IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


ගැටුම් නවතා සාමය යළි පිහිටුවන ශ්‍රී ලංකාව ඊශ්‍රායලයේන් හා පලස්තීනයේන් ඉල්ලයි

( තිළිණි ද සිල්වා )

ඊශ්‍රායලයේ හා පලස්තීනයේ ප්‍රචණ්ඩ ක්‍රියා ඉහළ යාම පිළිබඳව ශ්‍රී ලංකාව දැඩි අවධානයෙන් පසුවෙන බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා මීට දින තුනකට පෙර කොළඹ සිටින ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපතිවරයා වෙත මෙම තත්ත්වය පිළිබඳ දැඩි කනස්සල්ල පළ කර ඇතැයිද එම අමාත්‍යාංශය සදහන් කරයි.

පලස්තීන ජනතාවගේ අයිතිවාසිකම් සහ ජීවිත සුරැකීම සම්බන්ධයෙන් රජයේ පවතින උනන්දුව පිළිබඳවද අමාත්‍යවරයා මෙහිදී පලස්තීන තානාපති වෙත දැනුම්දුන් බවද අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටී.

ගැටුම් නවතා සාමය යළි පිහිටුවන ලෙසත්, සිදුවෙමින් පවතින ප්‍රවණතා හේතුවෙන් පුළුල් කලාපය අස්ථාවරවීමේ තර්ජනයක් ඇති නොවීමට පියවර ගන්නා ලෙසත් ශ්‍රී ලංකාව සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවද විදේශ අමාත්‍යාංශය කීය.

 



අදහස් (10)

ගැටුම් නවතා සාමය යළි පිහිටුවන ශ්‍රී ලංකාව ඊශ්‍රායලයේන් හා පලස්තීනයේන් ඉල්ලයි

විපරමා Tuesday, 18 May 2021 01:45 PM

විදේශ ඇමැතිගේ හදවත උණු වෙලා. පුදුම හිතෙනවා ...

:       27       19

parakkrama Tuesday, 18 May 2021 02:26 PM

තෝරු මෝරු සටන් අස්සේ හාල්මැස්සෙක් කෑ ගහනවා..!!! මෙහෙ කොරෝනා උඩු දුවනවා.

:       32       38

බද්රානි Tuesday, 18 May 2021 02:50 PM

"දැඩි අවධානයෙන් පසුවෙලා මේ අය ඊශ්‍රායලයට මොකක් කරන්නද දන්නේ නැහැ හිතාගෙන ඉන්නේ? අලුත්ගම දර්ගා නගරයේ හා පාස්කු ප්‍රහාරයෙන් පසුව දිගන ඇතුළු ප්‍රදේශ කීපයකම මුස්ලිම් ජනතාවට සලකපු හැටි අපිට වගේම ලෝක මුස්ලිම් ප්‍රජාවටත් අමතක නැහැ. එක අතකට ලංකාවේ වගේ වඳ කොත්තු කවලා, දොස්තරලා දම්මලා කාන්තාවන් වඳ කළා නම් ඒ අයට ඔහොම රොකට් ප්‍රහාර එල්ල කරගන්න ඕන වෙන්නේ නැහැනේ නේද? කන්න හිතුණාම "කබරයා නිකම්ම තලගොයා" කර ගන්නවා. "අනුන්ගේ පහනෙන් එළිය බලන්න දඟලන අය ඊශ්‍රායලයේ යුද්ධයට මැදිවී සිටින තමන්ගේ ජනතාව ගැන වචනයක් වත් කතා කළාද? පවතින කොරෝනා රෝග තත්වය යටතේ මැදපෙරදිග අසරණ වෙලා හිඟමන් යදින තමන්ගේ ජාතිය ගැන මොකක්ද ගත්තු පියවර? අනුන්ගේ කුණු ගොඩවල් වලට ඇඟිලි ගහන්න කලින් තමන්ගේ දේවල් ගැන හොයා බලා කටයුතු කළොත් නරකයිද?

:       2       0

Roshan Tuesday, 18 May 2021 03:37 PM

විනෝද සමය 2. අනේ මන්දා මේවාට කොහෙන් හිනාවෙන්නද කියලා?

:       0       0

Rata Perata Tuesday, 18 May 2021 06:16 PM

දැන් මේකට බයවෙලා ඒ ගොල්ලො යුද්දේ නවත්වයි.

