(ඉන්දිකා රාමනායක)
දින 90 ක රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරන සංවිධානාත්මක අපරාධ කල්ලි සාමජිකයකු මෙන්ම ජාත්‍යන්තර මත්කුඩු ජාවාරම්කරුවෙකු බව කියන ගනේමුල්ල සංජීව නැමැත්තාට අයත් ටී 56 ගිනි අවියක් උණ්ඩ 28 ක් සමග අංගොඩ පැරකුම් මාවතේ කුඩා බෝක්කුවක් යට සඟවා තිබියදි අද 17 පෙරවරුවේ සොයාගත් බව පොලිසිය පවසයි.
බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් අද පෙරවරුවේ එම ස්ථානයට පැමිණ මෙම ගිනි අවිය හා උණ්ඩ සොයාගෙන ඇත.
මේවා ගමන් බෑගයක දමා සුක්ෂිතව අසුරා තිබු බවද පොලිසිය පවසයි.
ගම්පහ ප්‍රදේශයේ සිදුකළ ඝාතනයන් රැසක්ට මෙම ගිනි අවිය යොදාගෙන ඇති බවට හෙළි වී ඇති බවත්ල ඒ බව තහවුරු කර ගැනීම සදහා විමර්ශන ආරම්භ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.
ගනේමුල්ල සංජීව රැඳවුම් නියෝග මත මෙතෙක් සිදුකළ ප්‍රශ්න කිරීමේ ඔහු විසින් මේ දක්වා සිදුකර ඇති ඝාතන 18 ට පමණ තොරතුරු හෙළිව ඇති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
රජයේ බංගලා ලබන 30 වැනිදාට පෙර බාර නොදුනහොත් නඩු පවරන බව අධිකරණ, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු පළාත් සභා හා කම්කරු අමාත්‍යාංශයේ ලේකම්වරයා සියලුම හිටපු අම
‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධරණය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී ඔවුන්
කොළඹ ළමා සංවර්ධන මධ්‍යස්ථානයේ වයෝවෘද්ධ මුරකරුගේ ගෙල කපා ඝාතනය කර මළ සිරුර මෙට්ටයක ඔතා බෙල්ලන්විල වැවට දැමීමට සැලසුම් කළ එම ළමා නිවාසයේ පිරිමි ළමයින්
ප්රධාන මාර්ගයේ කාර්යාල දුම්රිය රැසක් අද සවස ද බොහෝ වේලාවක් ප්‍රමාද වීම නිසා කාර්යාල සේවකයෝ සිය නිවෙස් කරා ගමන් කිරීමේදී දැඩි අපහසුතාවයන් පත් වූහ.
වාහන ආනයනය කිරීම සඳහා ඉඩ ප්‍රස්ථාව ලබා දෙන ලෙස ඉල්ලීම් රැසක් ලැබී ඇති හෙයින් ඒ පිළිබඳව අවස්ථාව ලබා දීමට බලාපොරොත්තු වන බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වි
ශ්‍රී ලංකා රාජ්‍ය පරිපාලන සේවයේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීයකු වූ නීල් බණ්ඩාර හපුහින්න මහතා ඕස්ට්‍රේලියාවෙදි සිදුවූ හදිසි අනතුරකින් ජිවිතක්ෂයට පත්ව ඇත
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ගනේමුල්ල සංජිවගෙන් ඝාතන 18 ක සුලමුල එළියට
Nalins Sunday, 17 September 2023 08:13 PM
කර්මය ඔබ පසුපස එනවා.
Bunny Preena Monday, 18 September 2023 09:26 AM
හංගලා තියෙන ආයුධ හොයන්න එක්කන් යන්නේ නැතිද?