(නිමල කොඩිතුවක්කු)
වැට් බදු ඉහළ දැමීම සහ ඉන්ධන මිළ ඉහළ යාම හමුවේ ගොඩනැගිලි අමුද්‍රව්‍ය මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇතැයි ගොඩනැගිලි ඉදිකිරීම්කරුවන් ප්‍රකාශ කරයි.
මේ හේතුවෙන් වැලි, සිමෙන්ති, යකඩ, වයර් සහ විදුලි උපකරණ ඇතුලු සියලු ද්‍රව්‍ය මිළ ඉහළ ගොස් ඇතියි ජාතික ඉදිකිරීම් සංගමයේ සභාපති එම්. ඩී පෝල් මහතා පැවසීය.
වැලි කියුබ් එකක් රුපියල් 1500 කින් සහ සිමෙන්ති කොට්ටයක් රුපියල් 300 කින් පමණ ඉහළ ගොස් ඇතැයිද ඔහු සඳහන් කළේය.
විදුලි බුබුලු ඇතුලු ඇතැම් විදුලි උපකරණ අලුතින් වැට් බද්ධට අයත් වීම නිසා විශාල ප්‍රමාණයකින් මිළ ඉහළ ගොස් ඇතැයිද ඔහු කීවේය.
ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලි හිමිකාරීත්වය දැරූ බි එම් ඩබ්ලිව් මෝටර් රථයක් සම්බන්ධව සහ ඇයගේ වත්කම් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන වලට අදා
බාල සහෝදරයා සමඟ ආරවුලක් ඇති කරගත් වැඩිමහල් සහෝදරයාට පොරෝවකින් පහරදී අද (06) ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කුච්චවේලි පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ත
අර්තාපල් සඳහා වන විශේෂ ආනයන බද්ද රුපියල් 10කින් සහ ලොකු ලූනු ආනයන බද්ද රුපියල් 20කින් වැඩි කර තිබේ.ඒ අනුව රුපියල් 50ක්ව තිබූ අර්තාපල් කිලෝවක ආනයනික වෙළෙඳ භ
කුඹුර අසල මී ගසක අතු පාහිමින් සිටි වාරියපොල කෝන්ගොල්ල ගම්මානයේ ගොවියකු ඔහු ඇද සිටි ටී ෂර්ටයට ගෙල සිරවීමෙන් මියගොස් ඇතැයි වාරියපොල පොලිසිය පවසයි.
රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු ගුව
අනුරාධපුර ප්‍රාදේශීය සභාවක හිටපු ප්‍රාදේශීය සභා සභාපතිවරයෙකුගේ නිවසේ තිබී රුපියල් ලක්ෂ පහකට වැඩි අයිස් මත්ද්‍රව්‍ය තොගයක් හමුවූ අනුරාධපුර කොට්ඨා
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ගොඩනැගිලි අමුද්‍රව්‍ය මිල ඉහළට
චන්දන Friday, 05 January 2024 02:14 PM
මේ කාලකණ්නි ආණ්ඩුවේ එවුන්ට ඕව තේරෙන්නෙ නැහැ. මුං හිතාගෙන ඉන්නෙ නොකා නොබී ඉඳල හරි බැංකු ගිණුම වැඩි කරගත්තම හරි කියල..අසනිපෙ හොඳ වෙයි...හැබැයි ලෙඩා මැරිල..
de silva Saturday, 06 January 2024 07:23 AM
මේ කාලකන්නි ආණ්ඩුවේ දේශපාලුවෝ සහ නිලධාරී අනවශ්‍ය වියදම් අඩු කරගන්න කිසිම උත්සහයක් දරන්නේ නැහැ... තවමත් ඔවුන් කරන්නේ අපේ සල්ලි වලින් පැට්‍රල් ගහගෙන V8 වල ගමන් බිමන් යන ගමන් අපට බදු ගහන එක, මේ අය ගම්වලට ආවාම හූ කියලා එලවන්න ඕනේ..., මොවුන් දැන් විවිධ පිල් හදාගෙන එක එක පක්ෂවලින් පාර්ලිමේන්තු ඇවිත් 2015 කළා වගේ අපිව ගොනාට අන්දන්න සිතනවා... මොවුන් ඡන්දෙට කලින් බොරුවට රණ්ඩු වුණත් මොන කතා කීවත් පාර්ලිමේන්තු ඇවිත් පක්ෂ විපක්ෂ දෙගොල්ලෝම එකට සෙට්වෙලා නැවත පරණ සෙල්ලම පටන් ගන්නවා ... මොන පක්ෂෙන් ඉල්ලුවත් පරණ හොරුන්ට මනාපේ නම් ගහන්න එපා. එහෙම කලොත් දුක් විඳින්න වෙන්නේ ඔබගේ දරුවාට...!
රටවැසියා Saturday, 06 January 2024 08:57 AM
වැලි වලට වැට් කියල වැඩි කරන සල්ලි වැලි සපයන්නොන්ගෙ සාක්කුවටනෙ. රජයටද? මේ සිස්ටම් එක මොකද්ද? මේවාට අරගල කරන්න පෙරට එන්න බැරිද දැන්..