(ටී.කේ.ජී.කපිල)
හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු පවුලේ සාමාජිකයෝ පස් දෙනෙක් ඇමෙරිකා එක්සත් ජනපදය බලා අද පිටත්ව ගියහ.
ගෝඨාභය රාජපක්ෂ, බිරිය අයෝමා රාජපක්ෂ , පුතා දමින්ද මනෝජ් රාජපක්ෂ , ලේලිය එස්.ඩී.රාජපක්ෂ සහ මිනිබිරිය ඩී.එච්.රාජපක්ෂ එසේ පිටත්ව ගියහ.
මෙම පිරිස එමිරේට්ස් ගුවන් ගුවන් යානයකින් අද අලුයම 02.55 ට කටුනායක ගුවන් තොටුපළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ පිටත්ව ගොස් තිබේ .
මෙම පිරිස මුලින්ම ඩුබායි වෙත ගොස් එතැන් සිට ඇමෙරිකා එක්සත් ජනපදය බලා පිටත්ව යාමට නියමිත බව ගුවන් තොටුපළ ආරංචි මාර්ග සදහන් කළේය .
කටුනායක ගුවන් තොටුපළ සිට ඇමෙරිකා එක්සත් ජනපදය දක්වා ඍජු ගුවන් ගමන් ක්‍රියාත්මක නොවේ .
පස්සර මඩොල්සිම මැටිගහතැන්න මාර්ගයේ 20 කනුව (ඩූමෝ කොටසේ ) නාය යාම පවතින වර්ෂාවත් සමඟ අද (24) යලි සක්‍රීය වී ඇතැයි මාර්ග සංවර්ධන අධ්කාරියේ බදුල්ල විධායක ඉංජි
පසුගිය රජයේ අමාත්‍යවරුන් භාවිත කළ වාහනම මෙම රජයේ කැබිනට් අමාත්‍යවරු සහ නියෝජ්‍ය අමාත්‍යවරු භාවිත කරනු ඇතැයි රජයේ නිලධාරියෙක් ප්‍රකාශ කළේය.
කර්මාන්ත අමාත්‍යවරයාට අමාත්‍යංශයෙන් දෙන දුකථනයේ රුපියල් 24,220 ක හිඟ බිලක් ඇති බවත් දුකරථන සමාගමෙන් තමන්ට කථා කර එය ගෙවන ලෙස දැනුම් දුන් බවත් නව කර්මාන්ත
ශ්‍රී ලංකා නාවික හමුදාවේ බුද්ධි තොරතුරකට අනුව මාලදිවයින් වෙරළ ආරක්ෂක බළකාය විසින් අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 344 ක් සහ කොකේන් මත්ද්‍රව්‍ය කිලෝ 124 ක් සමග මෙර
පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබුණු ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එක් මන්ත්‍රී ධුරයක් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට
විදුලි ගාස්තු අඩු කිරීමේ යොජනා ඉදිරිපත් කිරීම ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රමාද කිරීම හේතුවෙන් මෙම වසරේ විදුලි ගාස්තු අඩු කිරීමට නොහැකි තත්වයක් ඇති වී ඇත
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගෝඨා ඇමෙරිකාවට
Buddika Monday, 26 December 2022 04:12 PM
කොහෙ ගියත් අපිට මොකෝ. හරිනම් පිටුවහල් කරන්න ඕනි රටට කරපු වින්නැහිය නිසා. පරපුරම මේ රට කෑවා.
SISILTuesday, 27 December 2022 06:29 PM
රටින් පිටුවහල් කිරීමට අවශ්‍ය නැත... මැතිවරණයෙන් පාර්ලිමේන්තුවේ සිටිනා කණ්ඩායම ජනතාව විසින් ඉවත් කළපසු රටේ දැවෙන පළමුවන ප්‍රශ්නයට පිළිතුරු ලැබේ...
