(යොහාන් භාසුර)
ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ තොරතුරු දත්ත ලක්ෂ 13 ක් ප්‍රධාන පද්ධති යෙදුමෙන් 2010 වසරේ සිට මකා දමා හෝ වෙනස්කර ඇති බවත් ඉන් වැඩි ප්‍රමාණයක් 2022 වසරේ ඉන්ධන අර්බුදය ඇති වූ අවස්ථාවේ කර ඇති බවත් වෝහාරික විගණනයකින් හෙළි වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා අද (15) පැවසීය.
ලංකා ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගමේ ඉන්ධන ගබඩා කිරීම සහ ඉන්ධන බෙදාහැරීම් සම්බන්ධයෙන් කේ.පී.එම්.ජී. ආයතනය කළ වෝහාරික විගණනයේ මූලික කරුණුවලින් මෙම තොරතුරු අනාවරණය වී ඇති බව ඒ මහතා කීය.
බලශක්ති අමාත්‍යවරයා ලෙස 2022 වසරේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කළ පැමිණිල්ලට අනුව එම දෙපාර්තමේන්තුව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශයට කළ දැනුම්දීමකට අනුව කේ.පී.එම්.ජී. ආයතනය සහ ලංකා තෙල් ගබඩා පර්යන්තයේ අභ්‍යන්තර විගණන අංශය මෙම විගණනය කළ බව ද අමාත්‍යවරයා පැවසීය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ල කිරීමෙන් පසුව 2023 වසර වන විට එම දත්ත මකා දැමීම් හෝ වෙනස් කිරීම් අඩුවී ඇති බවත් 2022 වසරේ ඉන්ධන තොග පවත්වාගෙන යාමේ සහ ගබඩා කිරීමේ අලාභය ලෙස රුපියල් කෝටි 2800 ක් ලෙස වාර්තා කර ඇති අතර එය 2023 වසර වන විට රුපියල් කෝටි 400 ක් දක්වා අඩුව ඇති බවත් ඒ මහතා කීය.
අ
බොහෝ හිටපු ඇමතිවරුන්ගේ කොළඹ බංගලාවල ආයතන රැසකට අයත් බඩුමුට්ටුවලින් පිරී තිබී සොයාගෙන ඇතැයි රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු අධිකරණ පළාත් සභා පළාත් පාලන
පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව
හිටපු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ නායකත්වයෙන් යුත් පොදුජන එක්සත් නිදහස් සන්ධානය ගෑස් සිලින්ඩරය ලකුණ යටතේ මහ මැතිවරණයට තරඟ කිරීමට එකඟතාවයට
ඉහළ වැට් බද්ද සහ ආදායම් බදු හේතුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමට රජය සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ න
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ්‍රී ලංකාවේ සම්බන්ධීකාරක මාර්ක් ඇන්ඩෘ ප්‍රාන්ස් (Marc-André Franche) මහතා අද (03) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහ
‘යුක්තිය මෙහෙයුම’ අතරතුර නීතිඥවරියගේ රියදුරෙකුගෙන් ප්‍රශ්න කර ඔහුට මාංචු දැමීම සම්බන්ධයෙන් මිගමුව පොලිසියේ නිලධාරී පිරිසක් අදාළ රියදුරාගෙන් ශ්‍ර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ඛනිජ තෙල් තොග පර්යන්තයේ දත්ත ලක්ෂ 13 ක් මකලා
Lankabarana Friday, 16 February 2024 09:32 AM
සෑම සතියකට වරක් නැත්නම් දෙසතියකට වරක් දත්ත පද්ධතියේ බැකප් එකක් අමාත්‍යාංශය වෙතට හා විගණකාධිපති වෙතට අරගෙන පරීක්ෂා කරන්න ගත්තොත් ඔය හොරකම් අඩුකරන්න පුළුවන් වෙනවා