(සුජිත් හේවාජුලිගේ )
අධික උණුසුම හේතුවෙන් ගැබිනි මවුවරුන් දහවල් කාලයේදි අව්වට නිරාවරණය නොවී නිවෙසේම කාලය ගත කිරීම වැදගත් බව කොළඹ කාසල් රෝහලේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය සනත් ලැනරෝල් මහතා පැවසීය.
ජලය ලීටර් දෙකක් පමණ ගත් ගර්භනී මවක අධික උණුසුම හේතුවෙන් ජලය ලීටර් තුනක් හතරක් ගැනීම වැදගත් බවත් එසේ නොකළහොත් විජලනයට පත්වී විවිධ සංකූලතාවලට මුහුණ දීමට සිදුවිය හැකි බවත් ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත් අධික සීතල වතුර පාවිච්චි නොකළ යුතු බවද ලැනරෝල් මහතා කීවේය.
අධික උණුසුම හේතුවෙන් කපු ආශ්‍රිත ඇඳුම් හෝ ලිහිල් ඇඳුම් ඇඳීමට වගබලා ගත යුතු බව පැවසූ විශේෂඥ වෛද්‍යවරයා ශරීරයේ උෂ්ණත්වය සෙන්ටිග්‍රේඩ් අංශක39.2 ට වඩා වැඩිවුවහොත් තාප කම්පන තත්වයක් පවා ඇතිවිය හැකි බවද ප්‍රකාශ කළේය.
අධික උණුසුම සමග ඇතිවිය හැකි පිපාසය, තෙහෙට්ටුව, කරකැවිල්ල, ක්ලාන්තය නොසලකා හැරියොත් සිහි මද ගතිය ඇතිවී තාප කම්පන තත්වයන්ට ගොදුරු විය හැකි බවත් එවැනි තත්වයට පැමිණීම වළක්වා ගතහොත් ගුණාත්මක දරුවකු බිහි කර ගැනීමට එය පිටුවහලක් වනු ඇති බවත් සනත් ලැනරෝල් මහතා පෙන්වා දුන්නේය.
2025 දෙසැම්බර් මස 04
786
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
580
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ගැබිනි මවුවරුන්ට සෞඛ්‍ය අංශයෙන් උපදෙස්