IMG-LOGO

2024 නොවැම්බර් මස 18 වන සඳුදා


ගත්තු බෙහෙත්වලට කෝටි 428ක් ගෙවා නෑ

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ)

රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව දේශීය වෙළඳපොළෙන් ඇණවුම් කර තිබූ ඖෂධ ඇතුළු වෛද්‍ය සැපයුම් වෙනුවෙන්  සැපයුම්කරුවන්ට සහ  ප්‍රධාන රාජ්‍ය බැංකු දෙකට රුපියල් කෝටි  428 ක පමණ මුදලක් ගෙවා නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.

ඖෂධ සැපයුම්කරුවන්ට රුපියල් කෝටි 311 ක මුදලක්ද මහජන බැංකුවට රුපියල් කෝටි 92ක මුදලක්ද ලංකා බැංකුවට රුපියල් කෝටි 25 ක මුදලක්ද   මෙලෙස ගෙවා නොමැත.

මේ තොරතුරු සඳහන් වන්නේ රජයේ රෝහල්වල( මේ වසරේ මැයි මාසය වනවිට)  ඖෂධ හිඟය සහ එය මඟහරවා ගැනීමට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ විගණන  වාර්තාවේය.

මේ අතර රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව වෛද්‍ය සැපයුම් අංශයේ  ඇණවුම්  වෙනුවෙන් ණයවර ලිපි නිකුත් කිරීම සඳහා  සැපයුම්කරුවන්ට ගෙවීමට සහ ආනයන හා නිෂ්කාශන කටයුතු සඳහා රුපියල් කෝටි 713 ක්ද වෛද්‍ය සැපයුම් වෙනුවෙන් ලබාගත් බැංකු අයිරා පහසුකම් පියවීම සඳහා රුපියල් කෝටි 1598 ක්ද  අවශ්‍යවී පවතින බව එම සංස්ථාව තොරතුරු ඉදිරිපත් කර ඇතැයි  ජාතික විගණන කාර්යාලය පවසයි.

විනිමය හිඟය හේතුවෙන් සංස්ථාවට  සැපයුම් 24 කට අදාළව ඇමරිකානු ඩොලර් හතළිස්  ලක්ෂයක්ද යුරෝ තුන් ලක්ෂයක්ද  ඩෙන්මාර්ක් ක්‍රෝන් විසිපන් ලක්ෂයක්ද  වටිනා  විදේශ ණයවර ලිපි විවෘත කිරීමට  නොහැකිව පැවතුණු බවද  එම විගණන වාර්තාවේ  සඳහන් වේ.

ශ්‍රී ලංකා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට යොමුකරන ඇණවුම්වල ක්‍රියාකාරිත්වය හා ප්‍රගතිය නිරන්තරයෙන් අධීක්ෂණය කිරීමේ ක්‍රියාවලියක් පසුගිය වර්ෂ ගණනාවක සිට නොතිබීම සහ ප්‍රසම්පාදන කාලසටහනකට අනුව කටයුතු කර නොතිබීම යන කරුණුද රටේ ඖෂධ හිඟයක්  ඇතිවීමට ප්‍රධාන වශයෙන් හේතුවුණු බව එම වාර්තාව වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (4)

ගත්තු බෙහෙත්වලට කෝටි 428ක් ගෙවා නෑ

SL Saturday, 01 October 2022 01:32 PM

ඔව් බාගයක්වත් කොමිස්.

:       0       3

de silva Saturday, 01 October 2022 09:09 PM

කහෛලියගෙන් ඇහුවොත් අඩුම වශයෙන් දොස්තරලා 4-5 ක් සොයා ගනීවි බෙහෙත් ප්‍රශ්න නැහැ කියලා වොයිස් කට් දෙන්න.

:       0       2

K. ranaweera Sunday, 02 October 2022 08:35 AM

Even the minister has not yet paid his own electricity bill to the CEB.

:       0       1

fairoos Sunday, 02 October 2022 12:02 PM

මෙ කාලකන්නි පො‌හොට්ටුවෙ සෙට් එක ඉන්නකම් රටට කිසිම සෙතක් නැහැ.. රනිල් රජපක්ශත් පින් ජනාදිපතිවෙලා රට තවත් හොරා කනව..ඉක්මනට චන්දයක් තිබ්බෙ නැත්නම් රට ඉවරයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අලුත් කැබිනට්ටුව 23යි : අද දිවුරයි
2024 නොවැම්බර් මස 18 2010 0

ජාතික ජන බලවෙග රජයේ නව කැබිනට් මණ්ඩලය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ අද (18) පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


පාරිභෝගික අධිකාරියේ විමර්ශන අංශය විසුරුවයි
2024 නොවැම්බර් මස 17 2250 0

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.


උණ රෝගයක් හේතුවෙන් සෙබලු පිරිසක් නිරෝධායනයට
2024 නොවැම්බර් මස 17 836 0

මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට


ජපුරෙන් පාර්ලිමේන්තුවට ආදී විද්‍යාර්ථයින් 22ක්
2024 නොවැම්බර් මස 17 2216 0

පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට


නවසීලන්තය ලකුණු 209 යි
2024 නොවැම්බර් මස 17 250 0

සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව


නව අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු
2024 නොවැම්බර් මස 17 1466 0

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 347 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 631 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1797 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site