(අංජුල මහික වීරරත්න)
රනිල් ගෙදර යන්නැ යි කියා පෙළපාළි ගියාට තමාට යන්නට ගෙදරක් නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.
ගෙදරක් නැති මිනිහෙකුට ගෙදර යන්නැයි කියා පෙළපාළි යාමෙන් පලක් නොවන හෙයින් කරුණාකර එවැනි දේ කර කාලය නාස්ති නොකරන ලෙස ද ජනාධිපතිවරයා කීය.
මහනුවර දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ සහ පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්,හිටපු පළාත් පාලන නියෝජිතයන් හා ආසන සංවිධායකවරුන් අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.
මහනුවර ජනාධිපති මන්දිරයේ දී මේ රැස්වීම පැවැත්විණි.
"ඔයගොල්ලො ලෑස්ති නම් විශාල සෙනඟක් ගේන්න.මාස හයක් ඇතුළත මගේ ගෙදර හදලා දෙන්න.එහෙම ගෙදර හදලා මම එහි පදිංචියට ගියාට පස්සේ ඇවිත් රනිල් ගෙදර යන්න කියලා කියන්න.ගම හදන්න. නැත්නම් මගේ ගෙදර හදන්න. ඒ දෙකින් එකක් කරන්න .එහෙම නැතිව රනිල් ගෙදර යන්න කියන්න එපා"යනුවෙන් ද ජනාධිපතිවරයා පැවැසීය.
රුපියල් දහ අට කෝටි හැට ලක්ෂයක් පමණ වටිනා ’’කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක්, කටුනායක ගුවන් තොටුපොළ වෙත රැගෙන විත්, ගුවන් තොටුපොළ කිසිවක් ප්‍රකා
ජාතික ජනබලවේගය ඊයේ (14) පැවති පාර්ලිමේන්තු මැතිවරණයේදී ආසන 159 ක් දිනාගනිමින් අති විශිෂ්ට ජයග්‍රහණයක් ලැබීය.
මෙවර පාර්ලිමෙන්තු මැතිවරණයේදි මාතලේ දිස්ත්‍රික්කයෙන් පසුගිය පාර්ලිමෙන්තුව නියෝජනය කළ මන්ත්‍රිවරුන් කිහිපදෙනකුම පරාජයට පත්විය.
කළුතර මැතිවරණ ප්‍රධාන මෙහෙයුම් මැදිරියට අද (15) දහවල් විශේෂ පොලිස් ආරක්ෂාවක් යොදා ගෑස් සිලින්ඩර ලකුණෙන් තරගකල අපේක්ෂකයින් ගේ මනාප යලි ගණන් කිරීම ආරම්භ
පුනරුද යුගය ඇරැඹීමට සහාය දුන් සැමට ස්තුතිය පළ කරන බව ජනාධිපති අනුර දිසානායක මහතා එක්ස් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.
ඉන්දියාවේ සිට නීති විරෝධී ලෙස මුහුදු මගින් මෙරටට ගෙන්වන ලද මත් කරල් ගෝනි 27 ක්,කල්පිටිය පොලිස් බළ ප්‍රදෙශයට අයත්,මුසල් පිටිය කළපු තීරයේ සඟවා තිබිය දී සො
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගෙදරක් නැති මිනිහෙකුට ගෙදර යන්නැයි කීම කාලය නාස්ති කිරීමක්
ganegoda Sunday, 31 July 2022 06:48 PM
ගෙවල් නැති අයට යන්න තමයි නේවාසිකාගාර හදලා තියෙන්නේ...!
Janaka from MataraSunday, 31 July 2022 10:28 PM
යවන්න ඕන නේවසිකාගාරෙටනං, ගෙදර පළ කිව්වම හරි යායැ ආයිබොවං
surasena Monday, 01 August 2022 01:21 PM
ගම මාතර වුණත්, සිංහල භාෂාව තේරුම් ගන්න ටිකක් අපහසුයි වගේ...
senaMonday, 01 August 2022 10:49 AM
ඒක තමයි ඔය ඕනෑ තරම් වැඩිහිටි නිවාස තියෙන්නේ... මෙහෙම හිටියොත් අපිට රටක් ඉතුරු වෙන එකක් නැහැනේ..!
