IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ගණකාධිකාරිනියට - ඉන්දීය ජාතිකයන්ට මරණ තර්ජන

(බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

ඉන්දීය ආයෝජන යකඩ නිෂ්පාදන සමාගමක  මෙරට ගණකාධිකාරිනියට හා එම සමාගමේ ඉන්දීය ජාතිකයන්ට මරණීය තර්ජනය කළ බව කියන  සංවිධානාත්මක කල්ලියක සිව් දෙනෙක් අද  (13) අත්අඩංගුවට ගත් බව  කොළඹ අපරාධ කොට්ඨාසය  කියයි.               

අත්අඩංගුවට ගත් එම පිරිස අතර යකඩ අලෙවි කිරීමේ ව්‍යාපාරිකයෙක් ත්‍රිරෝද රථ රියැදුරෙක් හා හෙරොයින් මත්කුඩුවලට ඇබ්බැහි  වූවෙකු  සිටින බව පොලිසිය කියයි.                       

පන්නල මාකඳුර ආයෝජන කලාපයේ  පිහිටි යකඩ නිෂ්පාදන කර්මාන්ත ශාලාවේ නාරාහේන්පිට  පිහිටි ප්‍රධාන කාර්යාලයේ  ගණකාධිකාරිනියට නාඳුනන පුද්ගලයකුගෙන්  ලද දුරකථන ඇමතුමකින් පවසා ඇත්තේ වහාම එම  සමාගමෙන්  ඉවත්ව යන ලෙසත් එම  කාර්යාලයේ හා පන්නල සමාගමේ  සිටින සෙසු ඉන්දීය ජාතිකයන්ට මෙරටින්  පිටවී යන ලෙස  පවසා මරණීය තර්ජනය කළ බව එම ගණකාධිකාරිනිය  පැමිණිල්ලක් කර තිබූ බව පොලිසිය කියයි.

ඒ සම්බන්ධයෙන්   ගණකාධිකාරිනිය  කොළඹ අපරාධ කොට්ඨාසය වෙත  පැමිණිලි  කිරීමෙන් දින කීපයකට පමණ පසු  එම සමාගමේ  නාරාහේන්පිට ප්‍රධාන  කාර්යාලය ඉදිරිපිට නවතා තිබූ  ඉන්දීය ජාතික නිලධාරීයකුගේ  සුඛෝපභෝගී මෝටර් රථයට  යතුරුපැදියකින් පැමිණි නාදුනන පුද්ගලයන් දෙදෙනෙකු ගල් ප්‍රහාරයක් එල්ල කර පලා ගොස් තිබූ බව පොලීසිය පවසයි.                        

එම නිළධාරිවරයා  නාරාහේන්පිට  පොලිසියට ද ඒ බව  පැමිණිලි කර තිබූ අතර පසුගිය මස අග භාගය දක්වාම වරින්වර ගණකාධිකාරිණියට  ඒ අයුරින් දුරකථනයෙන් මරණීය තර්ජනය කර ඇයගේ මව ද මරා දමන බවට  සැකකරුවන් තර්ජනය කර තිබූ   බව පොලිස් නිලධාරියෙක් පැවසීය .

එකී කාලය තුළ දී ඇය ගමන් ගත් මෝටර් රථයට මඟ හරස් කර පෙර තර්ජනය කළ වචන  කොළ කැබැල්ලක ලියා  ඇයට පෙන්වීමට මෙම සැකකරුවන් කටයුතු කර තිබූ බව ද  පොලිසිය කියයි.  



අදහස් (0)

ගණකාධිකාරිනියට - ඉන්දීය ජාතිකයන්ට මරණ තර්ජන

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් කැබිනට් මණ්ඩලය දිවුරුම් දීම ඇරැඹෙයි
2024 නොවැම්බර් මස 18 84 0

නව රජයේ අමාත්‍ය මණ්ඩලය ජනාධිපති අනුර දිසානායක මහතා ඉදිරියේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති කාර්යාලයේදී අද දිවුරුම් දුන්නේය.


රෝහල් රියදුරෙකු වසර පහමාරක් නිකන් ඉදන් පඩි අරගෙන
2024 නොවැම්බර් මස 18 202 0

මහනුවර ජාතික රෝහලේ සේවයේ නියුතු සෞඛ්‍ය රියදුරෙකු ඉකුත් වසර පහමාරක කාලය තුලදි (2018 සිට 2023 ජුලි 31) කිසිදු රාජකාරියක් ඉටුකර නොතිබුනද එම කාලයට අදාළ වැටුප්


කැබිනට් දිවුරුම් දීම තව මොහොතකින්
2024 නොවැම්බර් මස 18 426 0

නව රජයේ අග්‍රාමාත්‍ය ප්‍රමුඛ කැබිනට් මණ්ඩලයේ දිවුරුම් දීම අද පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වෙයි.


ආණ්ඩුවේ මන්ත්‍රීන් 43ක් විපක්ෂයේ පුටුවලට
2024 නොවැම්බර් මස 18 612 0

ඉඩ මදිකම හේතුවෙන් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් 43 දෙනෙකු විපක්ෂයේ පැත්තේ අසුන් ගැන්වීමට සිදුවන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහ ලේකම් සහ කාර්යමණ්ඩල ප්‍


ජීවන් හැර පරණ කැබිනට්ටුවම ගෙදර
2024 නොවැම්බර් මස 18 1712 3

පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් පසුගිය කැබිනට් මණ්ඩලයේ සිටි ජීවන් තොණ්ඩමන් මහතා හැර සෙසු සියලුම සාමාජිකයෝ පරාජයට පත් වූහ.


පස්සර බිබිල මාර්ගය වහයි
2024 නොවැම්බර් මස 18 256 0

වර්ෂාවත් සමග නායාමක් හේතුවෙන් අද( 18) අලුයම පස්සර බිබිල මාර්ගයේ 13 අනුව ආසන්න ප්‍රදේශයෙන් මාර්ගය සම්පූර්ණයෙන්ම වැසී ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 347 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1802 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site