Sunil Monday, 26 December 2022 04:35 PM
රටම කාබාසිනියා කර පැනලා යනවා.
devdathMonday, 26 December 2022 05:41 PM
කාබාසිනිය කලේ ඔහු නොවෙ ඔහු පෙරට දමා පැරනි සොරමුලක් ඇමතිමන්ඩලයට දමා ඔහු කොටුකර විශාල වන්චාවක් කර රට අනතුරේ දැම්මෙ කපුට සහ ඔහුගේ එක් සහෝරයෙක් පමයි .
පැරකුම්Monday, 26 December 2022 05:48 PM
පිස්සුද සුනිල් කොහෙ පැනල යන්නද මේ වගේ බයියො රැලක් දාල…? ආපහු එනව අපේ ගිණුමෙන් සැප ගන්න.
BamunuarachchiTuesday, 27 December 2022 08:13 AM
හලෝ රට කාබාසිනියා වෙන්න පටන් ගත්තේ 1977 සිටයි ඒ නිසා නොදන්නා මගුල් කතා කරන්න එපා. පලාබබා අපිට එපා කිව්ව ජාතියේ ජෙප්ප්ක්වගේ. ජෙප්පොම කියනවා මහින්ද රටකරන්න ගත්ත ණයට වඩා රනිල් 2014-2019 කාලේ රටට වැඩක් නොකර ණය අරගත්තා කියලා. අන්තිමට පරන එවුන්ගේ කරපු පව් ඝෝඨාභය මහතාට කරගහන්න උනා. එනිසා මහා ජෙප්පෝ කියන ඒවා ප්‍රමොට් කරන්නේ නැතුව බුද්ධියෙන් හිතනවා.
ගයාන්Tuesday, 27 December 2022 09:31 AM
දේශපාලන වහල්කම් කරද්දී මන්දබුද්ධික වෙනවා කියන්නේ නිකන්ද? 1. 1977 ඉඳන් රට කාබාසිනියා කරානම් 2005 ඉඳන් 2015 වෙනක්න මහින්ද රාජපක්ෂ මොකෝ කරේ. 2. ආර්ථික අර්බුදයක් එනවා කියලා කියද්දී බැසිල්, කබ්රාල් එක්ක එකතු වෙලා ගොන් තීරණ අරන් රට බංකොලොත් කරේ කවුද 3. රනිල් 2014-2019 කාලේ වැඩිපුර ණය ගත්ත හින්දාද පොහොට්ටු බයියෝ රනිල්ව ජනාධිපති කරේ.
organic gotaTuesday, 27 December 2022 01:02 PM
මේ වගේ බමුණු බයියොත් රටෙන් පිටුවහල් කරන්න ඕනේ... රටට කෙලවෙලා තියෙද්දී, තමන්ගේ දේශපාලන ගැතිකම් කරන වහල්ලු මේ රටට පිළිලයක්...!
BamunuarachchiFriday, 30 December 2022 12:41 PM
සජියා ජනාධිපතිකම ගන්න බය වුණු නිසයි රනිල්ට රට බාරගන්න කිව්වේ. ජේවීපී වගේ ත්‍රස්ත පක්ෂයකට කවුද රට බාර දෙන්නේ...? හිතන්න ඇති බන්දේසියක තියලා අනුරට ජනාධිපතිකම දෙයි කියලා. ඒකද හිතේ අමාරුව? ජෙප්පන් හිතාගෙන ඉන්නේ ඔවුන් ජෙප්පෝ වුණාම අපිත් ජෙප්පන් වෙන්න ඕනෑ කියලා. 1965 සිටම වහල්ලුවෙලා ඉන්න ජෙප්පන්ට ඒ වහල්කම පෙනෙන්නේ නැත. ඒ වහල්කම නිසා තමයි බස් ගිනිතිබ්බේ, ට්‍රාන්ස්ෆෝමර් ගිනිතිබ්බේ..., බැංකු කැඩුවේ අසරණ මිනිස්සු මැරුවේ. අපි වහල්කම් කරන්නේ රටට වැඩක් කළ මිනිස්සුන්ට ජෙප්පන් වහල්කම් කරන්නේ රට කාබාසිනියා කරපු අයට... ඒ නිසා ගයාන් ආපසු හැරිලා බලන්න අවුරුදු 57ක් ජෙප්පන් රටට මොනවාද කළේ කියලා...
