( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති ධූර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියකු ලෙස පිළිගැනීම සහ ඔහුගේ ද්විත්ව පුරවැසි සහතික මත පදනම්ව ශ්‍රී ලාංකිකයකු ලෙස කටයුතු කිරීම වළක්වන්නැයි ඉල්ලා ගොනු කළ පෙත්සම විභාගයට නොගෙනම නිෂ්ප්රභා කිරීමට අභියාචනාධිකරණය අද (4) තීන්දු කළේය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා විධිමත් ලෙස ශ්‍රී ලාංකික පුරවැසිභාවය ලබාගත් අයකු නොවන බැවින් ශ්‍රී ලාංකිකයකු ලෙස ඔහු සතුව ඇති ගමන් බලපත්‍රය, ජාතික හැඳුනුම්පත සහ ද්විත්ව පුරවැසි සහතික පත්‍රය අවලංගු කරන සර්ටියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති මෙම රිට් පෙත්සම සම්බන්ධයෙන් අභියාචනාධිකරණය මෙම නියෝගය නිකුත් කළේය.
අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් විසින් මෙම තීන්දුව ලබා දෙන ලදී.
ශ්‍රී ලංකා සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්ද්‍රගුප්ත තේනුවර සහ පුරවැසි බලය සංවිධානයේ සම කැඳවුම්කරු ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් විසින් මෙම රිට් පෙත්සම් ගොනු කරනු ලැබ ඇත.
මෙහි වගඋත්තරකරුවන් ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ආර්.එම්.පී.එස්.බී රත්නායක, පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක, රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, එම අමාත්‍යංශයේ ලේකම් ගාමිණී සෙනෙවිරත්න, හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, වැඩබලන පොලිස්පති සී.ඞී. වික්‍රමරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න, රහස් පොලිසියේ අධ්යක්ෂ ශානි අබේසේකර, එහි විශේෂ ඒකකයේ ස්ථානාධිපති එල්. දිසානායක යන මහත්වරු නම් කරනු ලැබ සිටිති.
පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා පෙනී සිටි අතර පස්වැනි වගඋත්තරකාර ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා ද හයවැනි වගඋත්තරකාර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ ගාමිණී මාරපන මහතා ද පෙනී සිටියහ.
නීතිපති වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් නෙරින්පුල්ලේ , නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් , රජයේ නීතීඥ සුරේන් ඥානරාජ් පෙනී සිටියේය.
ඡායාරූප - ළහිරු හර්ෂණ
උඩරට දුම්රිය මාර්ගයේ පිහිටි හැටන් දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රිය මාර්ගයට අද (27) අලුයම විශාල කසල කන්දක් කඩා වැටිමෙන් සිදුවිමට ගිය දුම්රිය අනතුරක් වලක්
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍යය දෙපාර්තමේන්තුව මගින් රුපියල් 91,970,290 ක් වැයකර ක්‍රියාත්මක කළ බ්‍රෝයර් වර්ගයේ එළුවන් 250 ක් අභිජනනය කර ක්ෂේත්‍ර ගත කිරීමේ පස් අ
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මඩකලපුව මාර්ගයේ පුනානි හා වාලච්චේන අතර දුම්රිය මාර්ගය ජලයෙන් යටවීම නිසා අද (27) කොළඹ කොටුව සිට මඩකලපුව දුම්රිය මාර්ගය
හිසට මන්නයකින් පහරදී පුද්ගලයකු ඝාතනය කර ඇති බව කළුතර දකුණ පොලිසිය පවසයි.
දිවයින පුරා බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතින අතර උතුරු, උතුරු-මැද, නැගෙනහිර,වයඹ සහ මධ්‍යම පළාත් වලට ඉතා තද වැසි සහ තද සුළං තවදුරටත් අපේක්ෂා කරනබව
කාර්තිව් පොලිස් වසමට අයත් නින්දවුර් මද්රසා පාසලේ සිසුන් 07 දෙනකු ගමන්ගත් ට්‍රැක්ටරයක් අද සවස කාර්තිව් - සම්මන්තුරේ මාර්ගයේ දී ජල පහරට හසුවි ගසාගෙන යා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගෝඨාභයට එරෙහි පෙත්සම නිෂ්ප්‍රභ වෙයි
wimal Friday, 04 October 2019 12:43 PM
ජය වේවා.
wimal Friday, 04 October 2019 12:45 PM
අපේ ගොටාබයට ජයෙන් ජය .
Chanak los angelesFriday, 04 October 2019 09:28 PM
තීන්දුව දුන් විට අපේ ඝෝටා සර්ට ජයවේවා කියා උසාවිය ඇතුලේ සිටි ඝෝටාවාදී නීතිවේදීන් මොර දුන්නා . එවිට විනිසුරු තුමන් මෙය කෝලම් මඩුවක් නොකරන මෙන් අවවාද කළා විත්තියේ නීතිවේදියා එවිට සමාව ඉල්ලුවා . කොහොමද නීතිවේදීන් උසාවිය ඇතුලේ හැසිරෙන අකාරය ? අනෙක මෙය ගෝඨාගේ ද්විත්ව පුරවැසිභාවය පිලිබඳ ප්රශ්නය වුවත් ඔහු ඇමරිකානු පුරවැසි භාවය නිසි ලෙස ඉවත් කර ගත්තේ ද යන ප්රශ්නය තවම ඉතිරිව තිබේ. ද්විත්ව පුරවැසියෙකුට ලංකාවේ ජනාධිපතිවරණයට ඉදිරිපත් විය නොහැකිය තේරුනාද විමලේ ?
jayasekaraSaturday, 05 October 2019 04:24 AM
ඔව් ඔව්... තේරුනේ දැන් තමයි... ගහට නැග්ග මිනිහටත් කියන්න දෙයක් තිබ්බලු...
ලසන්තSaturday, 05 October 2019 02:55 AM
අනේ පිං සිදුවෙයි, අපි උදේ හවස විඳින දුක දැකලා ඔයගොල්ලංගේ කෝච්චි මල්ලිලාටත් ඔයගමන්ම තැඹ්ලි වතුර ටිකක් පොවන්නකෝ!