:       0       0

Sri Lanka Tuesday, 18 May 2021 08:48 PM

කලබල වෙන්න එපා. ඔය ආයුධ විකුණගන්න කරන මාධ්‍ය ව්‍යාපාරයක්... පුළුවන් නම් අපි අර ඩූම්එකක් ගෙනැල්ලා හයිකරමු... කොළඹ සහ පාර්ලිමේන්තුවේ ඔන්න දේශපාලකයෝ ටික බේරගන්න අකුණු හෙණ වලින්...

:       0       0

sumitha madanayaka Tuesday, 18 May 2021 11:25 PM

මේ දූපතේ කොරෝනාව උඩුදුවලා මිනී සංහාරයක් වෙනවා. මෙන්න රෝමය ගිනි ගනිද්දීවීණා වයනවා එක එක රටවල.

:       1       0

Shanaka Wednesday, 19 May 2021 03:58 AM

දවසේ විහිළුව...

:       0       0

Jayasena Wednesday, 19 May 2021 05:52 AM

අහක යන නයි රෙද්ද අස්සේ දා ගන්නවා කියන්නේ මෙන්න මේවාට තමයි. බල්ලා අපිව කෑවට අපි බල්ලව කන්න යන්න හොඳ නෑ. ඒක තේරුම් අරන් වැඩ කරොත් කාටත් හොඳ වෙයි...

:       0       1

Ananda Wednesday, 19 May 2021 06:10 AM

යුද්ධය නතර කරන්න කියන්න ඕන ඊස්‍රායලයටවත්, පලස්තීනයටවත් නෙවෙයි. ඇමෙරිකාවට...

:       0       2

ඔබේ අදහස් එවන්න

දියත

පාස්පෝට් ටෙන්ඩර් සමාගම පොරොන්දු කඩලා
2024 නොවැම්බර් මස 07 470 0

විදේශ ගමන් බලපත්‍ර ලබාදීම සඳහා ටෙන්ඩරය ලබා ගත් සමාගම ඔක්තෝම්බර් මස දෙවැනි සතියේදී හිස් විදේශ ගමන් බලපත්‍ර 750 000 ක් ලබාදීමට පොරොන්දු වී ඇතත් මේ වන විට ලබා


එදා අමාත්‍යාංශ දුන්න‍ෙ පනින අයට අල්ලසක් විදියට
2024 නොවැම්බර් මස 07 138 0

ඉකුත් පාලන සමයේදී අමාත්‍යාංශ ලබාදෙනු ලැබුයේ කිසිදු විද්‍යාත්මක ක්‍රමවේදයකට අනුව නොවන බවත් ඒ පැත්තෙන් මේ පැත්තට පනින අයට අල්ලසක් වශයෙන් එම අමාත්‍යාං


වෙන්නප්පුවේ වෙඩි තැබීමකින් දෙකක් රෝහලට
2024 නොවැම්බර් මස 07 224 0

වෙන්නප්පුව කිඹුල්ගාල දවටගහවත්ත ප්‍රදේශයේ දි ඊයේ (07) සවස 5.00 ට පමණ සිදුවු වෙඩි තැබිමකින් දෙදෙනකු තුවාල ලබා මාරවිල මුලික රෝහලට ඇතුලත් කළ බව පොලිසිය කියයි.


හිටපු ජනපති මෛත්‍රීගේ පෙත්සමක් විභාගයට
2024 නොවැම්බර් මස 07 285 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් සාපරාධී වරදක් සිදු කළේ යැ


සිසුවියෝ සිවු දෙනෙක් වීදුරුවක් මත වැටිලා
2024 නොවැම්බර් මස 07 12 0

පොළොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන සිසුවියන් හතර දෙනකු පන්ති කාමරයේ තිබූ වීදුරුවක් මතට වැටීමෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත


මදුෂ්ගේ බිරිය කළ ඉල්ලීම අධිකරණය ඉවත දමයි
2024 නොවැම්බර් මස 07 924 0

හෙරොයින් කිලෝ විසි දෙකක් අත් අඩංගුවට ගැනීමේ පොලිස් මෙහෙයුමේදී වෙඩි වැදී මියගිය පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මාකඳුරේ මදුෂ්ගේ මරණය සම්බන්ධයෙන් සි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 65 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 445 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1393 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site