(ඩයනා උදයංගනී)
බදු අඩුකිරීම සඳහා හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලැබුණු වැරදි උපදෙස් හේතුවෙන් රාජ්‍ය ආදායම පහත වැටුණු බව කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
පසුගිය වසරේ දී රාජ්‍ය ආදායම ලෙස ලැබී ඇත්තේ දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8.3ක් පමණක් බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.
රාජ්‍ය සේවකයන් මත පනවා තිබූ ඉපයුම් බද්ද ඇතුළු බදු කිහිපයක් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සමයේ අඩු කළ බවත්, කවුරුත් නොඉල්ලූ බදු අඩු කර රට ව්‍යසනයකට ගෙන ගිය බවට එදවස විපක්ෂය පවා චෝදනා කළ බවත් ඇමතිවරයා පැවසීය.
ක්‍රමානුකූලව රාජ්‍ය ආදායම් වැඩිකරගත යුතු වුවත් එසේ නොකිරීම හේතුවෙන් වත්මන් ආර්ථික අර්බුදය ඇති වී තිබෙන බව ද බන්දුල ගුණවර්ධන මහතා කීවේය.
බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී අද (7) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැගූ පැනයකට පිළිතුරු දෙමිනි.
රාජ්‍ය ආදායම පහත වැටුණු පසු අපි අන්තර්ජාතික ගණුදෙනු පියවීමට හා ආර්ථිකය පවත්වාගෙනයාමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට ආ යුතු බව කී ඇමතිවරයා එසේ නොකර රට පවත්වාගෙන යා හැකි විකල්පයක් නැතැයි ද කීවේය.
හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්
කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.
මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්
ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.
පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .
ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගෝඨාභයට ලැබුණු වැරදි උපදෙස් නිසා රාජ්‍ය ආදායම අඩුවුණා
විපරමා Tuesday, 07 February 2023 04:10 PM
ආර්තික ඔස්තාර් කෙනෙක් වෙචිචි තමුනුත් ඒවාට වගකියන්න ඕනේ...
Hafeel Tuesday, 07 February 2023 04:18 PM
කෝවිඩ් නිසා නොවේද? මෙච්චර කල් කිව්වේ කෝවිඩ් නිසා තමයි රාජ්‍ය ආදායම් අඩුවුණු බව... ඔයාලාට තේරෙනකොට සේරම විනාශවෙලා ඉවරයි.
chathurika Tuesday, 07 February 2023 04:22 PM
ගෝඨාභයට වැරැදි උපදෙස් දුන්නු කේවට්ටයා තමයි.
sharm warn Tuesday, 07 February 2023 04:24 PM
කවුද ඉතින් වැරැදි උපදෙස් දුන්නේ? අපි නෙවෙයිනේ... අනිත් එක ඔහෙත් ඔය කැබිනට් එකේ හිටියනේ...? ඒ කාලේ සුදුළූණු සුද්ද කරකර හිටිය නිසාද වැරැද්ද පෙනුණේ නැත්තේ? දැන් මෙතන නින්දෙන් ඇහැරිලා වගේ කතා කරන්නේ..?
kamal Tuesday, 07 February 2023 04:29 PM
උපදේසේ කොහොම ලැබුණත් මොලේ කළඳක් තියෙන ඕනෑම කෙනෙක් දන්නවා කියන්නා කෙසේ කීවත් අසන්නා සිහිබුද්ධියෙන් ඇසිය යුතුයි කියලා. ඒකයි වැරදුණේ...