ජනක Sunday, 31 July 2022 06:54 PM
ඔයට කවුරුත් යන්න කිව්වද? වැඩ කරන්න බැරිනම් යන්න වෙයි
darma Sunday, 31 July 2022 07:11 PM
හනුමන්තා වරම ආරූඪ කරගෙන ගෙවල් හෝටල් 80ක් ගිනි තිබ්බ අයට කියන්න ඔබේ ගෙදර වගේම අනිත් ගෙවලුත් හදන්න කියලා. එහෙම නැතුව මහජන මුදල්වලින් නෙමෙයි. එතකොට එයාලට තේරෙයි. කොහොමත් ඒ ගොල්ලෝ කරුමෙකටවත් බලේට ආවොත් හාර පන්සීයක්වත් මිනිස්සු මරලා, ගෙවල් 1000ක් වත් ගිනි තියාවී.
AkilaSunday, 31 July 2022 08:12 PM
ඔය ගෙවල් නැති වුණා කියල නාහෙන් අඬන සෙට් එකට ඔය වගේ ගෙවල් 10ක් වුණත් ආපහු හදන්න ආදායම් තියනවා, එක හින්ද ඔයා දුක්නොවි ඉන්න
fairoosSunday, 31 July 2022 08:13 PM
හුඟක් අයට බයක් තියෙන්නේ ලංකාවේ අනාගතය අඳුරු වෙයි කියලා නෙවෙයි, තමන්ගේ නායකයාට ගෙදර යන්න වෙයි කියලා.
surasenaSunday, 31 July 2022 08:18 PM
රනිල්ට දෙයියන්ගේ වරමින් සාස්තර කියන කෙනෙක් වගේ
GayanMonday, 01 August 2022 10:28 AM
අර බැන්දුන්කරේන් හම්බවෙච්ච සල්ලි වලින් ගේත් හදාගෙන අනිත් ඔය කියන 80ත් හදල දෙන්න පුළුවන්නේ. ඕනනම් රෙදි නැතුව කඩේ යන ඔබටත් ඔය මොකක් හරි කඩ කෑල්ලක් හදල දෙයි
Neela Sunday, 31 July 2022 07:20 PM
රනිල්ගෙන් ඉල්ලීම් කරන එක කාලය නාස්ති කිරීමක්. කවුරුත් කියපු දෙයක් කවදාවත් අහලා නෑ.
seneMonday, 01 August 2022 08:36 AM
රනිල් හරියට බුමී තෙල් කරත්තේ ගොනා සේ දන්නේ එකම මගයි, විකිණීම, නය ගැනීම, තැනින් තැන මෝඩ උද්දච්ච කතාවක් කිරීම, ඒ හැර රට ප්ඉරතිසංස්දිකරණ තුලින්ය ඉදිරියට ගෙනයෑමේ දර්ශනයක් මොහුට නැහැ .
Neela Sunday, 31 July 2022 07:33 PM
ජාතික සංවර්ධන පෙරමුණට පමණයි ලංකාව ඉක්මණින් දියුණු කර සංවර්ධනය කරන්න පුළුවන් වැඩපිළිවෙළක් තියෙන්නේ.
AnandaMonday, 01 August 2022 12:17 AM
කොමෙන්ට් කොටන ජෙප්පෝ හා පෙරෙට්ටෝ හරිම බයයි කව්රු හරි රට වෙනුවෙන් හොඳ දෙයක් කරලා උන්ව පරාජය කරයි කියලා. සමාජ මාධ්‍යවල කොච්චර like වැටුනත් ඡන්දෙ නෑ.
ලුම්බිණි Monday, 01 August 2022 05:16 AM
මොකද්ද ජාතික සංවර්ධන පෙරමුණ කියන්නේ?
P. Ilangaratne Sunday, 31 July 2022 07:38 PM
මහළු නිවාසයකට යන්න. නිකම් බයිලා කියන්න එපා. දැන් මිනිස්සු ඔහෙලා වගේ පිස්සො නෙවෙයි.
Kumara Sunday, 31 July 2022 07:50 PM
ඒ වුණාට නිවස හොඳ වැඩි නැද්ද?
saman Sunday, 31 July 2022 08:09 PM
ගෙදරක් නැහැ කියන මිනිහ පහු ගිය ජනාදිපති තොරණ චන්දෙදි කොටි ගණන් වියදම් කරල පාර්ලිමේන්තුවේ මතිර්ලව අල්ල ගත්ත කියල නම් අපිට ආරංචි
lakvidu Sunday, 31 July 2022 10:08 PM
ඔයාට නැතිවුණේ ගේ විතරයි. ඔයාලා අසරණ මහජනතාවගේ රටම නැතිකළා.
reks Sunday, 31 July 2022 10:11 PM
හරි පුළුවන්නම් ඔය කියන ගේ අරගෙන ඔබතුමා සහ ඔබේ බිරිඳ සතු, මෙරට සහ පිටරට ඇති සියලු වත්කම් හෙළිකරන්න.
ramsi Sunday, 31 July 2022 10:23 PM
රටේ තියෙන දැවැන්ත ප්‍රශ්නවලටත් තියෙන්නේ මෝඩ උත්තර තමයි. ඒවා අහලා අන්තර්ජාතික ප්‍රජාව, ලෝක බැංකුව හොඳින් තේරුම් ගන්නවා අපේ රටට කිසි ආර්ථික හෝ දේශපාලන වැඩ පිළිවෙළක් නැහැ කියලා. ජනාධිපති කෙනෙක් වුණාම ඔයවගේ කතා කියන්න කළින් හොඳින් හිතන්න ඕනෑ.