NissankaSaturday, 05 October 2019 04:37 AM
අපේ වහල්ලුන්ට දැන් වැද නමස්කාර කරන්න ස්වාමිවරු දෙන්නෙක්ම ඉන්නවා. ඒත් වැඩිකල් නොගිහින්ම විමල් ගම්මන්පිල වාසු දිනේෂ් යන අයට හිතාගන්න බැරිවෙනවා කොයි ස්වාමියටද වැඩියෙන් වන්දනාමාන කරන්න ඕන කියලා. එක්කෙනකුට වැඩිපුර ඔලුව නැමුවොත් අනිත් එක්කෙනාගෙන් ලකුණු කැපෙනවා
wpmkSaturday, 05 October 2019 10:24 AM
මේ ප්‍රවෘත්තිය හුඟක් පැරණියි නේද? අලුත් ඒවා නැතිද?
sirimal Friday, 04 October 2019 12:45 PM
දැන් ඉතින් වට්ටක්කයි කරෝලයි කන්න වෙන්නේ කාටද ? ඊළඟ නඩුව එනකල් කනක් ඇහිලා ඉන්න වෙන්නේ නැහැ. එකයි හරි තීන්දුව.
VajiraSaturday, 05 October 2019 06:10 AM
මෙයා දිනුවොත් අපිට මාස් පතා සිංගප්පුරුවේ රෝහල් බිල ගෙවන්න වෙයිද? කාලයක් දිමු අගමැතිගේ රෝහල් ගාස්තු ගෙව්වා. දැන් ආයෙත් හදවත් රෝගියෙක් ඇවිල්ලා. මේ අබල දුබල සෙට් එක වැඩිහිටි නිවාසෙකට යවලා තරුණ නායකත්වයකට ඉඩ දෙමු දැන්වත්
sanjeewa Friday, 04 October 2019 12:47 PM
ජය වේවා
ශ්‍රීFriday, 04 October 2019 02:23 PM
ජයවේවා..!!! ජය තහවුරු කරගන්න හෙට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයට එන්න.
ගල්කටස් Saturday, 05 October 2019 01:15 AM
දැන් පරිස්සමින් ඝාතනය කිරීමට උත්සහ ගනු ඇත මතක නම් ළඟදි රනිල් ලොක්කා කිව්වා අසූ අටේ මැතිවරණය දිනපු හැටි.බලය රැක ගන්න ලංකාව විකුණන්න හෝ උගස් තියන්නත් ලෑස්තියි.මෙයාලගෙ කාලෙ තමා ලංකාව මිනිකන්නන්ගෙ දෙශය කියලා ජාත්‍යන්තරය ඉදිරියේ නමක් හදා ගත්තෙ
NissankaSaturday, 05 October 2019 04:43 AM
මේ තීන්දුවෙන් ගව්වක් ඉහලට ගොස් සිටින බයියන් අද හෙටම සිරිසේන ජනාධිපති විසින් බිමට ඇද දැමීමට නියමිතයි. සලකුණ වෙනස් නොකළ බැවින් පොහොට්ටුවට ශ්‍රීලනිප සහයෝගය දෙනු නොලැබේ කියලා
ඉන්දිකSaturday, 05 October 2019 06:39 AM
අපි නම් ඕක බලන් හිටියේ නෑ. හම්බ වුනොත් හොඳයි. නැතුවත් ප්‍රශ්නයක් නෑ.
our nation Friday, 04 October 2019 12:47 PM
ශ්‍රී ලංකාවේ අධිකරණයට අපගේ ප්‍රණාමය බැලූ බැල්මටම පෙනෙනවා මෙය දේශපාලනික වශයෙන් වාසි ලබා ගැනීම සඳහා ඉදිරිපත් කරන ලද්දක් බව
Thilina Friday, 04 October 2019 12:48 PM
නිවට නින්දිත වැඩ කරලා ප්‍රතිවාදිය අයින් කරන්න දගලපු දැගලිල්ල මුළු රටම දැක්කා. ගොටාබය වෙනුවෙන් ඡන්දය පාවිච්චි නොකර ඉන්න හිටපු උදවිය පවා මේ වැඩෙන් වුනේ ඔහු වෙනුවෙන් ඡන්දය දෙන එකයි.
max Friday, 04 October 2019 12:48 PM
දිනුම රටටයි.
VajiraSaturday, 05 October 2019 04:29 AM
ඇත්තටම බැලුවොත් පොහොට්ටුවට ඉදිරිපත් කරන්න ඉන්න දුර්වලම අපේක්ෂකයා ගෝඨාභයයි. ඔහුට සුළු ජාතික ඡන්ද දිනාගන්න නොහැකි වීම පමණක් නොවේ සෞඛ්‍ය තත්වය අතිනුත් දුර්වලයි. පිරිසක් සමග සාමුහිකව වැඩ කිරීම අතිනුත්, අන්‍යයන්ට ඇහුම්කන්දීම අතිනුත්, ප්‍රකාශකයෙක් වශයෙනුත් ඔහුගේ දුර්වලකම් දැන් හැමෝටම පේන්න තියෙනවා.
VajiraSaturday, 05 October 2019 07:49 AM
මෙයා දිනුවොත් අපිට මාස් පතා සිංගප්පූරුවේ රෝහල් බිල ගෙවන්න වෙයිද? කාලයක් දිමු අගමැතිගේ රෝහල් ගාස්තු ගෙව්වා. දැන් ආයෙත් හදවත් රෝගියෙක් ඇවිල්ලා. මේ අබල දුබල සෙට් එක වැඩිහිටි නිවාසෙකට යවලා තරුණ නායකත්වයකට ඉඩ දෙමු දැන්වත්...
ගල්කටස් Saturday, 05 October 2019 09:21 AM
අැයි දැන්යන එ්වාට ගෙවන්නෙත් රජයේ මුදල්ද..?
Rohitha Samarakone Friday, 04 October 2019 12:48 PM
යකෝ... නුඹලා සේරටම කියන්නේ... දැන්වත් ලැජ්ජා නැතිව ඔය වැඩ නවත්තලා ගෝඨාත් එක්ක මුහුණට මුහුණ වරෙල්ලා පිරිමි නම්...
ගල්කටස් Friday, 04 October 2019 02:32 PM
එයාලා සමනළයින් බව අමතකද..?
