IMG-LOGO

2024 සැප්තැම්බර් මස 17 වන අඟහරුවාදා


ගංගාරාම පොඩි හාමුදුරුවෝ දැයෙන් සමු ගනිති

(ආරියරත්න රණබාහු)

දශක හතකට වැඩි කාලයක් සම්බුද්ධ ශාසනයේ අභිවෘද්ධියක් සහ සමස්ත සමාජයට කළ අනූපමේය මෙහෙවරක් නිමා කොට සසුනඹර බැබල වූ සරා සදවන් කොළඹ හුණුපිටිය ගංගාරාම  විහාරාධිපතිව වැඩ විසූකොළඹ නව කෝරලයේ ප්‍රධාන සංඝනායක ධුරය හෙබවූ  ආචාර්ය ගල්බොඩ  ඥානීස්සර නාහිමිපාණෝ අද (05) මළ හිරු බැස යන සැන්දෑ යාමේ දැයෙන් සදහටම සමුගත්තහ.

රාජ්‍ය අනුග්‍රහය මත පැවැත්වුණු මෙම ආදාහන පූජෝත්සවය සඳහා අති විශාල මහා සංඝරත්නය සමග විදේශීය භික්ෂූන් වහන්සේලාද  වැඩම කර තිබූ අතර අන්‍ය ආගමික  පූජක ප්‍රසාදීන් වහන්සේලාද ජනාධිපති රනිල් වික්‍රමසිංහ කථානායක මහින්දයාපා අබේවර්ධන හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ හා ගෝඨාභය රාජපක්ෂ යන මහත්තුරු සමග  තානාපතිවරු ඇතුළු සම්භාවනීය පිරිස් සමඟ සාමාන්‍ය ජනතාවද විශාල පිරිසක් ව සිටියහ.

දින තුනක් පුරා විහාරස්ථානයේ තැන්පත් කර තිබූ නාහිමියන්ගේ  දේහය අද පස්වරු තුනට පමණ ආදාහන පූජෝත්සව මළුවට වැඩම කිරීම සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කෙරිණි

ඒ අනුව  දේහය රන්සිවි  ගෙය සමන්විත  විශේෂ රථයක  තැන්පත් කිරීමෙන් අනතුරුව  ආදාහන පූජෝත්සව පෙරහැර විහාරස්ථානයේ සිට හුණුපිටිය පාර ඔස්සේ ඩබ්ලිව්  ඒ ඩී.රාමනායක මාවත දිගේ පැමිණ ඉන්ද්‍රා ට්‍රේඩස් අසලින් ශ්‍රීමත් ජේමිස් පිරිස් මාවතට පිරිස ජිනරතන  මාවත ඔස්සේ  ආදාහන මළුවට පැමිණියේය.

දේහය රැගත් ආදාහන පූජෝත්සව පෙරහැර ගමන් කළ මාර්ගයට උඩුගුවනේ සිට  විශේෂ හෙලිකොප්ටරයකින් මල්   ඉසුණු ලැබිණි .

 ආදාහන පූජෝත්සව පෙරහැර ගමන් කළ මාවත්වල අවට රැඳී සිටින සැදැහැවත් ජනතාව නාහිමියන්ගේ දේහයට  වැඳ නමස්කාර කරමින් ගෞරවාචාරය පුද කළහ

නාහිමියන්ගේ දේහය  ආදාහන මළුවට වැඩම කිරීමෙන් පසුව එහි තිබූ විශේෂ පීටිකාවක තැන්පත්  කෙරිණි. අනතුරුව  ආදාහන පූජෝත්සවයේ කටයුතු ආරම්භ කෙරිණි.

එහිදී ගංගාරාම විහාරාධිකාරි ආචාර්ය  කිරින්දේ අස්සජි හිමියෝ පිළිගැනීමේ  අනුශාසනාව සිදුකර අතර පිරිස පන්සිල්හි පිහිටුවීම දී ඉඹූල්කුඹුරේ විමල ධම්ම මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමියෝ සිදු කළහ

මතක වස්ත්‍ර සහ පැන් වැඩීම ආචාර්ය නියංගොඩ විජිතසිරි මල්වතු පාර්ශ්වයේ අනුනායක හිමියන් ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි 

අනතුරුව උන්වහන්සේ ද ඇතුළත්ව ආනමඩුවේ ධම්මදස්සි අස්ගිරි පාර්ශ්වයේ අනුනායක කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති අමරපුර මහා සංඝ සභාවේ වැඩ බලන උත්තරීතර මහා නායක හිමියෝ ද අනුශාසනා පැවැත්වූහ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස යන මහත්වරු ගිහි පිරිස වෙනුවෙන් කතා කළහ ස්තුති පූර්වක අනුශාසනාවද විහාරාධිකාරී  ආචාර්ය කිරින්දේ අස්සජි  හිමියෝම සිදු කළහ.

