(ක්‍රිෂාන්ත බාලසූරිය)
කහටගස්දිගිලිය කෝන්වැව සහ පඬරැල්ලෑව ගම්මානයට නිරන්තරයෙන් වන අලින්ගේ ග්‍රාහනය හේතුවෙන් ගම්වාසීහු දැඩි ජීවිත තර්ජනයකට ලක්ව සිටිති.
කොක්එබේ රක්ෂිතය නිරන්තරයෙන් සැරිසරන වනඅලි මෙලෙස මෙම ගම්මානයට කඩා වැදී පොල්, අඹ කෙසෙල්, ආදී ස්ථිර බෝග මෙන්ම කොමඩු පැකිරි පිපිඤ්ඤා වැනි ගොඩ භෝග වගාවන් විනාශ කරමින් මෙම ගම්මානයේ ජන ජීවිතයට දැඩි පීඩා එල්ල කර ඇති බව ගම්වාසීන් පෙන්වා දෙති.
ගම්මානයට පිවිසීමට ඇති මාර්ගයේ දුෂ්කරතාවයට දෙවෙනි නොවන පරිදි නිරන්තරයෙන් ගම්මානයේ සැරි සරන වන අලින් හේතුවෙන් රෑ බොහෝ වෙන විට තම පුද්ගලික අවශ්‍යතාවක් සපුරා ගැනීමට තරම්මත් නිවසින් එළියට බැසීමට නොහැකි බව ජනතාව පෙන්වා දෙති.
පසුගිය කාලයේ රජය මැදිහත්වීම මත ඉදි වූ විදුලි වැටක් තිබුණද , එම විදුලි වැට නිසි පරිදි ක්‍රියාත්මක නොවීම හේතුවෙන් වැට බිඳගෙන නිරන්තරයෙන් ගම් වදින වන අලි පලවා හැරීමට තමන් සතු කිසිදු ක්‍රමවේදයක් නොමැති වීම කණගාටුදායක කරුණක් බවයි.
පඩරැල්ලාව,ගම්මානයට අමතරව කොක්එබේ, පංවැල්ල,දැකැතිපොතාන, කිඹුල්පැටියාව,දෙමටවැව ජනතාව ද රෑ දවල් නොබලා ගම්බදින වන අලි හේතුවෙන් දැඩි ලෙස අපහසුතාවයට ලක්ව ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසති.
වසර ගණනාවක සිට , ලිඛිත සහ වාචිකව තමන් මෙම තත්වය පිළිබඳව වගකීතු රාජ්‍ය නිලධාරීන්ට කොතකුත් දැනුවත් කළ ද මේ දක්වා තම ගැටළුවට සාධාරණ කිසිදු විකල්පයක් ලබා නොදුන් බව ගම්වාසීහු පෙන්වා දෙති.,
පක්ස පාට බේදයකින් තොර සමස්ථ දේශපාලන අධිකාරිට චෝදනා කරන්නේ ඒ ඒ කාලයට පමණක් , තම ගැටලුව දඩ මීමා කරගෙන ,මනාපය ගැනීමට ,පමණක් අදිටනින් කටයුතු කළා හැර තම වටිනා මනාපය ලබාගත් ඡන්ද දායකයාට කිසිදු සාධාරණයක් මෙතෙක් ඉටුකරන්න සමත්ව නැති බව ඔවුහු පෙන්වා දෙති.
2023/ 2024 තක්සේරු වර්ෂය සඳහා ආදායම් බදු ගෙවිය යුතු සෑම තැනැත්තෙක්ම එම තක්සේරු වර්ෂය සඳහා ගෙවිය යුතු සියලුම ආදායම් බදු සැප්තැම්බර් 30 දිනට හෝ එදිනට පෙර ගෙවා අ
කොළඹ - මහනුවර මාර්ගයේ යක්කල නගරය ආසන්නයේදී සිදුව ඇති රිය අනතුරකින් යතුරු පැදියක ගමන් ගත් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව යක්කල පොලීසිය සඳහන් කරයි.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි
හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද
වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.
හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
කෝන්වැවට අලි තර්ජන නිමක් නෑ