BamunuarachchiFriday, 30 December 2022 12:50 PM
1989 කවුද හලෝ පිටුවහල් වුනේ. අපිව රටින් පිටුවහල් කරන්න වෙන්නේ ජෙප්පන් ටයර් සෑවල ගියාට පස්සේ. මමයි පරණ ටයර් සප්ලයි කිරීමේ කොන්ත්‍රාත්තුව බාර අරන් තියෙන්නේ...
ජයන්ත Monday, 26 December 2022 05:01 PM
අඩුපීඩන කලාපය දිවයිනෙන් ඉවතට
C.K.Lankaputhra. Monday, 26 December 2022 05:04 PM
අම්මේ, රජ සැප. අපට සාදාකාලික දුක. පුලුවන්නං දීපියව් ඡන්දෙ උන්ටම. එහෙම අලුගුත්තේරු හැත්තක්නෙ මේ රටේ ඉන්නෙ.
Sadda Monday, 26 December 2022 05:23 PM
පරිස්සමින් යන්න මහත්තයෝ හොඳටම කරලනේ ගියේ ආයේ නාවට කමක් නැහැ.
නිමේෂ් Monday, 26 December 2022 05:32 PM
උන්දැලට නම් හිමිට මාරුවෙන්න රටවවල් තියනව , උඩදාගෙන චන්දෙ දාපු කට්ටිය දැන් හවසට කුප්පි ලාම්පු පත්තුකරගෙන මයියොක්ක වවාගෙන කනවා
swarna de silva Monday, 26 December 2022 05:36 PM
ඇත්තද.? අපි දැනුයි දන්නේ එයාලා තාමත් මෙහෙ කියලා.
Bandara Monday, 26 December 2022 06:08 PM
හිරුනිකා ගේ නඩුවට උසාවි කැඳවල තිබුන, ආර්ථිකය වට්ටපු අයගේ ලැයිස්තුවෙත් ඉන්නවා උසාවි යන්න. දැන් මොකද වෙන්නේ?
pakeer Monday, 26 December 2022 06:09 PM
මෙන්න මෙහෙම අපිටත් හිතුව ගමන් යන්න පුලුවන්නම්. අපිත් මිනිස්සු තමයි.
නිහාල් Monday, 26 December 2022 06:15 PM
ලෝක ඉතිහාසයේ දුර්වලම හා වැඩිම හාස්‍යයට ලක් වූ වෘෂභ රජ.
fairoos Monday, 26 December 2022 06:24 PM
එතකොට රට මේ තත්වෙට පත්කරපු එකට නඩුවක් නැද්ද මෙයාට.?
Kumara Monday, 26 December 2022 06:26 PM
රට ගොඩ දාලා ඉවර ඇති.
Kumara Monday, 26 December 2022 06:49 PM
ආයේ මේ පැත්ත පළාතේ නාවට කමක් නැහැ.
විජිත් Monday, 26 December 2022 06:58 PM
" ... කටුනායක ගුවන් තොටුපළ අති විශේෂ අමුත්තන්ගේ මැදිරිය ඔස්සේ පිටත්ව ගොස් තිබේ.." රට නැත්තටම නැතිකරලා ...හෙට අනිද්දා පත්වන ප්රගතිශීලි නව රජයක් යටතේ වහාම නඩු අසා ජිවිතන්තයටම සිර ගත කරන්න හෝ වහාම මරණ දණ්ඩනය ලැබීමට සුදුසු මොහු කොහොමද අති විශේෂ අමුත්තෙක් වුනේ...?
සිරි Monday, 26 December 2022 07:28 PM
අෙන් අෙපායි අපිත් රැවටුනරැවටිල්ලක්.
