IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ගෝඨාභය යුද අධිකරණය යවන්නැයි සංදේශයක්

(ලක්ෂ්මී ජයකොඩි)

දෙමළ ජන සංහාරයකට වගකිව යුතු බවට චෝදනා කරමින් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හා එයට සහාය දුන් බව කියන පිරිස ජාත්‍යන්තර යුද අපරාධ අධිකරණය හමුවට ඉදිරිපත් කළ යුතු යැයි උතුරු නැගෙනහිර යුද්ධය හේතුවෙන් බලහත්කාරයෙන් අතුරුදන්වුවන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපතිනි ලීලාදේවි ආනන්දන් නඩරාජා මහත්මිය වව්නියාව නගර සභා මණ්ඩපයේදි පැවසුවාය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සල සැසිවාරයට සංදේශයක් යැවීමට තීරණය කර ඇතැයි ද ඇය ප්‍රකාශ කළාය.

මෙම සංදේශයට සිවිල් සංවිධාන, උතුරු නැගෙනහිර පළාත්වල පුජ්‍ය පක්ෂ හා දේශපාලන පක්ෂද සිය සහයෝගය පළ කර ඇති බවත් එම පාර්ශවද මෙම සංදේශයට අත්සන් කරනු ඇති බවත් නඩරාජා මහත්මිය පැවසුවාය.

මෙම සංදේශය සකස් කරමින් පවතින අතර එය කඩිනමින් අත්සන් කර ජීනීවා මානව හිමිකම් සැසිවාරය ආරම්භවීමට මත්තෙන් යැවීමට පියවර ගන්නා බවද කීවාය.

මෙම සංදේශයට සමගාමීව ජනවාර්ගික ගැටලුවට දේශපාලනමය විසඳුම් ලබා ගැනීම, දේශපාලන සිරකරුවන් නිදහස් කර ගැනීම, උතුරු නැගෙනහිර පළාත්වල ඉඩම් ආක්‍රමණ නතර කිරීම වැනි ඉල්ලීම් හා ගැටලු ඇතුළත් කළ තවත් සංදේශයක්ද යැවීමට කටයුතු කරන බවද ඇය සඳහන් කළාය.

 



අදහස් (12)

ගෝඨාභය යුද අධිකරණය යවන්නැයි සංදේශයක්

Bamunuarachchi Monday, 22 August 2022 07:54 AM

දෙමල්ලු කරපු සිංහල සංහාරයට... සිංහල අපිට වෙනව දෙමළුන් යවන්න. මේ අරගලයේ රඟ තමයි. මේවා සිද්ද වෙනබව අපි කලින්ම දුටුවා. අනුර මේවට මොනවද කියන්නේ...?

:       6       8

Pradeep Kumara Monday, 22 August 2022 08:19 AM

මෙලොව වසන අසාධාරණයට ලක් වූ සෑම පුද්ගලයෙකුටම සාධාරණය ඉෂ්ඨවිය යුතු බවට කිසිම සැකයක් නැත. එයට කිසිදු ජාති හෝ ආගම බේධයක් තිබිය නොහැක. ඒ අවධියේදී LTTE සංවිධානය අතින් මැරුම් කෑ, බරපතල තුවාල ලැබූ, සදාකල් ආබාධිත තත්වයන්ට පත් වූ සහ අතුරුදන් වූ සාමාන්‍ය සිංහල සිවිල් ජනයාටද එවන් ලෙසම සාධාරණය ඉටුවිය යුතු නොවේද? එක් ජාතියක් ගැන පමණක් සලකනවා වෙනුවට පොදුවේ අසාධාරණයට ලක් වූ සමස්ථ මානව වර්ගයාගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන්න. එවිට අපගේ සහයෝගයද ඔබලාට හිමිවනු ඇත.

:       1       9

pj Monday, 22 August 2022 08:31 AM

අරගලය පිටුපස යතාර්ථය මෙය නම් බෝර්ඩ් ලෑලි කාරයෝ වගකිව යුතුයි.

:       2       9

විජේ Monday, 22 August 2022 09:18 AM

අරගලයේ ප්‍රතිඵල.......

:       11       8

පිටිගල මිලානෝ Monday, 22 August 2022 09:45 AM

යුද අධිකරණයක් අදාල නැත. ලසන්ත, එකනැලිගොඩ, ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සහ සීනි සහ මිග් හොරකම් අල්ලමු.

:       8       14

SanthuMonday, 22 August 2022 01:20 PM

ඇයි එදා ත්‍රස්ත කල්ලිය කල අපරාද අමතකද. එවුන් නිදහසේ ඉඳිමින් තව කෙක් වැරදිය කියන්නෙ මිනිස්සු මැරිල ඉපදුනාද