Ruwan R Sunday, 31 July 2022 10:26 PM
මැරෙනකල් ඉන්නද ආවේ?
ජගත් ලියනගේ Sunday, 31 July 2022 11:27 PM
මහළු නිවාසයක් හොයා ගන්න බැරිද ?
Chathuri Monday, 01 August 2022 01:11 AM
ලොකේ තියෙන ලොකුම විහිලු කතාව. කොලබ අවට. සැප පහසුකම් ඇතිව හඩලා තියෙන ගෙවල්. කාට ඉන්නද. ජනතවටද ජනඩිපති කියන කට්‍යිය. හොරා කනව බ්දිවට විශ්‍රම ගියාමත් ඉන්නෙ කොලොබ හතේ. ඔබත් ඒ වගෙ තැනකට යන්න. අවුරුදු 100ක් ජිවත් වෙන්නෙ නැහැ නෙ. වැඩිම වුනොත් තව 10. එකත් ශුවර් නැහැ. ජනතව කෝපවුනොත්. මහින්ද ගෙ. පරම්පරව බේර ගන්න බනෙ අවෙ. ජනතව ට වැඩක් කරන්න නෙමෙනෙ ඉතින් අයින් වෙන්න. මෙ රට කරන උන් වයසට ගියෙ. කොන්ඩ ඉදුනෙ රට දියුනු කරන හටි කල්පනා කරලද. නැහැ නෙ මොලගෙඩි. නම්. තවමත් අලුත උපන් උන් වගේ වැඩිලා නැ හැ. යකෝ යුද්දෙ කාලෙවත් මෙ වගෙ දුක් වින්දෙ නැහැ. උබලට් හොරා කන්න තිබුනෙ එ කලේ. එහෙනම් යන්න ඔනා තැනට යවලා ඉවරයි කට්ටියම යන්නම තැනක් නැත්නම්. මම දෙන්නම් නිවසක්. මැරෙනතුරු ඉන්න. රට ගිනි තියන්නෙ නැතිව. අයින් වෙන්න. මහා දවල්. බැන්කු. මුදල් හොරකම් කෙරුවෙ. කෝටි ගනන්. යලුවොත් එක්ක. බැන්කු හොරා ඉන්නෙ සින්ගප්පුරුවෙ නෙද. එහෙට යන්න. ගෝටා ඉන්නෙත් එහෙනෙ.
Demuni Uduwara Monday, 01 August 2022 06:52 AM
ජනාධිපති තුමනි , විහිලු කාරයෙක් නොවන්න. වගකීමක් ගන්න
peter Monday, 01 August 2022 08:00 AM
අදටත් බොහොමක් අය පාර වල් වල සොහොන් පොළ වල පවා ජීවත් වෙයි . පිරිසිදු වතුර ටිකක් නැති මිනිය ගෙනියන්න පාරක් නැති දරුවා පාසලට ගගෙන් එගොඩ වෙලා යන්න පාලමක් නැති පාසලට ගියාට ගුරු වරු නැති . ඒ තත්වයට මේ රට හැද දැමුවේ මොවුන්; නොවේද උන්ට යන්න ගෙවල් ඕනේ තරම් අපෙ රටේ මිනිසුන්ටයි යන්නට තැනක් නැත්තේ ඔවුන් අන්ත අසරණයි, තවත් අපි මොවුන් කියන දේවල් විස්වාස කල යුතුද? මෝඩයින් ඉන්න රටේ බුරුවන් රජ වෙයි තවත් මේ රටේ මොවුන් විස්වාස කරන මෝඩයින් නැත.