NalakaSunday, 06 October 2019 01:54 AM
සියලු බිය නැති අපේක්ෂකයෝ සුගතදාස එකට ආවා. පස්සෙන් යන වහලුන් ඒ බව දන්නේ නැද්ද?
chinthaka Friday, 04 October 2019 12:49 PM
ඇත්තටම ලැජ්ජයි මේ මිනිස්සු ඡන්දයක් හරහා ගෝඨාට මූණ දීගන්න බැරුව ගහන වංගු ගැන. මොනවා වුණත් අධිකරණයේ ස්වාධීන තීරණය ගැන ආඩම්බරයි.
Chanak los angelesSaturday, 05 October 2019 04:08 PM
ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් වන්නේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන අයෙකුට පාර්ලිමේන්තු තරඟයකට ඉදිරිපත් වන අයෙකුගේ මූලික සුදුසුකම් තිබිය යුතු බවයි. ද්විත්ව පුරවැසියෙකුට ජනාධිපතිවරණයකට ඉදිරිපත් විය නොහැක්කේ 19 වන සංශෝධනයෙන් ද්විත්ව පුරවැසියෙකුට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය නොහැකිය යන වගන්තිය ඇතුලත් කළ බැවිනි. ගීතා කුමාරසිංහට සිය මන්ත්‍රීධූරය අහෝසි වූයේ එබැවිනි. ඉතින් අධිකරණය පිළිගෙන තිබෙනවා මොහු ද්විත්ව පුරවැසියෙක් කියලා ඉතින් මෝඩයෝ හිතනවා එක හොඳ තීන්දුවක් කියලා මෝඩයෝ දන්නේ නැහැ එම තීන්දුවම තමයි ඝෝටගේ අවාසියටම සිද්ධවුණු තීන්දුව කියා .
nuwan Friday, 04 October 2019 12:52 PM
ජයවේවා මේ විනිසුරු තුමන්ලට මගේ ප්‍රණාමය !!
ගල්කටස් Friday, 04 October 2019 12:55 PM
ඇති යාන්තන් සිංහල ජාතිය තවත් කඩුල්ලක් පැන්නා. සිිංහලයිනි එකතු වෙන්න දෙන්න ඡන්දය ගොඨාභයටම. මෙවර දෙන්න එපා වෙන කිසිම කෙනෙකුට
සඳුන් Friday, 04 October 2019 12:55 PM
චමල් ඇප තිබ්බේ ගෝටාට තමන්ගෙ පුරවැසි භාවය විශ්වාසය නැති නිසා. නමුත් අපේ රටේ නීතිය, අනේ මන්දා.
Kumara Friday, 04 October 2019 12:56 PM
තෙරුවන් සරණයි මැති තුමනි...!
Sisira Friday, 04 October 2019 12:57 PM
රට රකින අපේ නායකයට ජයවේවා!
රජින්ද Friday, 04 October 2019 12:57 PM
යහපාලන හෙන ගෙඩියේ අදෝනාව සහ සිංහල ජාතියේ ජයග්‍රහණය ඇරඹුණු බවයි.. කකුල් මාට්ටු, මරු වලවල් දමද්දීත් හැප්පි හැප්පි ආපු ගමනේ ජය ගෝඨා දරා තිබේ.
nimal Friday, 04 October 2019 12:58 PM
ජය වේවා ගෝඨා ජය වේවා! මොන සෙල්ලම් දැම්මත් ඇත්ත ජය ගන්නවා.
Sri Lankan Community in Thailand Friday, 04 October 2019 12:58 PM
ඔබට සුභ පතනවා
සමන් ඔස්ට්‍රලියා Friday, 04 October 2019 12:58 PM
ඉදිරි සැලැස්මක් ඇති , අනිකාට බනිනවට වැඩිය , යම් රටට සැලසුමක් ඇති කෙනෙක්
Prabha Friday, 04 October 2019 01:00 PM
දැන් ඉතින් තවත් නඩු නිමිත්තක් හොයන්න පටන් ගනී.
almeida Friday, 04 October 2019 01:01 PM
නියම තීන්දුව. කැකිල්ලේ රජ පරාදයි
Ksc Friday, 04 October 2019 01:03 PM
සතුටු වෙන අයත් අසතුටු වෙන අයත් ඇති.නමුත් අපේ අධිකරණය ලොව වෙනත් රටවල අධිකරණය වලට වඩා බොහෝ ඉදිරියෙන් බව සැමවිටම පෙනීයනව.
janahitha UAE Friday, 04 October 2019 01:05 PM
ජයවේ මගේ මව්බිමට ජයවේවා
Jayaxinghe Friday, 04 October 2019 01:05 PM
ජයවේවා අනාගත ජනාධිපතිතුමනි. ඔබයි අපේ රටේ නායකයා!
Janesh Friday, 04 October 2019 01:13 PM
ජනතාවගේ බලාපොරොත්තුව ඔබයි. ඔබට තෙරුවන් සරණයි..!!!
palithalakshman Friday, 04 October 2019 01:13 PM
ඔබතුමාට ජයෙන් ජයම වේවා...!!! තුනුරුවන් සරණයි
රත්නායක Friday, 04 October 2019 01:14 PM
ජය වේවා...!!! ලැජ්ජයි යූ.එන්.පී...
Ksc Friday, 04 October 2019 01:21 PM
ලියකියවිලි අස්ථාන ගතවූ බව වාර්තා වු විට සාධාරණ සැකයෙන් තොරව වග උත්තකරු වැරදිකරු නොකාරාවි කියලා කාටත් හිතුනා. ලියවිලි අස්ථාන ගතවීම රජයේ වරදක් මිසක් වග උත්තරකරුගේ වරදක් නෙමෙයි නිසා.
Yapa Friday, 04 October 2019 01:21 PM
පරාජිත දේශපාලන කුහකයන් පදනම් විරහිත බොරු චෝදනා ගෙනාවද ඔබතුමාට ජය නියතයි මැතිදුනි..
YapaFriday, 04 October 2019 01:43 PM
මොනවා උනත් සත්‍යය ජය ගන්නවා කියල අමතක කරන්න එපා..
Jaya Friday, 04 October 2019 01:24 PM
පුස් වෙඩි පත්තු කලාම වෙන දේවල් තමයි මේ. ප්‍රතිවාදියාට අනවශ්‍ය ප්‍රසිද්දියක් අනුකම්පාවක් ලබා දෙනවා.
Gamarala Friday, 04 October 2019 01:25 PM
මානසික ආබාධ ඇති අය අධිකරණයේ ගොනු කරන නඩුවල කිසිම හරයක් නොමැති බව තහවුරු වූ තවත් නඩු තීන්දුවක් !
kalu Friday, 04 October 2019 01:40 PM
ජයවේවා !
