IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


ගජමුතු විකුණන්න ගිය තුනක් දැලේ

(නිමන්ති රණසිංහ )

නිධන් හාරා ලබාගත් බව කියන රුපියල් කෝටි තුනකට අධික වටිනාකමකින් යුතු ගජමුතු 04 ක් විකිණීමට රැගෙන ආ සැකකරුවන් තිදෙනකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින්  ත්‍රිකුණාමලයේ දී අද (08) අත්අඩංගුවට ගනු ලැබීය.

අකුරන, මහව, නිකවැරටිය ප්‍රදේශ වල පදිංචි මෙම සැකකරුවන් තිදෙනා  වයස අවුරුදු 29, 30, 53 වයසේ පසුවන පුද්ගලයන් බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

යතුරු පැදිවලින් පැමිණි මෙම සැකකරුවන් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ අවන්හලක රථ ගාලක් තුලදී මෙම ගජමුතු අලෙවි කරන බවට විශේෂ කාර්ය බලකායට ලද බුද්ධි තොරතුරු වලට අනුව මෙම වැටලීම සිදුකර ඇතැයි ද පොලිසිය පවසයි.

වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකරුවන් සහ නඩු භාණ්ඩ  වව්නියාව පොලිස් ස්ථානයට භාර දී ඇතැයිද පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

විශේෂ කාර්ය බලකාය අණදෙන නිලධාරී නියෝජ්‍ය පොලිස්පති නීතීඥ වරුණ ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ කලාප අණදෙන නිලධාරී යාපනය ජේෂ්ඨ පොලිස් අධිකාරී ඩී.ඩී.ඩී.කේ. හෙට්ටිආරචි මහතාගේ උපදෙස් පරිදි පොලිස් පරික්ෂක යු.වී.සී.ටී. විජේරත්න ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් වව්නියාව පොලිස් වසමේ අවන්හලක රථ ගාලක් තුල දී වැටලීමක් සිදුකර ඇත.



අදහස් (2)

ගජමුතු විකුණන්න ගිය තුනක් දැලේ

Ruwan Saturday, 09 October 2021 02:41 PM

ටික කාලෙකට කලින් පොලිසිය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අයත් කිව්වා ගජමුතු කියලා දෙයක් නෑ. එහෙම දෙයක වටිනාකමක් නෑ ඒක බොරුවක් කියලා. එතකොට දැන් මේ වැටලීම් වලින් කියන්නේ ඒ සියල්ල බොරු නෙමෙයි නිධන් හාරලා හොයා ගත්තොත් කෝටි ගාණකට විකුණගන්න පුලුවන් කියලයි අපිට නම් පේන්නේ...

:       2       6

දළ ඇතා Saturday, 09 October 2021 07:13 PM

මේ වගේ බහුබූත දේවල් පස්සේ යන ජාතියකට අනාගතයක් නෑ. එකකාලෙක සිප්පිකටු පස්සේ යනවා. ආයෙත් අලි කේස් පස්සේ යනවා. කොටි දත්, කොටි හම් පස්සේ දුවනවා. මේවාට වටිනාකම් කියන උදවියට විරුද්ධව මුලින්ම නඩු පවරන්න ඕනෑ. මොකද මේවාට වටිනාකමක් නියම කිරීම අනියම් ආකාරයකින් මේ වගේ දේවල් රැස්කිරීම හා ඒ වෙනුවෙන් අහිංසක සතුන් මැරීමට හේතුවක්...

:       2       6

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 666 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 4929 28

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1832 3

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 740 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 4042 3

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 3055 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 323 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 607 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1752 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site