(අංජුල මහික වීරරත්න)
ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව මගින් ඉදිකිරීම් අමුද්‍රව්‍ය ආනයනය කිරීමට ඇති හැකියාව සොයා වාර්තාවක් දෙන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.
අදාල වාර්තාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බව අමාත්‍යවරයා කීය.
ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාව හරහා ඉදිකිරීම් අමුද්‍රව්‍ය ආනයන කිරීම මගින් සංවර්ධන කර්මාන්ත කරුවන්ට සාධාරණ මිලකට ඒවා ලබාදීමට හැකි අතරම ගොඩනැඟිලි ද්‍රව්‍ය සංස්ථාවට අතිරේක ආදායමක් උපයා ගැනීමට හැකියාව ලැබෙන බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී පැවසීය.
සහාධිපත්‍ය දේපළකරුවන්ගේ සංගමය සමඟ බත්තරමුල්ල, අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ සහාධිපත්‍ය කළමණාකරණ අධිකාරියේ සභාපති නීතීඥ සරණ කරුණාරත්න මහතා පෙන්වා දුන්නේ ඇමරිකා ඩොලරය සියයට 75න් පමණ අවප්‍රමාණය වී තිබියදීත් යකඩ, සිමෙන්ති ඇතුළු ඉදිකිරීම් අමුද්‍රව්‍යවල මිල තුන් ගුණයකින් පමණ ඉහළ ගොස් ඇති බවයි.
පොදු ජන පෙරමුණින් මෙවර පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු විසින් සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් ඇතැයි කටා
මාතර බන්ධනාගාරයේ මේ වන විට නොසන්සුන්කාරී තත්වයක් උද්ගතව ඇතැයි වාර්තා වේ.
ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් ගුවන්තොටුපොළෙහි දී ශ්‍රී ලන්කන් ගුවන් සේවය සඳහා බිම් මෙහෙවර සේවා සැපයීමේ කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබ
ශ්රී ලංකාවේ බලශක්ති, සංචාරක, විදේශ ආයෝජන සහ විදේශ රැකියා යන ක්ෂේත්‍රවලට ප්‍රමුඛත්වය ලබා දෙමින් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා වැඩි දියුණු කරගන්නා බව එක්සත
රිය අනතුරකින් පසුව පුද්ගලයෙකුට පහරදී බරපතල තුවාල සිදු කළේ යැයි කියන යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය අර්චුනා රාමනාදන්ට සැප්තැම්බර්
හැටන් දික්ඔය නගර සභාව යටතේ පාලනය වන හැටන් විල්ෆ්‍රඩ්පුරට පිවිසෙන මාර්ගය ප්‍රතිසංස්කරණය කරමින් සිටින අවස්ථාවේ හැටන් දික්ඔය නගර සභාවට තරග කරන ප්‍රධා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගොඩනැගිලි ද්‍රව්‍ය ගෙන්නන්න සැරැසෙයි
prasanna Wednesday, 31 May 2023 12:48 PM
ගිනි තියපු ඇමති ගෙවල් ටික හදා ගනිවි???
Nimal Wednesday, 31 May 2023 04:21 PM
කාටකාටත් කොමිස් ගහගන්න මාර්ග පාදාගන්න තමයි ඉතින් ඕවා...!
පිනා Thursday, 01 June 2023 07:12 AM
ඔය සංස්ථාව විකුණන ලිස්ට් එකේ නේද තියෙන්නේ . ඇයි ඉතින් රජය ව්‍යපාර වල යෙදෙන්නේ? එහෙම කරන්නෙ නෑ කියලනේ කීවෙ. කොන්ෆියුස් වෙනවා මෙව දැක්කම.