Marikkar Monday, 26 December 2022 08:41 PM
ඌ අමෙරිකා ගියේක හොදයි එහි එන්න ලාංකිකයෝ ඌව හරි විදියට සැලකයි
saman Monday, 26 December 2022 09:37 PM
ඔබතුමාට බුදු සරනයි. දීර්ගයුශ ලැබේා
sampath Monday, 26 December 2022 09:52 PM
නිලදාරීන්ගෙ ලනු කන්න බලන් ඉන්න හැමෝටම මේ ක හොඳ ආදර්ශයක් එක රැයෙන් කාබනික මගුලකට ගියෙ අත්තනෝතිකව අන්තිමෙ රටම හාමතේ වැටුන ලනු දීපු අය හිනා වෙවී ඉන්නව. රටෙ සමස්තයක් ගත්තම තියෙන්නෙ ජනාව සහ නිලදාරීන් අතර ගැටුමක් ජනතාව ජනතා නියෝජිතයන්ට බාරදෙන්නෙ මෙ ගැටුම ට මෙහෙදිත් වෙන්නයි. නමුත් අවසානෙ එ නියොජිතයන් පච නිලදාරීන්ගෙ ගොදුරක් බවට පත් වෙනව. ජයවර්දන ජනාදිපති වරය හැර සියලු ඩෙනා අඩු වැඩි තරමින් මෙකට අහු උනා කෙසේවෙතත් තව උන්ඩයක් පත්තු නොකර සාමකාමීව බලයෙන් ඉවත් වීම ගැන අපි පැසසිය යුතුයි.
AkilaTuesday, 27 December 2022 12:23 PM
මිනිසුන්ට වෙඩි තිබ්බේ නැත්තේ ඇමරිකාවට ආපහු යන්න වෙන එකක් නැහැ කියන බයට , නැත්නම් අපි දන්නේ නැත්ද රතුපස්වල චන්ඩියාගේ වැඩ
shammi Monday, 26 December 2022 09:57 PM
රටේ ඉතුරුටික කන්න මොල හතේ බූරු අයිය ඇවිල්ලනෙ ඉන්නෙ.
සිල්වා Monday, 26 December 2022 09:58 PM
ඇයි ඔබතුමා ඇමරිකාවට යන්නේ? පූටින් ට ඔබේ උපදෙස් ඉතාම අවශ්‍ය මොහොතක් නොවෙද?
Saman Monday, 26 December 2022 10:05 PM
මේ අහිකුන්ටික දේශපාලනේ තියෙනකම් රට කවදාවත් හැදෙන එක ෂුවර් මේ රට හැදුනොත් මුන්ට ජිවිතයක් නෑනේ.
ජගත් ලියනගේ Monday, 26 December 2022 10:47 PM
මුළු ලංකාවම අනාථ කරල පැනල ගියා එහෙනං . (::
පිටිගල මිලානෝ Monday, 26 December 2022 11:40 PM
අනේ ස’ රට රැකලා දෙන්න…ප්ලීස්…
Babiloniya Tuesday, 27 December 2022 01:45 AM
ගෝටාභය පන්න ගත්ත උන්ට දැන්නම් ටික ටික තේරෙනවා කරගත්තු මෝඩකම කියලා. රැල්ලට ගිය මෝඩයෝ හිටියේ ගොඩක්. මෙලෝ හසරක් නොදැන. Ngo මුදල් කරපු හරියක්.
අබරන් Tuesday, 27 December 2022 02:19 AM
සිංහල බෞද්ධ කම, ගැමි කම, සරල බව සහ සමාජවාදය හොදයි කියන අය ඇයි ඊට හාත්පසින්ම විරුද්ධ බටහිර ධනවාදී රටවලට රහසින් ආදරය කරන්නේ?
Kamal Tuesday, 27 December 2022 03:14 AM
එතුමා නිසා තමා රටේ ආර්තිකය ගොඩක් බලවත් වුනේ.
සෙනෙවිරත්න Tuesday, 27 December 2022 05:29 AM
තමන්ට ලඟම තියෙන නගරයට යන්න වත් වත්කමක් නැතත් රාජපක්ෂවරු මේ යන ගමන් වලට හිතින් ආශීර්වාද කරන අය තවමත් ඉන්නව, ඒ අය තමයි තමන්ගෙ දරුවට අනාගතයක් නැතිකල කාලකන්නි පාලකයන්ට තවමත් කඩේ යන්නෙ.
