(විමුක්ති එස් රුද්‍රිගු)
ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් විදේශ මුදල් හුවමාරු පහසුකම යටතේ ලබාගෙන ඇති ඇමෙරිකානු ඩොලර් මිලියන 200 ක ණය මුදල ආපසු ගෙවීම සඳහා තවත් මාස හයක කාලයක් ලබා දීමට බංග්ලාදේශ රජය තීරණය කර ඇත.
ලබා ගත් ණය මුදල සඳහා පළමු වාරිකය පසුගිය මාර්තු මස ගෙවීමට තීරණය කර තිබුණත් ඒ වනවිට ණය ප්‍රතිව්‍යුහගත කර නොතිබීම හේතුවෙන් පළමු වාරිකය ගෙවීමට ශ්‍රී ලංකාවට නොහැකි වී තිබේ.ලබා දුන් ණය මුදල සඳහා පළමු වාරිකය එළඹෙන අගෝස්තු මාසයේදීත් දෙවන වාරිකය සැප්තැම්බර් මාසයේදීත් ගෙවීමට ශ්‍රී ලංකාව සුදානම් බව බංග්ලාදේශ මහ බැංකු අධිපති අබ්දුර් රවුෆ් තලුක්දර් මහතා පවසා ඇත.
වොෂින්ටනයේ පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහ ලෝක බැංකුවේ වසන්ත රැස්වීම් වලට සමගාමීව ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමඟ පැවති හමුවකින් පසුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් තලුක්දර් මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.
ණය ගෙවීමේ කාලය දීර්ඝ කරන විට කිසිඳු ගාස්තුවකින් තොරව එය සිදු නොවන බවත් ණය මුදල සඳහා තවත් පොලිය එකතු වන බවත් තලුක්දර් මහතා පෙන්වා දී ඇත.ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සමඟ පැවති සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවට ණය මුදල ගෙවීම සඳහා තවත් කාලය දීර්ඝ කිරීමක් අවශ්‍ය නොවන බවට වීරසිංහ මහතා සහතික වූ බව තලුක්දර් මහතා පවසා තිබේ.
බළපිටිය මරදාන මහ පාරේදී අද(17) රෑ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.
දෙවුන්දර හුම්මාන මාර්ගයේ දි සැක කටයුතු මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරීමේ දී මෝටර් රථයේ පසු පස ප්‍රදේශයේ සඟවා තිබු රුපියල් 32840000 මුදල් හා රත්තරන් වළලු, කර
කැකිරාව මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිලිස්සුන තිදරුමවකගේ මළ සිරුරක් සොයා ගැනීමට අද (17) පොලිසියට හැකිව තිබේ.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ගත්ත ණය ගෙවන්න බංග්ලාදේශය කල් දෙයි
madushan Monday, 17 April 2023 02:17 PM
පාසල් හැර යන ප්‍රමාණයට සාපෙක්ශව උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු අවස්ථා විදේශ රැකියා ඉලක්ක කර නිර්මාණය කරන්න. මේ සඳහා පුද්ගලික ආයතනවල සහාය ගන්න. අපිට බන්ගලිදේශය පැරදවිය හැකිය...
Sunil Monday, 17 April 2023 02:49 PM
අපේ රට වගේ හිඟන රටක්. පිනාධිපති නම් කියන්නේ දැන් අපි බංකොළොත් රටක් නෙවෙයි කියා. බංග්ලාදේශයෙන් ලබාගත් සොච්චම් ණයමුදලවත් වසර 2කින් නොහැකි වුණා. එය කවදා ආපසු ගෙවයිදැයි අවිනිශ්චිතයි... එනමුත් මගේ රට ලෝකෙන්ම උතුම් රට...
kamalMonday, 17 April 2023 03:18 PM
කවුද කියන්නේ ඔය සොච්චම අපි ගෙවන්නේ නැහැ කියලා. ගෙවන්න තමයි මේ බලන් ඉන්නේ කෝඳුරු තෙල් හත් පට්ටේ හොයාගෙන එන්න යවලා තියෙන්නේ, එක ගෙනාව ගමන් සුරුස් ගාලා ඔය නය සොච්චොම ගෙවලා දානවා.
wimal Monday, 17 April 2023 06:06 PM
ඉක්මණට ගෙවපල්ලකෝ, අර බංගලියන්ගේ සොච්චම ඔවුන් මැරෙන්න හදනවා. රටවල් ගානේ කියවනවා මේ ගැන...
Rata Perata Monday, 17 April 2023 08:48 PM
ඇයි දන්නේ නැහැ කල් ඉල්ලුවේ? සූත්තර පුංචා කිව්වානේ අපේ රට තවදුරටත් බංකොළොත් රටක් නෙවෙයි කියලා... සමහරවිට ඉල්ලුවේ නැතුවාම කල්දීලා ද දන්නේ නෑ... නේද?