IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


ඛනිජ තෙල් ලොක්කෙක් වාකරේදී බිමට වෙඩි තියලා

(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සුරියආරච්චි )

මඩකලපුව වාකරේ පුදුර් කදිරවේලි ප්‍රදේශයේ පිහිටි ඉඩමකදී පිරිසක් සමඟ ඇතිවූ ආරවුලක දි ලංකා ඛනිජ තෙල්  නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියකු වෙඩි තැබීමක් සිදුකර ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

වෙඩි තැබීමෙන් කිසිවකුටත් තුවාල සිදුවී නැත.

වෙඩි තැබීමට යොදාගෙන තිබූ පිස්තෝල ගිනි අවිය සහ ජීව උණ්ඩ දහයක් අඩංගු පතුරුම් ගැබ වාකරේ පොලිසිය මගින්  භාරයට ගෙන ඇත.

එම නිලධාරියා ඔහුගේ බිරිඳ සමඟ ඊයේ  (17) ඔහුට අයත් ජීප් රථයෙන් වාකරේ පොලිස් වසමේ පුදුර් කදිර වේලි පිහිටි අක්කර 11ක වපරිසයකින් යුත් ඔවුන්ට අයත් ඉඩමට සංවර්ධන කටයුත්තක් සඳහා  පැමිණ ඇතැයි පොලිසිය කියයි.

එහිදී බැකෝ යන්ත්‍රයක් යොදා මාර්ගය පිළිසකර කරමින් සිටියදී එම ස්ථානයට පැමිණ තිබූ පුද්ගලයන් කීප දෙනෙකු වාකරේ ප්‍රාදේශීය ලේකම්වරයා විසින් තමන්ට වගා කිරීම සඳහා බලපත්‍ර මත ඉඩම් කොටස් ලබා දී ඇති බවත් මාර්ගය පිළිසකර කිරීම වහාම නතර කරන ලෙසත් පවසා විරෝධය දක්වා ඇතැයි පොලිසිය කියයි. එහිදී පැමිණි පිරිස බැකෝ යන්ත්‍ර  රියදුරුට  පහරදී  බැකෝ යන්ත්‍රයේ පැති වීදුරුවක්ද කඩා බිඳ දමා ඇත.

එම අවස්ථාවේදී සභාපතිවරයා විසින් රියදුරට පහරදීම වළක්වා ගැනීම සඳහා ඔහුට රජයෙන් නිකුත් කර ඇති පිස්තෝල ගිනිඅවියෙන්  බිමට පහත් කර වෙඩිල්ලක් තබා ඇති අතර එම අවස්ථාවේදී එහි සිටි පිරිස කලහකාරි  තත්ත්වයෙන් වැළකී එම ස්ථානයෙන් පලා ගොස් ඇතැයි පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියා විසින් වාකරේ පොලිසිය වෙත පැමිණිලි කර ඇති අතර ඔහුට නිකුත් කර තිබූ ඒ බි 40739 අංක දරණ බලපත්‍රයේ සහිත පිස්තෝලය හා  උණ්ඩ  දහය සහ පතුරුම් ගැබ නඩු භාණ්ඩ ලෙස පොලිස් භාරයට ගෙන ඇත.

 

 



අදහස් (2)

ඛනිජ තෙල් ලොක්කෙක් වාකරේදී බිමට වෙඩි තියලා

සමන් විමල් Sunday, 18 August 2024 01:41 PM

පිස්තෝලය ලබාදී තියෙන්නේ වෙඩි තියන්න තමයි . ඔහු නැනවත් ලෙස ආයුධය භාවිතා කරලා තියෙන්නේ .

:       0       2

යෝගා Sunday, 18 August 2024 02:04 PM

නැගෙනහිර එක්තරා ජන කොටසක් නීති විරෝධී ඉඩම් මංකොල්ලයක් කරනවා. මෙහෙම හරි මේවා එළිවෙන එක හොඳයි

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ලක්ෂ 37 කට ඡන්දය එපා වෙලා
2024 සැප්තැම්බර් මස 23 6 0

මෙවර ජනපතිවරණයේදී ඡන්දය ලබාදීමට සුදුසුකම් ලැබූ ඡන්ද දායකයන්ගෙන් ලක්ෂ 37ක් ඡන්දය භාවිත කර නොතිබිණි.


වතුර බේසමට වැටී මාස 11 ක දැරියක් මරුට
2024 සැප්තැම්බර් මස 23 44 0

මාස එකොළහක දැරියක පෙරේදා (22) වතුර බේසකමට වැටී මියගොස් ඇති බව මුලතිව් පොලිසිය පවසයි.


පාතාලයාගේ තොරතුරෙන් අල්කයිඩා ගිනි අවියක් සොයා ගනී
2024 සැප්තැම්බර් මස 23 460 0

අල්කයිඩා ත්‍රස්ත සංවිධානය සාමාජිකයන් විසින් පාවිච්චි කරන ඒ එම් ඩි 65 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක් විදේශගතව සැඟව සිටියදී මෙරට රැගෙන ආ පාතාල කල්ලි සාම


රට බීම හලකට මහසඟ රුවනේ විරෝධය
2024 සැප්තැම්බර් මස 23 445 1

කතරගම වැඩසිටිකන්ද බෝකොටුව සීමාවෙි රටබීම හලක් විවෘත කිරීමට විරෝධය දක්වමින් කතරගම ශාසනාරක්ෂක බලමණ්ඩලයේ නාහිමිවරු අද (23 ) කතරගම ශ්‍රී අභිනවාරාම විහාරස්


සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්
2024 සැප්තැම්බර් මස 23 3149 2

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේ


බිත්තියක් කඩා වැටී අයෙක් රෝහලේ
2024 සැප්තැම්බර් මස 23 145 0

බුලත්සිංහල ඈගල්ඔය ප්‍රදේශයේ පැරණි නිවසක බිත්තියක් කඩා වැටීමෙන් පුද්ගලයෙකු බරපතල තුවාල ලබා අද (23) උදෑසන රෝහල් ගත කළ බව බුලත්සිංහල පොලිසිය කියයි


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 22041 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 21856 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 116 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 345 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 176 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site