳුරුවගේ) 

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව මගින්     රුපියල්  91,970,290 ක් වැයකර  ක්‍රියාත්මක  කළ  බ්‍රෝයර් වර්ගයේ එළුවන් 250 ක් අභිජනනය කර ක්ෂේත්‍ර ගත කිරීමේ  පස් අවුරුදු  ව්‍යාපෘතියකින් එළුවන් 23 දෙනෙකු පමණක් අභිජනනය කිරීමේ සිද්ධියක් ජාතික විගණන කාර්යාලය අනාවරණය කරයි.

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය  දෙපාර්තමේන්තුවට අයත් ඉඹුල්දණ්ඩ එළු අභිජනන මධ්‍යස්ථානයේ  2019 දී අරඹා  ඉකුත් වසර අවසානයේ  අවසන්වු  මෙම  ව්‍යාපෘතියෙන් වසරකට 50 බැගින්  එළුවන් 250 ක් අභිජනනය කිරීම  අරමුණවූ බව   විගණන කාර්යාලය සඳහන් කරයි.

එහෙත් මෙසේ  එළුවන් 23 ක් පමණක් අභිජනනය කර     රුපියල් 2 ,362,442 ක ආදායමක් උපයා තිබීමෙන්  ව්‍යාපෘතියේ අරමුණ ඉටුව නැතැයි  මේ සම්බන්ධයෙන් නිකුත් කළ විගණන වාර්තාවේ සඳහන්වේ. 

අභිජනනයට යොදාගත්  ආනයනික එළුවන් තුළ  නිරෝධායන කාලයේ  බී.ටී සහ සී.ඒ.ඊ.ප්‍රතිදේහ  තිබූ බැවින් එළුවන්  අභිජනනය කර ක්ෂේත්‍ර ගත කිරීම නතරකළ බව දෙපාර්තමේන්තුවේ ගණන්දීමේ නිලධාරියා  විගණන‍‍යට දැනුම් දී තිබේ.

  විගණනයෙන් අනාවරණයවූ   මෙම දත්ත අනුව ව්‍යාපෘතියට වැය කළ මුදලෙන් ලැබුනු ආදායම අඩුකළවිට ඉතිරි මුදල හා  අභිජනනය කළ එළුවන් සංඛ්‍යාව  සැසඳීමේදී එම එක් එළුවෙක් වෙනුවෙන් රුපියල් 3,895 ,993 ක් වැයවී ඇති බව පෙනී යයි.

 



අදහස් (1)

කෝටි 9කින් එළුවන් 23 ක් බිහිකළ එළු අභිජනන ව්‍යාපෘතියක්

පිටරටවැසියා Wednesday, 27 November 2024 10:30 AM

දශක හතක සාපය කියන්නෙ නිකං නෙමෙයි... ඔය මුදල් වැයකරලා තව බත්කන හරක් ටිකක් බිහිකෙරුවනම්, මෑත ඉතිහාසයේ රටකාපු හැතිකරේට ඡන්ද ටිකක් හරි ගන්න තිබුණා...

:       0       7

ඔබේ අදහස් එවන්න

දියත

වැස්ස
2024 නොවැම්බර් මස 27 1 0

පවතින අධික වැසි හේතුවෙන් වැව් විශාල ප්‍රමාණයක් වාන් දමමින් පවතින අතර ප්‍රධාන ජලාශ බොහෝමයකද වාන් දොරටු හැර තිබේ.


බී ලූනූ සොරාගත් ලොරි රියදුරු- සහායක ඇතුළු 12ක් මාට්ටු
2024 නොවැම්බර් මස 27 73 0

ලොරියකින් ප්‍රවාහනය කරමින් තිබූ රුපියල් ලක්ෂ 6 කට ආසන්න වටිනා බී ලූනූ තොගයක් සොරාගත් එම ලොරියේ රියදුරු , සහයකයා ඇතුළු 12 දෙනෙකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව ප


බෝවතැන්න ගලයි:ගම් තුනක් තනිවෙයි
2024 නොවැම්බර් මස 27 53 0

නාවුල බෝවතැන්න ජලාශයේ වාන්දොරටු හයක් අඩි දෙක බැගින් විවෘත කිරීම හේතුවෙන් අඹන් ගඟ දෙපස ගම්මාන 09 ක ජනතාවට දින දෙකක සිට ගමනා ගමන කටයුතු සහ ගමෙන් පිටවීමට න


බඹරු ඇන 18 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 27 34 0

කිතුල් ගසක බැද තිබූ බඹර කූඩුවකට උකුස්සෙකු පහරදීම හේතුවෙන් කුඩුව ඇවිස්සීමෙන් පසු බඹර ප්‍රහාරයට ලක්ව පුද්ගලයන් 18 දෙනෙකු පමණ තුවාල ලබා පිඹුර රෝහලට ඇතුළු


‘ග්ලේන්ෆෝල්‘ ඇල්ල නාය යයි
2024 නොවැම්බර් මස 27 429 0

පවතින අධික වර්ෂාව හේතුවෙන් නුවරඑළිය නගරය සමීපයේ පිහිටි ග්ලේන්ෆෝල් දියඇල්ලේ පහළ ප්‍රදේශයේ කොටසක් නායයෑමකට ලක්ව තිබේ.


ජලාශ බාර නිලධරයන්ගේ නිවාඩු අවලංගු කරයි
2024 නොවැම්බර් මස 27 249 0

වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ හා මහවැලි අධිකාරියේ ජලාශ භාර ඉන්ජිනේරුවරුන් හා තාක්ෂණික නිලධාරීන් තම සේවා ස්ථානවල රැඳී සිටිය යුතු බව කෘෂිකර්ම, පශු සම්පත්,


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 556 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 758 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2128 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site