(ආරියරත්න රණබාහු)
ශ්‍රී ලංකාවාසී සියලු ජනතාවගේ සම්භාවනාවට පත් ශ්‍රේෂ්ඨ යතිවරයන් වහන්සේ නමක වූ කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරාධිපති කොළඹ නවගම්කෝරලය ප්‍රධාන සංඝනායක අපවත් වී වදාළ ගල්බොඩ ඥානීස්සර නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය ලබන සඳුදා (05) පස්වරු 3.00 විහාරස්ථානයට යාබද ක්‍රීඩාංගනයේදී සිදුකෙරේ.
ඥානිස්සර හිමියන්ගේ දේහයෙ හෙට (3) පෙරවරුවේ 6.00 සිට සඳුදා ආදාහන කටයුතු සිදු කෙරෙන තුරු අවසන් බුහුමන් දැක්වීමට මහජනතාවට අවස්ථාව සලසා ඇති බව විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජී හිමියෝ පැවසූහ.
අපවත් වන විට 81 වැනි වියේ පසු වූ උන්වහන්සේ වඩාත් ප්‍රචලිත වූයේ ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ නමිනි.
උන්වහන්සේ රටට දැයට සමයට සසුනට නොමියෙන අමිල මෙහෙවරක් ඉටු කළ යතිවරයන් වහන්සේ නමක් ද වේ.
සම්ප්‍රදායිකත්වයේ නොගිලි නූතනයට ගැලපෙන සේ කොළඹ ගංගාරාම විහාරස්ථානයේ හැඩ කළ උන්වහන්සේ දායකයා පන්සලට නොව පන්සලෙන් දායකයාට යන තේමාව ඔස්සේ මහා සසුන් මෙහෙවරක් ඉටු කළහ.
කොලම්පුර මහා සංස්කෘතික මංගල්‍යය නමින් හැඳින්වෙන කොළඹ ගංගාරාම නවම් මහා පෙරහර විවිධ විචිත්‍ර අංගයන්ගෙන් වර්ණවත් වූ අසිරිමත් සංස්කෘතික මංගලයක් බවට පත් කිරීමට කටයුතු කිරීම පමණක්ම උන්වහන්සේගේ සංවිධාන ශක්තියට කදිම නිදසුනකි.
කොළඹ ගංගාරම විහාරස්ථානය දෙස් විදෙස් සුපතළ ධර්ම නිකේතනයක් බවට පත් කිරීමට උන්වහන්සේ සිය ජීවිත කාලයම කැප කළ අතර මෙරටට පැමිණෙන සංචාරකයන් අමතක නොකරන ආගමික ස්ථානයක් වේනම් ඒ කොළඹ හුණු පිටියේ ගංගාරාම විහාරස්ථානයවේ.
වර්තමානයේ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ නමින් ප්‍රකට එවකට විද්‍යෝදය විශ්ව විද්‍යාලයේ උපාධිධාරී ස්වාමීන් වහන්සේ නමක් ද වේ.
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගංගාරාම පොඩි හාමුදුරුවන්ගේ ආදාහන පූජෝත්සවය ලබන සඳුදා
Lalla Saturday, 03 August 2024 12:55 PM
ජාති ආගම් භේද නොතකා රටේ අධ්‍යාපනය කඩාකප්පල් වූ තරුණ පරපුරේ කුසලතා දියුණුවට අතදුන් උත්තමයෙක්. දස දහස් සංඛ්‍යාත පිරිසකට තමන්ට ජීවනෝපාය සලසාගත හැකි වෘත්තීය අධ්‍යාපනය දුන්නු නියම අධ්‍යාපනඥයෙක්... සමාජ සේවකයෙක්... නිවන් සුව ලැබේවා...!