(යොහාන් භාසුර)
වෙසක් උත්සවය වෙනුවෙන් කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානය කේන්ද්‍ර කරගනිමින් පැවැත්වෙන බුද්ධ රශ්මී වෙසක් කලාපයේ රාත්‍රී පෙරහැර ශ්‍රී ලංකා නාවික හමුදා බෞද්ධ සංගමයේ මූලිකත්වයෙන් උත්කර්ශවත් ලෙස පැවැත්විණි.
හුණුපිටිය ගංගාරම විහාරස්ථානයේ විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේගේ අනුශාසනා පරිදි, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතාගේ උපදෙස් සහ මඟ පෙන්වීම යටතේ එම පෙරහැර සංවිධානය කළේය.
ගංගාරාම විහාරස්ථානයේ සිට එම විහාරස්ථානයේ සීමාමාලකය වෙත විචිත්‍රවත් පෙරහැරකින් වැඩම කළ සධාතුක කරඬුව බෞද්ධාගමික වත් පිළිවෙත්වලට අනුකූලව සීමාමාලකයෙහි තැන්පත් කිරීම නාවික හමුදාධිපති, වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහතා වෙතින් සිදුවිය.
පෙරහැර අවසානයේ අනුශාසනාව සිදුකළ ආචාර්ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ, මෙවර බුද්ධ රශ්මී වෙසක් කළාපය සාර්ථකව පැවැත්වීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව දැක්වූ දායකත්වය ඇගයීය.
එදින රාත්‍රියේ බුද්ධ රශ්මී වෙසක් කලාපය තුළ ශ්‍රී ලංකා නාවික හමුදාවේ දායකත්වයෙන් බොදු බැතිගී ගායනා, සැරසිලි සහ සංස්කෘතික සංදර්ශන නැරඹීම සඳහා නාවික හමුදාධිපතිවරයා සමඟ නාවික හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී, මාලා ළමාහේවා මහත්මි, නාවික හමුදා අධ්‍යක්ෂ ජෙනරාල් ඉංජිනේරු හා නාවික හමුදා බෞද්ධ සංගමයේ සභාපති රියර් අද්මිරාල් රවී රණසිංහ මහතා ඇතුළු නාවික හමුදා මූලස්ථානයේ සහ බටහිර නාවික විධානයේ ජ්‍යෙෂ්ඨ සහ කණිෂ්ඨ නිලධාරීන් සහ නාවිකයන් පිරිසක් එක්ව සිටියහ.
ශ්රී ලංකාව, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජිකයකු ලෙස 2025 වසර සඳහා සාමාන්‍ය අයවැයට ගෙවිය යුතු ඇමෙරිකානු ඩොලර් ලක්ෂ 13 ක පමණ මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන්
එක්සත් ජනපදය විසින් පනවන ලද තීරු බද්දට යම් සහනයක් ලබා ගැනීම සඳහා මුදල් හා ක්‍රම සම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂණ සූරියප්පෙරුම මහතා ඇතුළු කණ්ඩාය
මෙම වසරේ ලෝක ලේඛනයට මතක සටහන් ලෙස එක්කළ ලෝක උරුම ලේඛන අතර මෙරට 1873 දී සිදුවූ පානදුරාවාදය සම්බන්ධ ලේඛන හතරක් තිබෙන බව යුනෙස්කෝ සංවිධානය පසුගියදා ප්‍රකාශ
මීට වසර 15 කට පමණ පෙර විවෘත කරන ලද දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාව-දොඩන්ගොඩ කොටස ඉදිකිරීම සඳහා රුපියල් බිලියන 7.91 ක හිඟ මුදලක් රජය ගෙවීමට තිබෙන බවට චයිනා හා
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගංගාරාම ‘බුද්ධ රශ්මි’ වෙසක් කලාපයෙන්