Sunil Tuesday, 07 February 2023 04:37 PM
ලැබුණු උපදෙස් වල නිවරදිතාවය තහවුරු කරගන්න බැරි ගොනෙක්ද එයා?
lalindra Tuesday, 07 February 2023 05:20 PM
චීන බදු බාලයි කීවට මම ආචාර්ය උපාදි ගැන එහෙම හිතුවේ නෑ. බලාන ගියාම ඒවයෙත් වෙනසක් නෑ. ඇමති තුමා හිතාන ඉන්නේ අපිත් එතුමා වගේ මැරිලා ඉපදිලා කියලා එතුමා මැරිලා ඉපදෙන්න කලින් පාර්ලිමේන්තු මතිවරනෙට ආවේ මහබැංකු හොරකම ජනගතකළ කියලා පෝස්ටර් ගහලා . ඒවගේම අපිට මතකයි මැරිලා ඉපදෙන්න කලින් බදු අඩුකරම ඉතුරුම් ඉහලයන හැටි සහ පරිබෝජනය ඉහල ගිහිල්ලා ආර්ථිකය වර්දනය වෙලා කලින්ට වඩා වැඩියෙන් රාජ්‍ය ආදායම හා ආර්ථික වර්දනය ගැන ලොකු දේශනා දෙනවා. ගොටාබයට උපදෙස් දෙන්න ඇත්තේ ඔයවගේ කයිවාරු දේශනා කාරයෙක් නෙමේ වෙන්න ඇති .
sriyal Tuesday, 07 February 2023 05:22 PM
අනේ අපිනම් ඔය කැබිනට්ටුවට හිටියෙ නෑ උපදෙස් දෙන්න
සිල්වා Tuesday, 07 February 2023 05:41 PM
රජයේ ජාතිවාදී ප්‍රතිපත්ති ද විදෙස් ආධාර නොලැබීමට හේතුවක් විය.
Bamunuarachchi Tuesday, 07 February 2023 06:26 PM
වැරදි උපදෙස් දුන්නේ තමුන්නැහේ පුරුද්දට අනුන්ගේ ඇඟට ලෙඩ දමනවා
ravin Tuesday, 07 February 2023 07:05 PM
තොත්ත බබෝ තමුන් එතකොට හිටියේ කොහෙද ?කලදුටු කල වල ඉහගන්න හදනවද ?
Dinesh Tuesday, 07 February 2023 07:17 PM
අපිද වැරදි උපදෙස් දුන්නේ .තොපිනේ
Lalla Wednesday, 08 February 2023 01:10 AM
එක උපදේශකයෙක් අනිත් අය පාවලා දෙනවා . චී චී කැතයි..
Demuni Uduwara Wednesday, 08 February 2023 05:00 AM
ඔයා සිටියේ කොහේ ද ? විපක්ෂයේද ?
අරවින්ද මොණරවිල Wednesday, 08 February 2023 07:07 AM
ඒ දවස්වල ඒවා සාධාරණීකරණය කල එක ගොනෙක් තමා මේ තප්පුලන්නන්.
සමිත සේනක අලුත්ගමගේ. Wednesday, 08 February 2023 07:48 AM
පොහොට්ටු නායකයන් හා හෙංචයියන් රටම හොරා කාලා රට බංකොලොත් කළා.වංචාව දූෂණය හොරකම ඉවවහා ගියා.හොරුන් නූගතුන් කයිවාරු කාරයන් රජවූ රටකට යහපතක් වේද ? නැත්තේ මය.
Perera Wednesday, 08 February 2023 07:52 AM
මෙයා වෙළෙඳ ඇමැති විදිහට දීපු උපදෙස් තමයි ගෝඨාභය පිළිපැද්දේ...
මහදැන මුත්තා සහ නවක නායේජියෝ Wednesday, 08 February 2023 08:24 AM
අවසානයේ දී බන්දුල සත්‍ය සොයා ගත්තා. අඩුවෙන් සීනි සමඟ තේ දුන්නු ටී බෝයිගේ වරද නිසා ගෝඨා වැරදි තීරණය ගත්තේ. මහදැන මුත්තාගේ රංචුව රට පාලනය කරන බව දැන අපි දැන් දන්නවා.
Bamunuarachchi Thursday, 09 February 2023 12:51 PM
දැන් හරි උපදෙස් ලැබිලාද කප්පරක් උසට බදු ගහන්නේ...? බදු අඩුකළාම උද්ඝෝෂණ කළේ නැහැ නේද?