(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සූදානම්ව නොපැමිණීම හේතුවෙන් රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව( කෝපා කමිටුව) එම නිලධාරීන්ට දැඩි ලෙස අප්‍රසාදය පළ කර රැස්වීමට සූදානම් වී නැවත පැමිණෙන ලෙස දැනුම්දී රැස්වීමේ කටයුතු අතරමග නතර කිරීමට කමිටුවේ සභාපති මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතා කටයුතු කළේය.
මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ 2020 2021 2022 හා 2023 වර්ෂ වල විගණකාධිපති වාර්තා සහ වර්තමාන කාර්ය සාධනය පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එම දෙපාර්තමේන්තුවේ ප්‍රධානිහු රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවට පසුගිය 10 වැනිදා කැඳවනු ලැබ සිටියහ.
රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව පසුගිය රැස්වීම්වලදී දුන් නියෝග ඉටුකිරීම සම්බන්ධයෙන් පළමුවෙන්ම මෙහිදී විමසා තිබිණ.
රේගු පරිගණක පද්ධතිය සමග සම්බන්ධ වීමට ප්‍රථම අනීතික වාහන ලියාපදිංචි කිරීම සම්බන්ධයෙන් තමා ඉදිරිපත් කළ කරුණු 25ක් පිළිබඳව කළ පරීක්ෂණ හා එම සිද්ධියට වග හේතු නිලධාරීන්ට විරුද්ධව ගත් විනය ක්‍රියාමාර්ග පිළිබඳව කාරක සභාවට වාර්තාවක් දිය යුතුව තිබූ බවත් එම වාර්තාව ලබාදී නොමැති බවත් විගණකාධිපතිවරයාමෙහිදී පෙන්වා දුන්නේය.
වාර්තාවක් ලබා දී ඇති බව මෙහිදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීහු දැනුම් දුන්හ.
එවැනි වාර්තාවක් තමාට ලැබී නැති බව විගණකාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.
මෙහිදී එසේ ලබා දුන්නේ යැයි පැවසුණු වාර්තාවේ පිටපතක් සභා ගත කෙරුණු අතර එම පිටපත සම්බන්ධයෙන් කිසිසේත්ම සෑහීමට පත්විය නොහැකි බව විගණකාධිපතිවරයා එහිදී යළිත් පැවසීය.
ගීත රචකයෙක්, මාධ්‍යවේදියෙක් හා කතුවරයෙක් වන සමන් අතාවුදහෙට්ටි ලියූ ’’සමන් කියයි 2’’ ඔහුගේ දියණිය වන තාරකා අතාවුදහෙට්ටි ලියූ ’’චොකොහොලික් හීන’’ සහ ඇය
පාරිභෝගිකයා මෙන්ම නිෂ්පාදකයාද ආරක්ෂා කර ගනිමින් ශ්‍රී ලංකාවේ ගුණාත්මක භාණ්ඩ හා සේවා සැපයුමක් සහතික කිරීමට අවශ්‍ය ප්‍රතිපත්තිමය වෙනස්කම් සහ ආයතන පද
අධික වර්ෂාව සමඟ ඉදිරියේදී මාතර දිස්ත්‍රික්කයේ ඇති විය හැකි ගංවතුර තත්ත්වය අවම කර ගැනීමට ගත හැකි සෑම පියවරක්ම ගන්නා ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික ස
ඉඩම් ගනුදෙනුවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාර ගතකර සිටින හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතා මහර බන්ධනාගාරයේ රෝහල් වාට්ටුවක රඳවා සිටින බව බන්ධනාගා
පාර්ලිමේන්තු මන්ත්‍රී සුගත් වසන්ත ද සිල්වා මහතා ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදයේ සභාපතිවරයා ලෙස පත් කරනු ලැබීය.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියක ලිංගික හිංසනයට ලක් කිරීමට විරෝධය පළකරමින් ඇරැඹු වර්ජනය අද(13) අවසන් කිරිමට පියවර ගත්බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංග
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
කෝපාවට ආ ’’ආර්.එම්.වී’’ ලොක්කන් ගෙදර යවයි