IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ගත් හැටි කියන්න බැරි ලක්ෂ 200ක වාහන පොලිසියට

(නිමල් ජයරත්න සහ  මදුශානි අබේසිංහ)

විශුද්ධිකරන වැළැක්වීමේ පනත යටතේ දේපොළ ක්‍රියා විරහිත කිරීමේ නියමය අනුව, දිඹුලාගල සිරිපුර නුවරගල ප්‍රදේශයේ නිවෙසකින් රුපියල් ලක්ෂ දෙසීයක් පමණ වටිනා වාහන තොගයක් අද සවස සිදුකළ වැටලීමකදී  අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය සඳහන් කරයි.

සැකකරුව සතුව තිබු කුඩා ජේ.සී.බී, යන්ත්‍රයක්, මහා ට්‍රැක්ටරයක් ,ලොරියක්, ත්‍රීරෝද රථයක්, සහ යතුරුපැදි කීපයක් මෙහිදී අත්අඩංගුවට ගත් බව පොළොන්නරුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක කේ.ටී.බණ්ඩාර මහතා සඳහන් කළේය.

මෙම සැකකරු දීර්ඝ කාලයක සිට ගංජා සහ මත්පැන් අලෙවි කිරීමේ චෝදනාව මත ඔහුට විරුද්ධව අධිකරණයේ අපරාධ නඩු කිහිපයක් තිබෙන බවත්, ඔහු මෑතක ගංජා කිලෝ පහක්, මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී සිරිපුර පොලිසිය මගින් අත්අඩංගුවට ගත් අයකු බවද පොලිසිය සඳහන් කරයි.

සැකකාර පුද්ගලයා ගංජා, කසිප්පු ඇතුළු විවිධ මත්ද්‍රව්‍ය ප්‍රදේශයේ තොග සහ සිල්ලර වශයෙන් බෙදාහැර තිබෙන අතර ඉන් උපයාගත් මුදල්වලින් මෙම වාහන රැගෙන ඇති බවට පරීක්ෂණවලින් තහවුරු ඇති බවත් විශුද්ධිකරණ වැළැක්වීමේ පනත යටතේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළමු වැටලීම මෙය බවත්, අත්අඩංගුවට ගත් විශාලතම වටිනාකමකින් යුත් වාහන තොගය මේ වන බවද කොට්ඨාශ අපරාධ විමර්ශන අංශය පවසයි.

 



අදහස් (4)

ගත් හැටි කියන්න බැරි ලක්ෂ 200ක වාහන පොලිසියට

Lakmal Thursday, 21 March 2024 05:00 AM

පුළුවන් නම් ගිහින් රනිල්, රුවන්, රවී, සාගල වගේ උන් ගේත් වත්කම් හොයපන්කෝ. බලු කමේ උනත් සීමාවක් තියෙන්න ඕනේ.

:       3       16

Perera Thursday, 21 March 2024 08:39 AM

ඔය නීතිය ලන්සට බලපැවැත්වෙන්නේ නැද්ද ?

:       0       89

පිටරටවැසියා Thursday, 21 March 2024 09:26 AM

ඒ වුනාට කොන්ද පණ නෑ දියවන්නාවේ හිටපු සහ දැන් ඉන්න 226 ගෙ දේපළ අත්අඩංගුවට ගන්න. මුළු ලොවම දන්නවා මේ ඔක්කොම ජනතා දේපල, බදු මුදල් හොරා කපු සහ සහචරයින්ට හොරා කන්න දීපු විදිහ.... ත්‍රස්තවාදීන් ...

:       0       77

Pradeep Thursday, 21 March 2024 09:29 AM

ආච්චිගෙ මැණික් විකුණල ගත්ත කිව්ව නම් මොන නඩුවක්වත් වැටෙන්නෙ නෑ..බේබිල ඔය ඉන්නෙ සැපට..

:       0       68

ඔබේ අදහස් එවන්න

දියත

මැති සබේ හිටපු අය කෑමටත් පොලු තියලා
2024 ඔක්තෝබර් මස 01 1298 0

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් රැසක් පාර්ලිමේන්තුවෙන් ගත් ආහාර වෙනුවෙන් හිඟ බිල්පත් රැසක් පියවා ගැනීමට ඇති හෙයින් එම මුදල පියවා ගන්නා තෙක් පසුගිය මස මන


විස තෙල් කිලෝ කෝටි 8000ක් වෙළෙඳපොළට
2024 ඔක්තෝබර් මස 01 796 0

මෙරට කූට ආනයනකරුවන් කිහිප දෙනකු කෘතිමව පිරිපහදු කළ ශරීරයට අතිශයින්ම අහිතකර තෙල් කිලෝ කෝටි 8000ක් පොල්තෙල් නමින් වෙළෙඳපොළට මේ වසරේදී නිකුත් කර ඇතැයි සමස


කැසිනෝ බලපත්‍රයෙන් බිලියන 85ක පාඩුවක්
2024 ඔක්තෝබර් මස 01 1322 0

රුපියල් බිලියන 85ක මුදල් රජයට අහිමිවන ආකාර යෙන් කැසිනෝ ව්‍යාපාරයකට ගාස්තු නොමැතිව බලපත්‍ර ලබාදීමෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩ වන ලදැයි සඳහන් කරම


කෝටි ගණනක බදු පොලු තැබූ වාහන ගැන අධිකරණයෙන් දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 939 0

රුපියල් කෝටි පන්සීයක බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ අත්පත් කරගැනීමෙන් නොනැවතී එම අනීතික ක්‍රියාවට දායක වූ සැකකරුව


සාමාන්‍ය පාස්පෝට් ගැන අධිකරණය දුන් නියෝගය
2024 ඔක්තෝබර් මස 01 772 0

සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හත් ලක්ෂ පනස්දාහක් පෞද්ගලික සමාගම් වලින් මිලදී ගැනීම වළක්වාලමින් පනවා තිබූ අතුරු තහනම් නියෝගය පෙත්සම්කාර පාර්ශවයේ එකඟත


හංවැල්ලේ ඝාතනය කප්පම් සිද්ධියක්
2024 ඔක්තෝබර් මස 01 451 0

හංවැල්ල, නෙළුවත්තුඩුව ප්‍රදේශයේ නිවෙසකදී බස් ව්‍යාපාරිකයාට වෙඩි තබා ඝාතනය කර තිබුණේ කප්පම් නොදීම හේතුවෙන් බවට අනාවරණය වී ඇති බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38522 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25364 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 272 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 917 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 327 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site