අනතුරුව ඉතාමත් අලංකාර අන්දමින් ඉදිකර තිබූ චිතකය වටා නාහිමියන්ගේ දේහය තෙවරක්පැදකුණු කිරීමෙන් අනතුරුව චිතකයට වැඩම කෙරිණි. පසුව පැවිදි දහස් සංඛ්‍යාත පිරිසකගේ සෝ සුසුම් මැද බෑනුනූවන් දෙදෙනෙකු විසින් චිතකයට ගිනි දල්වනු ලැබිණි

ධර්ම සංවේගයට පත් ව මහා සඟරුවන  එම අවස්ථාවේ පිරිත්  සජ්ඣායනය කළහ.


 

කොළඹ හුණුපිටියා ගංගාරාම විහාරාධිපති කොළඹ නව කෝරලේ ප්‍ර‍ධාන සංඝනායක අපවත් වී වදාළ ආචාර්ය ගල්‌බොඩ  ඥානීස්සර නාහිමියන්ගේ දේහය රැගත් අවමගුල් පෙරහැර විහාරස්ථානය ඉදිරිපිට පිහිටි භූමිය වෙත මීට ස්වල්ප වේලාවකට පෙර ළඟා විය.

නහිමියන්ගේ දේහයට විහාරස්ථානය තුළදී ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා ප්‍රමුඛ විහාරවාසී භික්ෂූන් වහන්සේලා වන්දනා මාන කිරීමෙන් පසු පස්වරු තුනට පමණ අවමගුල් පෙරහැර පිටත් විය.

නහිමියන්ගේ රැගත් අවමගුල් පෙරහැර විහාරස්ථානයේ සිට හුණුපිටිය පාර  රාමනායක මාවත ඉන්ද්‍රා ට්‍රේටස් අසලින් ශ්‍රීමත් ජේම්ස් පීස් මාවතට පිවිසර් සී ගින්දර මාවත ඔස්සේ දාන මළුව කරා
වැඩම කෙරිණි

(ඡායාරූප: ළහිරු හර්ෂණ)



අදහස් (1)

ගංගාරාම පොඩි හාමුදුරුවෝ දැයෙන් සමු ගනිති

kasun Monday, 05 August 2024 11:49 PM

නිවන් සුව පොඩි හාමුදුරුවනේ

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

වසන්ත නිසා කවිරත්න වේදිකාව වර්ජනය
2024 සැප්තැම්බර් මස 16 634 0

සජිත් ප්‍රේමදාස මහතාගේ වේදිකාවට නැග සිටි හිටපු රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් වසන්ත පෙරේරා වේදිකාවෙන් බැස යන තුරු මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී


පන්නල පොලිසියට පාප්ප ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 16 202 0

පන්නල ඇලබඩගම සුහද ජනපදය මාර්ගයේ එක්තරා දේශපාලන පක්ෂයකට අයත් දැන්වීම් අලවමින් සිටි දෙදෙනකු අත්අඩංගුවට ගිය පොලිස් කණ්ඩායමක පාප්ප බාල්දි පාරක් කෑමට වූ


ශිෂ්‍යත්ව පේපරය බෙදන්න කලින් පිට කරලා
2024 සැප්තැම්බර් මස 16 469 0

අනුරාධපුර, රත්මලේ තිස්ස විදුහලේ පසුගිය 15 වැනි දින පැවති පහ වසරේ ශිෂ්‍යත්ව විභාගයේ පළමු ප්‍රශ්න පත්‍රය ජංගම දුරකතනයකින් ජයාරූප ගතකර බේදා හරින ලද බව කිය


ජනපති අපේක්ෂක සීලරතන හිමිට අ:පුරේදී මැර තර්ජන
2024 සැප්තැම්බර් මස 16 713 0

ජනසෙත පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක බත්තරමුල්ලේ සීලරතන හිමියන්ට සහ ඔහුගේ ආරක්ෂකයාට ඊයේ (15) රාත්‍රී අනුරාධපුර නව බස් නැවතුම්පොළේදී පිරිසක් පරුෂ වචනයෙන


ජල ගැලුම් නිම්නයේ වන සංහාරයක්
2024 සැප්තැම්බර් මස 16 182 0

පොළොන්නරුව ජලගැලිම් නිම්න ජාතික වනෝද්‍යානයේ වැලිකන්ද කටුවන්විල ප්‍රදේශයේ, සංවිධානාත්මක දැව ජාවාරම්කරුවන් පිරිසක් විසින්ම දිගු කලක සිට අක්කර පනහකට


ලංකාවට යන්නේ පරිස්සමෙන්: ඇමෙරිකාවෙන් උපදෙස්
2024 සැප්තැම්බර් මස 16 579 0

ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකාව පිළිබඳ සංචාරක උපදේශනය යාවත්කාලීන කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 67 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2131 1
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි 2024 අගෝස්තු මස 08 985 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 50 වැනි ශාඛාව වාලච්චේන නගරයේ දැන් විවෘතයි

ප්‍රමුඛ පෙළ ශ්‍රී ලාංකීය මූල්‍ය සමාගම සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 50 වැනි ශාඛාව පසුගියදා මඩකලපුව දිස්ත්‍රික්කයේ ස්වභාවික සෞන්දර්ය

Our Group Site