Raveendra Friday, 04 October 2019 01:40 PM
කෙරුවත් නොකෙරුවත් මොනදේම ..// සිත්වලට බැහැ කිසිවෙකුහට බොරු කෙරුම..// ඒ ඒ සිත් දන්නවා අප වැරදිද නිවැරදිද යන්න..// සක්කරයටත් මෙය පොදු බව නොදන්නේද ..//
Wasantha Friday, 04 October 2019 01:41 PM
අපේක්ෂකයෝ ඔක්කොම දිහා බලද්දී මෙතුමා උඩින්ම ඉන්නවා වෙන විකල්පයක් මිනිසුන්ට නැහැ.
mahee Friday, 04 October 2019 01:47 PM
උසාවියට වුනත් මොළයක් තියෙනවනේ. එහෙම නම් 2005 ඉඳල අවුරුදු 14ක් බලාගෙන හිටියෙ මොකටද. මේකෙන් වුනේ ගෝඨාගෙ ජනප්‍රියත්වය වැඩි වෙච්ච එක විතරයි
රොහාන් Friday, 04 October 2019 01:48 PM
ගරු,අධිකරණයේ කාලය නාස්ති කිරීම හා වැරදි පුර්වාදර්ශ සැපයීම මත වහාම නඩු ගාස්තු අයකර ගත යුතුය,
විමල් Friday, 04 October 2019 01:53 PM
යන්තම් ඇති දැන් අධිකරණය ස්වාධීනයි.
Revan Friday, 04 October 2019 02:05 PM
දේශපාලන මතවාදය කෙසේවුවත් මෙවැනි පදනම් විරහිත චෝදනා නිෂ්ප්රභා කිරීම පිළිබඳ අධිකරණයට අපගේ ස්තූතිය...
Chanak los angeles Friday, 04 October 2019 02:41 PM
ලංකාවේ නීතිය ඔහොම තමයි. හිතන්න එපා බේරුණා කියා.. ඇමෙරිකානු පුරවැසිකම මොහු අයින් කරගෙන නැහැ. එතකොට බලාගන්න පුළුවනි වෙනදේ...
RamaniFriday, 04 October 2019 03:10 PM
චානක කියන සිංහල නමකින් පෙනිලා හිටියට..., පුල්ලි ටික තාම පෙනෙනවා.
SFCAFriday, 04 October 2019 04:00 PM
නිකන් ඔල මොට්ටල කතා කියන්න එපා. ආවට පස්සේ නඩුවක් දාන්න. අවුරුදු පහ ඉවර වෙනකන්ම ඔයාලට විනෝද වෙන්න.
Gamini Friday, 04 October 2019 02:54 PM
මෑත ඉහිහාසයේ අප රටට මිලකළ නොහැකි සේවයක් කර ඇති ඔබතුමාගේ පුරවැසිභාවය ගැන කතා කරන මොවුන් රටට කර ඇති සේවය කුමක්ද? පෙත්සම් ඉදිරිපත් කිරීමට හෝ රට ආරක්ෂා කරදුන් ඔබතුමාට ජය නියතයි මැතිඳුනි.
Chanak los angelesSaturday, 05 October 2019 04:17 PM
ඝෝටගේ කර තිබෙන්නේ බොරුවක් බව කියවෙන්නේ පුරවැසිකම ඉවත් කළ පුද්ගලයන් තවදුරටත් ඇමරිකානු ෆෙඩරල් ආණ්ඩුවට බදු ගෙවීම අවශ්‍ය වන්නේ නැති බැවින් ෆෙඩරල් ආදායම් බදු දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන බදු ගෙවීමෙන් ඉවත් කළ අයගේ නාම ලේඛනයේ ඔහුගේ නම සඳහන් නොවීමෙනි . මෙය වසරේ මාස 6 කට වරක් නිකුත් කරන්නකි. අවසන් නාම ලේඛනය නිකුත් කෙළේ ජුලි 30 වෙනිදා ය. එහි නන්දසේන ගෝඨාභය රාජපක්ෂගේ නම නැත. මැයි 3 වෙනිදා පුරවැසිභාවය ඉවත් කළ අයෙකුගේ නමක් ජුලි 30 වෙනිදා නාම ලේඛනයේ නොවූයේ කුමන අරුමයකටද? පුරවැසිභාවය ඉවත් කරද්දීම අයැදුම්කරුවා ආණ්ඩුවට බදු ගෙවීමට තිබේ දැයි සොයා බැලේ. දින 12 කින් ඒ කාර්ය සොයා බලා පුරවැසිභාවය ඉවත් කිරීමට තරම් කාර්යක්ෂම වූ රජයක් මාස 2 යි දින 27 ක් යනතුරු එය නාම ලේඛනයකට ඇතුලත් කිරීමට තරම් අකාර්යක්ෂම වූයේ කෙසේ ද?
සත්‍යපාල Friday, 04 October 2019 02:58 PM
වහලුන්ට දැන් සතුටු ඇති. පවුල් පාලනේ ආවම කරන හරියත් බලාගන්න බැරියැ...
jayasekaraSaturday, 05 October 2019 04:27 AM
ඔව් ඔව්.. එහෙම කියලා බලේට ආපු අය කරපු හරිය හොඳටම ඇති... කොච්චර සනීපද කිව්වොත්.. අපේ හාමුදුරු නමකගේ අදාහනයක් වත් උතුරේ කරගන්න බැරි තරමට...
සේන Friday, 04 October 2019 03:25 PM
මගේ රටට දළදා හිමි සරණයි !!
Ksc Friday, 04 October 2019 03:25 PM
අධිකරණයත් දිනපු වගඋත්තරකරුත් දිනපු පැමිණීලිකරුත් දිනපු නඩුවක්.පැමිනිලකරුවන්ගෙ අරමුණ වෙන්න ඇත්තෙ ගෝඨා ... විශවාස කළ නොහැක බලය අයුතු ලෙස භාවිතා කරන කෙනෙක් බව පෙන්නීම. ගෝටා .. ඔනැ වෙන්න ඇත්තෙ නඩුව දිනල චන්දට බාධාවක් වලක්වාගැනීම. අධිකරණය වෙහෙස ගන්න ඇත්තෙ දේශපාලනය ගෑවුන මේ නඩුවෙදි ප්රශස්ත තීන්දුවක් දීලා අධිකරණයේ ගරුත්වය ආරක්ෂා කරන්න. හැමෝම දිනපු නඩුවක් මේ.