:       0       6

Kamani kusum Monday, 22 August 2022 09:48 AM

ගෝඨාභය රාජපක්ෂ මහත්මයාව මෙවන් තත්වයකට පත්කළේ ඇයි? ගෝඨාභය මැතිතුමනි, ඔබවටා සිටි ඔබතුමාගේම පවුලේ සහෝදර කැල, ඔවුන්ගේ අඹුදරුවන්, ඔබතුමා වටේ සිටි අනෙකුත් මැති ඇමතිවරුන් (හොරු කැල) ඔබතුමා මේ රටට ස්වයංපෝෂිත අනාගතයක් උරුම කිරීමට ගත් පියවර සියල්ලම අළුදූලි කර දැමූ බවයි මා දකින්නේ.... පෞද්ගලිකව කියනවා නම් අද අපි වෙළඳපළෙන් මිලදී ගන්නේ සහල්, පරිප්පු, අල, ළූණු, තේ කොළ, සීනි වැනි දේවල්‍ තමයි. අපේ ගෙවත්තේ එළවළු ටික, මඤ්ඤොක්කා, පලාවර්ග වවාගෙන අපි දිනපතා ආහාරයට ගන්නෙමු. දිනපතා බුද්ධ පූජාවට ගෙවත්තේ එළවළු සකස් කර පූජාකිරීමෙන් අප්‍රමාණ සතුටක් ලබන්නෙමු.. ඥාති මිත්‍රාදීන්ටද වරින්වර දෙන්නෙමු. මැතිතුමනි, තුණුරුවනේ අප්‍රමාණ ආශිර්වාදයෙන් ඔබතුමා සුරැකේවා..! චිරාත් කාලයක් සතුටින්, සුවසේ දීර්ඝායුෂ ලැබ නිදුක් නීරෝගීව...

:       11       22

පිටිගල මිලානෝMonday, 22 August 2022 11:46 AM

‘අනේ සර් රට ආරක්ෂා කරලා දෙන්න ‘ කියලා සමාජ මාධ්‍ය වල සංසරණය වෙන අඬන කෙනා නම් මෙයා වගේ... ඇතිද සර් කළා...?

:       5       7

සෙනෙවිරත්න Monday, 22 August 2022 10:03 AM

ආයෙමත් විදුලි පුටුවට පන ගස්සවන්න පුළුවන් මේක අල්ලගෙන.

:       4       11

W.V.Anula Jayaweera Monday, 22 August 2022 10:10 AM

අරන්තලාව භික්ෂු ඝාතනය, දළදා මැදුරට බෝම්බ ගැසීම, ශ්‍රි මහා බෝධිය අසල සිල් සමාදන් වූ පිරිස ඝාතනය, පිටකොටුව බස් නැවතුම් පොලේ බෝම්බය, සිංහල ගම්මාන වලට පැන මිනිසුන් ඝාතනය කිරීම...මේවාට වග කියන්නේ කවුද ?

:       5       32

SLMonday, 22 August 2022 11:08 AM

ඒ නිසා මෙයාලත්.....

:       2       5

Sumith Monday, 22 August 2022 12:28 PM

සමහර වීරයෝ වෙන්න ඳඟලන අය, කුහක ප්‍රතිපත්ති තියන අය ගෝඨාභය, මහින්ද කරපු යුද්ධයක් නෑ. යුද්ධය කලේ සරත් ෆොන්සේකා ඇතුලු විරුවෝ. ඇයි ගෝඨාභය සටන් බිමට ගියාද කියලා අහනවා? එහෙම කියන අයම අනිත් පැත්තෙන් මේ යුද අපරාධ චෝදනා කරන ද්‍රවිඩ සංවිධාන ගෝඨාභයට එරෙහිව ගේන මේ වගේ දේවල්වලට සහාය දෙනවා. මේවාට මොනවද කියන්නේ?

:       2       8

ඔබේ අදහස් එවන්න

දියත

පරාජය ඉදිරියේ මහින්දානන්ද ගත් තීරණය
2024 නොවැම්බර් මස 16 282 0

හිටපු අමාත්‍යය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව (16) දින නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ මාධ්‍ය හමුවක් පවත්වමින්


හම්බන්තොටට තද වැසි
2024 නොවැම්බර් මස 16 108 0

කොළඹ කතරගම ප්‍රධාන මාර්ගයේ හුංගම වේල්ල ජලයෙන් යටවීම හේතුවෙන් රථ වාහන ගමනා ගමනයට බාධා ඇති විය.


පැරදුණත් පොරොන්දු ඉටු කරයි
2024 නොවැම්බර් මස 16 667 0

මහ මැතිවරණයට තරග වැදි පරාජය වු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්රි රහිම් පුත්තලමේ ත්‍රි රෝද රථ රියදුරන්ට ලබා දුන් පොරෝන්දුවක් මත ත්‍රිරෝද ටයර් ප්‍


ලංගම බසයක් සහ ජේ සී බී යන්ත්‍රයක් ගැටී පහක් රෝහලේ
2024 නොවැම්බර් මස 16 105 0

ලංගම බස් රථයක් සහ ජේ සී බී යන්ත්‍රයක් කළුතර හොරණ මාර්ගයේ පනාපිටිය ප්‍රදේශයේ දී එකිනෙක ගැටී මගින් පස්දෙනකු රෝහල් ගතකර ඇති බව කළුතර උතුර පොලිසිය පවසයි.


අලුත් මන්ත්‍රී නම් ගැසට් කරයි
2024 නොවැම්බර් මස 16 247 0

පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජය ගත් අපෙක්ෂකයන්ගේ නම් ප්‍රකාශයට පත් කරමින් මැතිවරණ කොමිෂන් සභාව මගින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ .


ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව නටලි හාප්
2024 නොවැම්බර් මස 16 2180 0

ඇමෙරිකන් ජනාධිපති ධුරයට තේරී පත්වුණු ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නව කැබිනට් මණ්ඩල සාමාජිකයන් සේම, ට්‍රම්ප්ගේ තරුණ සහායිකාව, නටලි හාප් ගැන ද මේ වනවිට බොහෝ දෙනා


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 331 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 615 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1764 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site