සෙනෙවිරත්න Tuesday, 27 December 2022 05:34 AM
ලංකාවෙ නීතියට නොහැකි නම් ඇමරිකාවෙ නීතියවත් ක්‍රියාත්මක වේවා!
mp Tuesday, 27 December 2022 06:16 AM
ඉහත සඳහන් අදහස් සියල්ලටම විරුද්ධව සටහන් දමා ඇත්තේ මෝඩයින්ම විය යුතුයි.
Shashika519 Tuesday, 27 December 2022 06:42 AM
සෞභාග්‍යය අරගෙන යලි වඩින්න ගෝඨාප්පච්චි...
කෝරලගේ Tuesday, 27 December 2022 07:10 AM
රටේම මිනිස්සු ගොවිතැන් බතක් කරගෙන යහතින් වෙල් තුන කාපු මිනිස්සුන්ට යන එනමන් නැති කරලා මුළු රටම විනාස මුකයට ගෙනිච්ච ගෝඨාට සේෆ් එක්සිට් එකක් හදල දුන්න මේ පින් ජනාධිපතිට මොකක්ද කියන්න තියෙන්නේ. රටේ මිනිස්සු මෙහෙම ඉවසනවා ඇති. අන්න මාලදිවයිනේ දුෂිත ජනාධිපතිට නඩු අහල ඩොලර් කොටි ගනම් දඩ ගහල හිරේ යැවුවා. ඒකට අපේ රට... මේ කම්බ හොරුන්ට කවදද දඩුවම් ලැබෙන්නේ....??? අනේ මේ සුන්දර දිවයිනට වෙච්ච දෙයක්??? පව්...
Ranjan Tuesday, 27 December 2022 07:39 AM
ආයුබෝවන්. ඔබට එක් මාර්ගයකට ප්‍රවේශ පත්‍රයක් ලැබී ඇතැයි සිතමි
Bamunuarachchi Tuesday, 27 December 2022 07:57 AM
ඝෝඨාභයට ඇමරිකාවට ආයෙත් යන්න බැහැ කිව්ව ගොබ්බ රැල දැන් මොකද කියන්නේ? ඝෝඨාභය මහතානෙනි ලංකාව පැත්තට හිස දමා නිදියන්නවත් එපා. අපි එක සතයක් ලංකාවට එවන්නේ නැහැ.
ලංකාපුත්‍ර Tuesday, 27 December 2022 08:30 AM
කිසිම දැනීමක් නොතිබුණු නිසා මම නම් මෙතුමාට ඡන්දය දුන්නෙ නැහැ .ඒත් එතුමා දේශීය නිෂ්පාදනය වැඩිකිරීමට ගත්ත උත්සාහය ඉතාමත් අගය කරනවා මම හිතන්නේ ඔහුට වැරදුනේ අනුගාමිකයන් නැත්නම් හිටපු ඇමතිලාගේ අදහස් නොවිමසා තීරණ ගත්ත නිසා කියලා ඒ කාලයේ ඇමතිලා හිටියෙ එළහරක් හා මීහරක් වගේ කියලා පෙනුනා ඇත්තටම අතුරලියේ හිමිගේ හා දොස්තර මහතාගේ අදහස් කැබිනට් එකේදී දීර්ඝව සාකච්ඡා කරල නැහැ කියලා හිතෙනවා ඒත් අන්තිම විසදුමක් තවමත් නැතත් කහ වගාව එතුමාගේ හොද අදහසක් කියන්න පුළුවන් මට මෙතනදි මුදල් ඇමතිවරයා ලෙසට හිටපු ඇන් ඇම් පෙරේරා මැතිතුමා ප්‍රශ්න ඇතිවූවිට එකල විපක්ෂයේ අයගෙන් පවා උපදෙස් අරගෙන තිබුනා මෙතුමාට වැරදුනේ එහෙම නොකල නිසා තමයි
Mr Don Tuesday, 27 December 2022 08:47 AM
ගෝඨා ඇමෙරිකාවට, රට වැසියන් වල පල්ලට.
sene Tuesday, 27 December 2022 09:00 AM
දන්නා දේ කරගෙන ඔහෙට වෙලා හිටියානම් ඔහෙත් ගොඩ අපිටත් කරුමයක් වෙන්නේ නෑ නේ , අනිත් ඇයොත් ඔක්කොම තොරින්ච් උනානම් නේ හොඳ.