MARA Friday, 04 October 2019 03:46 PM
මොන බයිලා ගැහුවත්, හොඳ කරන ටිකක් එළියට අාවා. ලංකාවේ ඔච්චර ද්විත්ව පුරවැසි ප්‍රදානයන් සිද්ධ කරලා තියෙනවා. එ්ත් හත් දෙයියනේ ගෝඨාභයගේ ඉල්ලුම් පත්තරේට විතරක් කොහොමද අගට "අ" ඇවිත් තියෙන්නේ. පෝලිමේ තැන මවල කියලද මේ කියන්නේ? පව් අප්පා මේ දේවල් ගෝඨාභයටමනේ වෙන්නේ. දුකයි...
බන්දුල පෙරේරා Friday, 04 October 2019 03:50 PM
කොහොමද මේ ෆයිල් එකට විතරක් විකෘති අංකයක් අවේ?
sudath Friday, 04 October 2019 04:00 PM
සුබ පැතුම් කැනඩා ශ්‍රී ලාංකිකයෝ...
SiriSaturday, 05 October 2019 03:33 AM
එයා දිනුවොත් ඔයාල සේරම ලංකාවට යනවද පදිංචියට? මොකද දෙවැනි සිංගප්පුරුව වෙනවානේ!
Gamarala Friday, 04 October 2019 04:06 PM
මේ නඩුවට නම්යූ.එන්.පී. ය කිසිම සම්බන්ධයක් නැහැලු.. මොකද ඒ ගොල්ලන්ට පරද්දවන්ට පුළුවන් ලේසිම කෙනාලු එයා...
AmilaFriday, 04 October 2019 05:22 PM
එජාපයේ හාමු මොනවා කිව්වත් යටින් සහයෝගය දක්වන්නේ අනිත් පැත්තේ කෙනාට... ඉතින් මේ ඔක්කොම එයාගේ ගේම්. එයාගේ අයියාත් වැඩ කරන්නේ අරයට. ඒ වගේම අර රජෙක් වගේ හිටපු මනුස්සයා යටින් සහයෝගය දක්වන්නේ අනිත් පැත්තෙන් ඉල්ලන කෙනාට...
Appuhami Friday, 04 October 2019 04:07 PM
සමනල්ලු ටිකටයි, ළමයින්ටයි... දැන් සනීපද?
Chanak los angelesSunday, 06 October 2019 10:53 PM
ඒ කියන්නේ ගෝටා ද්විත්ව පුරවැසියෙක්. එතකොට කෙලින්ම ශ්‍රී ලාංකික පුරවැසියෙක් නොවෙයි කියන එකනේ අධිකරණය තීරණය කලේ? ඒක හොඳයි එහෙනම් 19 ඝෝටාට හරස් වෙනවා ලංකාවේ කිනම් හෝ අපේක්ෂකත්වයකට. මේ දේ තමයි පෙත්සම්කරුවන්ට කර ගැනීමට අවශ්‍යතාවය තිබුනේ.
බද්රානි Friday, 04 October 2019 04:16 PM
යටහත් පහත්, දැඩි වහල් මනසක් සහිත අපට මාර සතුටක් දැනෙන්නේ අනේ... ඒ සතුට කොතරම්ද කියනවා නම්, හෙට බඩගින්නේ හිටියත් කමක් නැහැ කියලා, දිගම දිග බට්ටෝ වැලක් ගෙනැල්ලා මහපාරේ පත්තු කළා. බෝම්බ හඬකටත් වඩා සද්දෙට ඇහුණු බට්ටෝ වැලෙන් නික්මුණු සුවඳ, පාරට විසිවුණු කඩදාසි කොළ ටික මුළු පළාතම ලස්සන කළා අනේ. බලන්නත් ලස්සනයි. එයාලා බොරුවට නඩු දානවා. පව් කියලා හිතෙන්නේ නැද්ද මන්දා එයාලට?
ගුණවර්ධන Saturday, 05 October 2019 01:21 AM
මෙයා මේ කියන්නෙ සජිත් පේමදාසට ජනාධිපති අපේක්ෂකත්වය ලැබුණු දවසෙ දැනුණු සතුට සහ සමරපු විදිය ගැන වෙන්න ඕන..මොකද මෙයා එයාලගෙ වහලෙක් බවයි මම නම් දන්නෙ.
බද්රානිSaturday, 05 October 2019 07:44 AM
අනේ මම නම් කිසිවෙකුගේ වහලෙක් නෙමේ ගුණවර්ධන, ලංකාවේ ප්‍රධාන දේශපාලන පක්ෂ දෙකම එකම කාසියේ දෙපැත්ත. දෙගොල්ලොම එක හා සමානයි. ගුණවර්ධනගේ නඩු වැඩි නායකයාව නඩුවලින් නිදහස් කරගෙන මේ රටේ රජකම ලබාදෙන්නකෝ... එතකොට ඔයාට එතුමාගේ යටත් වැසියෙක් ලෙස වහල්බවේම, කට වහගෙන, ඔලුව නමාගෙන, සතුටින් ජීවත් වෙන්න පුළුවන්නේ.. ගුණවර්ධනගේ මොළේ වර්ධනය නොවීම ගැන මම මොකද කරන්නේ...? ඔබව තවත් සතුටු කරන්නත් එක්ක අද රෑට අහස් වෙඩිත් ගහන්නම්කෝ...
ගුණවර්ධන Saturday, 05 October 2019 09:42 AM
බද්රානි, ඔබත් තවකෙක් හෙළා දකින ගමන් එක්තරා පක්ෂයක වහලෙක් වෙලා කියලා ඔබටම තේරුම් ගන්න බෑ වගේ.. ඔබේ මොළේ වර්ධනය ගැන හිතා ගන්නත් ඒක හොඳ සාක්ෂියක්..
appuwaa Friday, 04 October 2019 04:16 PM
ඩොලර් කාක්කන්ට බඩ කට පුරා...!
AmilaFriday, 04 October 2019 05:17 PM
ඇමරිකන් ගෝඨා ගැන වෙන්න ඇති කියන්න ඇත්තේ...
