(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න )
අසාත්මිකතාවක් හේතුවෙන් ප්‍රතිකාර සඳහා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කොට හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි මාස දෙකක ගැබිනි කාන්තාවක් මියගොස් ඇතැයි අතුරුගිරිය පොලීසිය පවසයි
මෙසේ මියගොස් ඇත්තේ කළුබෝවිල ඇන්ඩර්සන් පාරේ අංක 91 හි පදිංචි මුතුආරච්චිලාගේ ශෂිකලා පෙරේරා (33) රූපලාවණ්‍ය ශිල්පිනියක බව පොලිසිය කියයි
ඉකුත් දෙසැම්බර් මාසයේ විවාහ වී ඇති මෙම කාන්තාව පළමු දරු ප්‍රසූතිය සඳහා මාස දෙකක ගැබිනි කාන්තාවක් වන අතර පවතින කොරෝනා වසංගතය හේතුවෙන් අතුරුගිරිය තිසර මාවතේ සැමියාගේ මාපියන් පදිංචි නිවසේ පසුගිය දිනවල රැඳී සිට ඇතැයි පැවසේ .
එහිදී මෙම කාන්තාව සිහිමුර්ජා වි ඇති අතර ඒ සමගම වූ කුසෙහි වේදනාවක් හේතුවෙන් සුවසැරිය ගිලන් රථයකින් ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට රැගෙන විත් ඇතැයි පැවසේ .
එහෙත් එම රෝහලේ මේ දිනවල කොරෝනා රෝගීන්ට පමණක් ප්‍රතිකාර කරන නිසා රෝගී ගැබිනි කාන්තාව සුවසැරිය ගිලන් රථයෙන් ම කළුබෝවිල ශික්ෂණ රෝහලට රැගෙනවිත් යොමු කර ඇතැයි පැවසේ .
පසුව මෙම කාන්තාව විනාඩි විස්සක් පමණ මූලික ප්‍රතිකාරය ඒකකයේ රඳවා ගෙන සිටියදී එකවරම සිහිමූර්ජා වීම හේතුවෙන් වැඩිදුර ප්‍රතිකාර සඳහා හදිසි ප්‍රතිකාර ඒකකයට යමු කර ඇතැයි පැවසේ.
පසුව එහිදී වෛද්‍යවරුන් හා හෙද කාර්ය මණ්ඩලය යුහු සුළුව රෝගියාට ප්‍රතිකාර කර ඇති අතර එහිදී රෝගියාගේ ජීවිතය බේරා ගැනීමට වෛද්‍යවරුන් දැඩි පරිශ්‍රමයක් දරා ඇතත් අවාසනාවකට මාස දෙකක් වූ ගැබිණි කාන්තාව මෙසේ මියගොස් ඇති බව පොලීසිය පවසයි.
ඒ අනුව මියගිය කාන්තාවගේ මෘත දේහය පී.සී.ආර් පරීක්ෂණයකට යොමු කළ අතර එහිදී වාර්තා වී ඇත්තේ ඇයට කොවිඩ් වෛරසය ආසාදනය වී නොමැති බවයි.
ඒ අනුව මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු විපුල නරසිංහ මහතා කළුබෝවිල ශික්ෂණ රෝහලේ හදිසි මරණ පරීක්ෂණ අධිකරණයේදී සිදු කෙරිණි.
එහිදී අධිකරණ වෛද්‍ය නිලධාරී වෛද්‍ය සී.ඊ. රණසිංහ මහතා විසින් මියගිය කාන්තාවගේ සිරුරේ කොටස් වැඩිදුර පරීක්ෂණ පරීක්ෂණ සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන තිබුණි
උපාලි සමූහ ව්‍යාපාරියේ හිටපු සභාපති අභාවප්‍රාප්ත දොස්තර සීවලී රත්වත්තේ මහතාගේ දියණිය වන එරන්තිකා සිරිමාවෝ රත්වත්තේ කැලේගම මහත්මිය එම පවුල සතුව තිබ
ලෝක මැලේරියා දිනය වෙනුවෙන් සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරය විසින් සංවිධානය කළ “Say Not To Malariya” මැලේරියා මර්දන සැමරුම් පාගම
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මන්නාරම, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඉදිරි පැය 36 තුළ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වියහැකි බවත් දිව
“මෙම අපහාසය තම ඇසෙන හෝ පෙනෙන තෙක් මානයේ සිදුවූවක් නොවන බැවින් ක්‍රියා මාර්ගයක් ගැනීමට මහේස්ත්‍රාත් අධිකරණයට බලයක් නොමැති බවත් කෙසේ වෙතත් මෙය බරපතල ත
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට ලබා දෙන විස්තීරණ ණය පහසුකම යටතේ වන හතර වන වාරිකය නිදහස් කිරීමට අදාල කාර්ය මණ්ඩල එකඟතාවට පැමිණ තිබේ.
ශ්රී ලාංකික සාත්තු සේවා වෘත්තිකයින් 2149 දෙනකු සඳහා ඊශ්‍රායලයේ නිවාස පාදක සාත්තු සේවා ක්ෂේත්‍රයේ රැකියා අවස්ථා හිමිවී තිබෙන බව විදේශ සේවා නියුක්ති කා
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගැබිනි කත හදිසියේ මිය යයි