Amila Tuesday, 27 December 2022 12:00 PM
තොලින්චි වෙලාම යන්න.
පිටිගල මිලානෝ Tuesday, 27 December 2022 12:24 PM
කෘෂිකර්මයේ පියා ගෝඨා…. පැනලාද යන්නේ….?
Appuhami Tuesday, 27 December 2022 04:44 PM
අපිට කන්න, බොන්න, ඉන්න, හිටින්න නැතිකරලා, අපේ සල්ලි ටිකත් හොරාකාලා, මේ ඔක්කොම රට පැන්නා...
චන්දිම ෆොන්සේකා Tuesday, 27 December 2022 05:45 PM
ඔහු කළයුතුව තිබූ දේ වෙනුවට කළ නුසුදුසු වැඩ තමයි කෘෂිකර්මය ගැන සැබෑ විද්‍යාඥයින්ගේ උපදෙස් උපහාසයට සහ අපහාසයට ලක්කර මෝඩ කේවට්ටයින්ව ඔලුව උඩට ගැනීම, හොරකම් බදු වංචා තොග ගානේ වෙද්දීත් ගණන් නොගෙන ඔහේ සිටීම, ආර්ථිකය මෙහෙයවීමට කමිටු පත් කරනවා කියා ඒවාට ආර්ථික විද්‍යාව ගැන නොදන්නා අය පත් කිරීම, ගැස් පිපිරී මිනිස්සු මරෙද්දීත් විකාර කතා කීම, තෙල් පෝලිම් හැදෙද්දී ඔහේ බලා සිටීම වගේ තව තොගයක් තියෙනවා ලැයිස්තුවක් හදනවා නම්...
Kumara Tuesday, 27 December 2022 05:53 PM
බැරිනම් ඕනේ තූත්තුකුඩියකට
Siri Tuesday, 27 December 2022 07:09 PM
ඔබතුමා ආපහු ඇමරිකාවට ගිය එක ගොඩක් හොඳයි. නැතිනම් ඔබතුමා සහ පවුලේ අයව නඩත්තු කරන්න යන වියදමත් ජහමනයා වන අපටමයි දරන්න වෙන්නේ... ඔබතුමා නැවත ගිය නිසා රටට සතපහක් හරි ඉතුරු වෙනවා නම්, ආරක්ෂක නිලධාරීන් ඇතුළු රජයේ සේවකයින්ට තියෙන මළවදය ටිකක් හරි අඩුවෙනවා නම් ඒකත් වෙලාවේ හැටියට ලොකු දෙයක්නේ...
Lal Wednesday, 28 December 2022 08:10 PM
ගියා කියලා වරප්‍රසාද නවතින්නේ නෑ. නිලනිවස, ආරක්ෂක තට්ටුව, ඔවුන්ගේ පඩි, ඇතුළු සියලුම දේ එහෙම්ම තමයි...
චන්දිම Wednesday, 28 December 2022 08:14 AM
ඇමරිකාවට ගියේ නිකම්ම නෙමෙයි. අපේ විලිවහගන්න තිබිච්ච අන්තිම අමුඩ රෙදි කෑල්ලත් ගලොගෙනයි.
බකුරා Thursday, 29 December 2022 01:24 AM
ඔබ හරි. නමුත් මේ මෝඩ මතවල එල්ලිලා ඉන්න ගොබ්බයොන්ට මේ ඇත්ත පිළිගන්න කැමති නෑ. ඔහේ රැල්ලට කියවනවා. බුද්ධියෙන් හිතන්නේ නෑ.
ganegoda Thursday, 29 December 2022 12:00 PM
මැරෙනා සැටි මම පෙන්නනම් අයියන්ඩියෙ " කියන සින්වදුත් ගහගෙන නේද මෙ ගෝට පොහොට්ටුව ජනාඩිපති උනෙ . ඔයින් ගියා මදැයි කිව්වලු නේද? .
Ranjan Saturday, 31 December 2022 06:09 AM
I understand he has not been given the USA visa. He will stay in Dubai and comeback