Soma dubayi Friday, 04 October 2019 04:29 PM
ඔය තීන්දු අපි පිළිගන්නේ නැහැ. කිසිම රාජපක්ෂ කෙනෙකුට තරග කරන්න ඉඩදෙන්න බැහැ.
jayasekaraSaturday, 05 October 2019 04:29 AM
සොමෝ...ඉස්සර වෙලා ලංකාවට එන්න.......ලංකාව තාම තියෙනවා .....
lal Friday, 04 October 2019 04:57 PM
නිවැරදි තීන්දුවට ප්‍රණාමය... දැන් අපිට රට ගැන බලාපොරොත්තුවක් ඇත.
kavantissa Friday, 04 October 2019 05:07 PM
එයාගේ මහාචාර්යකම එයාගාවම තියාගන්න කියන්න. අනිත් අයට පෙන්නන්නේ නැතිව හිටියොත් හොඳයි.
Amila Friday, 04 October 2019 05:15 PM
ඕක ඉතින් වෙනවා කියලා බොහෝදෙනා දන්නවා. නමුත් ජනාධිපතිවරණයේදී පොහොට්ටුවට සිදුවන්නේද ඉන්දියාවේ පවුල් පක්ෂයක් වූ කොංග්‍රසයට අත්වූ ඉරණමයි...
නොකවුට් Friday, 04 October 2019 06:48 PM
ඉන්දියාවේ කොංග්රස් පක්ෂය පවුල් පක්ෂයක් වුණාට යූ.එන්.පී එක වගේ. මුස්ලිම් අය වට කරගෙන ඉන්නේ... කොංග්රස් පක්ෂය තමයි ඉන්දියාවේ පැරණිම පක්ෂය. නරේන්ද්‍ර මෝඩිගේ පක්ෂය ගොඩක් පැරණි පක්ෂයක් නෙමෙයි. හැබැයි හින්දු අන්තවාදය එහි තියනවා. ඒ නිසා තමයි භාරතීය ජනතා පක්ෂයට හින්දු ජාතික ඡන්දය ලැබෙන්නේ...
AmilaSaturday, 05 October 2019 03:15 AM
මුස්ලිම් මන්ත්‍රීලා 20-30 තමයි 1980 ගනන් වල සිටම ඉන්දියානු ලොක් සභාව නියෝජනය කරේ. ඒක තීරණත්මක සාදකයක් නෙවේ.
නොකවුට් Friday, 04 October 2019 06:49 PM
ගෝඨාභයට ඇමරිකාවට ගිහිනුත් නඩු දැම්මා නේද?
පුෂ්පකුමාර Friday, 04 October 2019 08:00 PM
ලංකාවේ මන්ද මානසික බත් බැලයින්ට නොතේරුනාට, කුමන පරිශ්‍රමයක් දරා හෝ ඔවුන්ගේ ජාතිය බේරා ගන්නවා. ඒ අතින් අපි ඇමරිකන් රජයට ගෞරව කල යුතුයි.ලංකාව තුල පවතින රාජ්‍ය නිලධාරීන්ගේ ත්‍රස්තවාදයෙන් ප්‍රයෝජන ගන්නත් ඇමරිකන්කාරයෝ කිසි විටෙක පසුබට වන්නේ නැහැ
chandima Friday, 04 October 2019 11:02 PM
ඔය ජයවේවා කිව්වට මේකෙන් ජය වෙන්නේ සජිත්ටයි. ගොටගේ නඩුව පැරදුනානම් එයට ඡන්දෙ දෙන්න හිතන් වුණ මිනිස්සු තරහටත් එක්කල ඡන්දෙ දෙන්නේ විකල්ප අපේක්ෂකයෙකුට. විකල්පෙට ඉබේම ලැබෙන ඡන්ද ටිකයි ගොටගේ ඡන්දයි එකතු වුණා නම් සජිත් පරදිනවා.
Nishan Friday, 04 October 2019 11:41 PM
මොකක් නිසාද ? පොඩ්ඩක් ඉන්න. සී.අයි.ඩී. එකෙන් දාපු අපරාධ නඩුවක් තියෙනවා ද්විත්ව පුරවැසිභාවය නැතුව ඡන්දේ දැමීම ගැන. මේ විභාගෙදි විත්තියේ නීතිඥයෝ ඒ නඩුවට මේ විභාගයේ තීන්දුව බලපායි කියලා පෙත්සම විසි කරන්න කියලා ඉල්ලපු ඉල්ලීම කවුරුත් ප්‍රසිද්ධ කරන්නේ නෑ. මෙහිදී ද්විත්ව පුරවැසියෙක් නෙවෙයි කියන කාරණය සාකච්ඡ උනේ නෑ. එකයි වැදගත් කරුණ ජනාධිපතිවරනේදී.
LGJ Dharmaratna Saturday, 05 October 2019 12:37 AM
අවසානයේ සත්‍යය ජය ගනී. 1948 නිදහස ලබාගත් වෙලේ සිටි නායකයන් 1956 න් පස්සෙ යූඇන්පියට බිහිවුනේ නැහැ. දැන් ඉන්නෙ වදපීදුන නායක රැලක් . මුන්ට කවදා මොලය පෑදෙයි ද.
Bamunuarachchi Saturday, 05 October 2019 12:49 AM
හරි හරි සුදු වෑන් එක ඩ්‍රයිව් කරන්නේ මම වියන්ගොඩ බොනට් එක උඩ තියාගෙන.
Chanak los angelesSaturday, 05 October 2019 01:22 AM
හිතුවද ඝෝටා ජනපති වෙනවා කියලා .
Chandi Saturday, 05 October 2019 02:45 AM
අනිවා ආයේ දෙකක් නෙහැ..ගෝටා ෆොර් ද වින්
විජිත් Saturday, 05 October 2019 05:42 PM
මොන පිස්සුද..? මහඋළු ගෙදරට තමයි. චෝදනා නඩු කීයක්ද? ඒ නිසා දැනදැනම ජනාධිපති කරන්න තරම් අපේ රටේ මිනිස්සු දැන් මෝඩ නැහැ. මහේෂ් නැතිනම් නාගානන්ද අනිවාර්යයෙන්ම ජනාධිපති වෙනවා.