ලලිත් Monday, 01 August 2022 08:32 AM
ගෙයක් නැත්තං මහලු මඩමකට යන්න ප්ලීස් අපේ රට ඉතුරු කරලා. පෙන්ෂන් එක තියෙනවනෙ.
ranjith Monday, 01 August 2022 09:07 AM
රුපියල රුපියල සමස්ත ජනතාවගෙන් එකතු කරලා ගේ හදාදීලා ගෙදර යන්න කියමු ජනමතයක් ඇති නායකයෙකුට රට බාර දෙමු...
sharm warn Monday, 01 August 2022 09:07 AM
ඔය උදාන වාක්‍යය කියන්න කට හදාගෙනම නේද වැඩේ කළේ? මිරිහානෙ බස් එක පිච්චුව එකේ දෙවෙනි අසාර්ථක පිටපත තමයි ඔය ගෙට ගිනි තැබීම. ගිනි නිවන හමුදාව අත ළඟ තිබියදී ඇයි නිවන්න ආවෙ නැත්තේ කියලා පරීක්ෂණයක් කරන්නේ නැත්තේ ඇයි..?
Jaya Monday, 01 August 2022 09:55 AM
ඕක මේ ලෝකයේ තියන පෙරමුණක්ද?
podi mole Monday, 01 August 2022 09:56 AM
මෙයා තැබූ ලෝක වාර්තා, 6 වරක් අගමැති වීම, චන්ද 134 කින් ජනාදිපති වීම. ගෙයක් දොරක් නැති ලොකයේ දුප්පත්ම ජනාදිපති වීම
Rata Perata Monday, 01 August 2022 11:29 AM
මේ මිනිස්සු හදයිද රට...?
sharm warnMonday, 01 August 2022 11:41 AM
දැන්වත් යාන්තමට වගේ මතකයට එනවද? ඇයි මිනිස්සු සාමකාමී අරගලයට පාරට බැස්සේ කියලා..? මෙතන ජෙප්පන්, පෙරෙට්ටන් කියලා ලේබල් අලව අලවා කඩේ ගියාට...
BamunuarachchiMonday, 01 August 2022 04:07 PM
මිනිස්සු පාරට බැස්සයි කියලා රට හැදෙනවාද? රටට විදේශීය විනීමය එනවාද? එහෙම දියුණු වෙනවා නම් විදේශීය විනීමය එනවා නම් අපි පාරට බැහැලා තනිකකුලෙන් ඉන්නම්කො. ජෙප්පෝ කුරුරුට්ටෝ කියනවානම් ඔලුවෙන් ඉන්නම්කො. රටට විදේශීය විනීමය ලැබෙන්න ක්‍රම හොයා ගන්නාතුරු, අපේ වියදම් අඩු කරගන්නා තුරු. පොදු වාහන භාවිතා කර ඉන්ධන ඉතුරු කරගන්න ක්‍රම සකසන්න ඕන සංචාරකයෝ ගෙන්වාගන්න. හොරමැරකම්වලට සම්බන්ධ පිරිස් හිරේ යන්න වැඩපිළිවෙළක් සකසන්න.
kumara hemantha Monday, 01 August 2022 12:23 PM
අඬ අඬා ඉන්නේ නැතුව ගෙයක් හදා ගත්තොත් නරකද?
BamunuarachchiMonday, 01 August 2022 03:16 PM
හදනවා හදනවා... ඔබලාගේම සල්ලිවලින් අලුත් පන්නේ ගෙයක් හදා ගන්නවා. අද වැලි කියුබ් එක රු 36000 යි.. සිමෙන්ති කෝට්ටේ රු 3200. ගෙවන්නකෝ මගේ ගේ හදන සල්ලිත්...!
lakvidu Monday, 01 August 2022 12:36 PM
ගෙදර යන්න කියන්නේ ජනාධිපති කමෙන් අස්වෙන්න කියන එකවත් තේරෙන්නේ නැද්ද?
Bamunuarachchi Monday, 01 August 2022 01:43 PM
ජනාධිපති අගමැතිට ගෙදර යන්න කියන්නේ තමන්ට කියා ගෙදරක් නැති අය...
ganegodaMonday, 01 August 2022 02:14 PM
හුඟාක් අය පිටරටවල කුණු බක්කි අදීනවා.
BamunuarachchiMonday, 01 August 2022 03:58 PM
ගෙයක් දොරක් හදා ගත්තොත් එයා කුඩු ඒජන්ට් කෙනෙක්. පිටරට, යුරෝපයේ පදිංචියට ගියොත් එයා කුණු බක්කි අදිනවා. මගේ ළමයින් තුන්දෙනාම යුරෝපයේ රටවල් තුනක කුණු බක්කි අදිනවා හැබැයි යුරෝ 8000කට වැඩි වැටුපක් ලබනවා. මෙහෙ ඇමතිකමකට වැඩිය යුරෝපයේ කුණු බක්කි අදින එක හොඳයි.