Chanak los angelesSaturday, 05 October 2019 07:07 PM
19 වෙනි සංශෝධනය දන්නේ නැතිනම් දන්නා කෙනෙක්ගෙන් අහගන්න. එතකොට තේරුම් යයි ගෝඨට ජනපති කෙනෙක් වෙන්න බැරි බව.
gunarathna Saturday, 05 October 2019 01:43 AM
මම මුලින්ම හිස නමා ආචාර කරනවා වියන්ගොඩට සහ තේනුවරට.ගෝටබය මහත්තය දන ගහල වඳින්ට ඕනේ මේ දෙන්නට. මොකද ගෝඨාට ලොකුම ප්‍රස්නයක් වෙලා තිබුන පුරවැසිකම ගැන නීත්‍යානු කූල සහතික කරලා දුන්නට.දැන් මේ රටේ කිසිම කෙනෙකුට කිසිම සැකයක් තියාගන්ට ඕනේ නැහැ ගොටගේ පුරවැසි කම ගැන.මේ නඩුව නිසා ගෝට සම්පුරණයෙන් නිදහස් වුණා.බොහොම පින් ඔය මහත්වරු දෙන්නට.
බද්රානිSaturday, 05 October 2019 12:41 PM
ගුණවර්ධනගේ ඔය ටිකිරි මොලෙන් සිතන විදිහ නම් හරිම සුන්දරයි. ගැටලුව තියෙන්නේ, ව්‍යවස්ථාව අනුව, ඒ මහතාගේ ඔර්ජිනල් ද්විත්ව පුරවැසි සහතිකය අනුව, ද්විත්ව පුරවැසියන්ට ලංකාවේ චන්දෙකට ඉදිරිපත් වෙන්න බැහැනේ. ඒ අස්සේ තවම ඇමරිකන් පුරවැසිකම අස් කරගෙනත් නැහැ. අනේ මන්ද ඔහොම ගියොත් ආයෙත් සැරයක් උසාවි නඩුවක් දිනලා ඔයාලට රතිඥා පත්තු කරන්න වෙයි. ඔයාලට නම් මොකද, රතිඥා වලට වියදම් කරන්න ඕන තරම් සල්ලි ඇතිනේ?
ගුණවර්ධන Saturday, 05 October 2019 04:34 PM
මෙයා හිතන් ඉන්නේ මෙයා තරම් උගතෙක් තවත් නෑ කියලා වගේ.. හැමෝම පහත් කරලා කතා කරන්නේ ඒකනේ... මොළේ කොහොම වුණත් මට පේන්නේ මෙයාගේ ඇස් පෙනීමත් ටිකක් දුර්වලයි වගේ...
තිළිණ Saturday, 05 October 2019 02:27 AM
ද්විත්ව පුරවැසි භාවය තියෙනවා කියල ඔප්පු උනාම ස්වාධීන වෙච්ච අධිකරණය, ද්විත්ව පුරවැසි භාවය නිසා ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්න බෑ කියල ඊලඟ නඩුවෙන් තීන්දු කරාම අධිකරණයට පලු යන්න බනින්න ඔට්ටු නෑ ඔන්න
sanath Saturday, 05 October 2019 02:37 AM
දේශපාලන කෝණයෙන් නොබලන්නේනම් ලංකාවේ හොඳම පාසලට ගොස් සාපෙළ අසමත් වූ කෙනෙක් අපගේ නායකයා කරගන්නේ ඇයි දැයි අපිම සිතිය යුතුයි. කථිකත්වය මත ඔහුගේ තීන්දු ගැනීමේ ශක්තිය ඉස්මතු නොවේ. විශේෂයෙන් බොහෝ නිලදාරීන් දේශපාලකයන් ඇන්දවීමට බලාසිටින බැවින් නිවැරදි දේ තෝරාගැනීමට දේශපාලකයා බුද්ධිමත් වියයුතුය.
mp Saturday, 05 October 2019 03:37 AM
හොඳම තීරණයක්. ජයවේවා!
ලුම්බිණි Saturday, 05 October 2019 03:44 AM
ගෝඨාභය වගේ දවස් තුනෙන් ද්විත්ව පුරවැසි කම් ලබා ගැනීමට ඒ සඳහා ඉල්ලුම් කරපු සියල්ලන්ටම හැකි වේවා!
පිටිගල මිලානෝ Saturday, 05 October 2019 05:00 AM
දැනට හිරේ මිනීමැරුම් දඬුවම් විඳින දුමින්ද සිල්වා හිටපු ආරක්ෂක අධීක්ෂණ මන්ත්‍රීට නිදහස දෙන්නේ නැහැ කියලා පොරොන්දු වෙන්නේ නැත්තේ ඇයි? අපට ඔබව විශ්වාස නැත.
shanthaSaturday, 05 October 2019 05:27 AM
අන්න සහරාන්ගේ ගෝලයෝ 60ක් නිදහස් කරන්න අරහේ හොරගල් අහුලනවා
NalakaSunday, 06 October 2019 02:00 AM
සහරාන්ලට පඩි ගෙව්වේ ආණ්ඩුවේ ගිණුමකින් නේද ?
ගුණවර්ධන Saturday, 05 October 2019 07:11 AM
එහෙනම් සජිත් ප්‍රේමදාසට කියන්න පුළුවන්ද? ජනාධිපති වුණාම බලය බෙදන්නේ නෑ කියලා.. රනිල් අගමැති කරන්නේ නෑ කියලා..මහ බැංකු බැඳුම්කර හොරකමට සම්බන්ධ නෑ කියලා.. මේ ටික කිව්වොත් මමත් ඡන්දෙ දෙනවා සජිත්ට අනිවාර්යයෙන්ම..
bul Saturday, 05 October 2019 05:43 AM
මහා බැංකුව ට ආර්ථික ප්‍රහාරය කරපු එකා තවමත් එළියේ.....මුළු ලංකාවේම අවුරුදු 30 යුද්දේ ඉවර කරපු මනුස්සය ඇතුලට දාන්න ???
Saman Saturday, 05 October 2019 08:00 AM
දැන් දවසින් සහතික දෙනව නොවැ. අර ෆෝම් මේ ෆෝම් මොකවත් පුරවන්න ඕනැ නෑ. කාලෙත් ඉතුරුයි, සල්ලිත් ඉතුරුයි. වැඩෙත් ලේසියි. ඔබේ ද්විත්ව පුරවැසි සහතිකය ලබාගන්න අදම පියනගන්න ජනාධිපති මන්දිරයට...
sirimal Saturday, 05 October 2019 08:09 AM
මොකද හේතුව කියලා මට තේරෙන්නේ නැහැ. ඒ වුණාට බොහොම කාලෙකට ඉස්සර ඉතාම ජනප්‍රියත්වයට පත්වෙලා තිබුණු ගීතයක කොටසක් මට මේ වෙලාවේ මතක් වෙනවා. ගීතය ලියලා තිබුනේ ප්‍රේමකීර්තිද අල්විස් මහත්තයා. ගායනා කලේ ෆ්රෙඩීද සිල්වා මහත්තයා. ගීතයේ මගේ මතකයට ආව කොටස මේකයි. "දෙපැත්තේ කාරණා සලකා බලලයි දෙන්නේ තීන්දුව උදහස්. ඇට සැකිල්ල වාගේ ඔටුන්න දාගෙන රාජ සභාවේ අසුන කරා, අපේ කැකිල්ලේ රජ්ජුරුවොයි ඔය එන්නේ හිටපල්ලා නිශ්ශබ්ද වෙලා"
Sumathipala Saturday, 05 October 2019 09:17 AM
ඉතින් දැන් ගෝඨාභය මහත්තයට ඡන්දෙ ඉල්ලන්න බැහැනේ. එයා දිවිත්ව පුරවැසියෙක් කියලා අධිකරණය පිළිඅරන් තියනවනේ. 19 වැනි සංශෝධනය අනුව ද්විත්ව පුරවැසියකුට ඡන්දයක් ඉල්ලන්න බැහැනේ..
බද්රානිSaturday, 05 October 2019 10:24 AM
සුමතිපාල ඔබ නිවැරදියි. ඔන්න ඔය ටික මේ නාම්බන්ට වැටහෙන්නේ නැති නිසානේ, උඩ පැනපැන වෙඩි ගහන්නේ? අධිකරණය හරිම ස්වාධීනයි. ගෝඨාභය මහත්තයාගේ ද්විත්ව පුරවැසිකම නීත්‍යානුකූල බව පිළිගෙන තිබෙනවා. ඉතින් එහෙම අයෙකුට 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ඡන්දෙ ඉල්ලන්න බැහැ... ඡන්දෙ ඉල්ලලා දින්නත් වෙන්නේ ගීතා කුමාරසිංහට වුණුදේම තමයි. දැන් ඉතින් ඊයේ හුරේදාපු වහල්ලු ටික අද කියයිද දන්නේ නැහැ. ඊයේ දුන්නු තීන්දුව වැරදියි කියලා? අනේ මන්දා දැන් කොහොමද මේ වහල්ලුන්ව අපි සතුටු කරන්නේ..?
tharidu Saturday, 05 October 2019 03:28 PM
මේක වහල්ලුන්ගේ දේශයක්
kaavinda Saturday, 05 October 2019 03:36 PM
වැරදිලා හරි එදා ෆොන්සේකාට කරපු විදිහට හරිකරලා දින්නොත් සිංගප්පූරුවේ ඉස්පිරිතාලවල ඉඳගෙනද ආණ්ඩු කරන්නේ...?
Chanak los angeles Saturday, 05 October 2019 03:54 PM
රාජපක්ෂලා ඊයේ අවසාන මොහොතේ ‘ශ්‍රී ලංකා නිදහස් පොදු ජන සන්ධානය’ නම් ලියාපදිංචි නොකළ ස්වාධීන නාමයකින් චමල් රාජපක්ෂගේ නමට ඇප මුදල් බැන්දේ ගෝඨාගේ නඩුව සම්බන්ධයෙන් ලැබෙන තීන්දුව අනුව ගෝඨාභයගේ ඉදිරිපත් වීම ගැන පැන නැගෙන අවිනිශ්චිතභාවය වඩාත් තීව්ර වන බව දන්නා නිසාය. දැන් ඔහු අභියාචනාධිකරණය පිළිගත් ද්විත්ව පුරවැසියෙකි. හඬා වැලපිය යුතු දිනයෙක ඒ බව නොදන්නා ගෝඨාවාදී ගොට්ටෝ රතිඤ්ඤා පත්තු කළ නමුත් 7 වෙනි සඳුදා සවසට චමල්ගේ මිනිසුන් රට පුරා රතිඤ්ඤා පත්තු කිරීමට ද බොහෝ සෙයින් ඉඩ ඇත.
Bandara Saturday, 05 October 2019 05:32 PM
ජයවේවා...!!! අඩු තරමින් අඩු තරමින් අපේ ළමයිවත් බෝම්බයකට අහුවෙන්නේ නැතිවෙයි. හොරකම් කළත් කමක් නැහැ. කොහොමත් හොරකම අනිවාර්ය පොදු ලක්ෂණයකි.
nilu Sunday, 06 October 2019 06:17 PM
ඔබගේ තර්කයේ හරි සහ වැරදි දෙකම ඇත. 1) විදෙස්ගත ලාංකිකයෙක් වෙන රටක පුරවැසිකම ගත පසු ලංකාවේ පුරවැසිකම අවලංගු වන්නේය. මෙය ගෝඨාභයට සිදුවිය. 2) ලංකාවේ පුරවැසිකම නැවත ලබා ගත හැක. ගෝඨාභය නීත්‍යානුකූලව එය ලබාගෙන ඇත්තේ වසර10 කට පෙරයි. මෙය මෙම නඩු තීන්දුවෙන් සනාථ විය. 3) නැවත ලංකාවේ පුරවැසිකම ලබා ගැනීමට, පළමුව ද්විත්ව පුරවැසිකම ලබාගත යුතුයි. ගෝඨාභය බයකර ඇත. 4) එමනිසා ඔහුට පිටරට පුරවැසිභාවය අස්කරගත හැක. මෙය ගෝඨාභය විසින් 2019 අප්‍රේල් මාසයේ 17 දින සිදුකර ඇත. 5) මේ අනුව ඔහුට දැනට ඇත්තේ ලංකාවේ පුරවැසිකම පමණි...
Chanak los angeles Sunday, 06 October 2019 11:01 PM
ඕක ඔහොම ගියදෙන්කෝ. අපි බලමුකෝ ගෝටා ඇමරිකානු පුරවැසිකම ඉවත්කර ගත්බවට ලැබී තිබෙනවා කියමින් ඉදිරිපත් කරන්න හදන ලේඛන හරි ඒවාද කියා. ලංකාවේ නීතිය එක්ක සෙල්ලන් දැම්මට ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සමග සෙල්ලන් කරන්න හම්බවෙන්නේ නැහැ .