IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


‘‘ගමට ගැලපෙන අයවැයක් මෙවර ගේනවා‘‘

(ඩයනා උදයංගනී)

ග්‍රාමීය මටට්මේ විවිධ පාර්ශවයන්හි අදහස් ලබාගනිමින් මෙවර ඉතා හොඳ අයවැයක් ඉදිරිපත් කිරීමට මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කරමින් සිටින බව ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා පැවසීය.

ආගමික නායකයින්, ගමේ මහජන නියෝජිතයන්, රජයේ නිලධාරීන් සහ ග්‍රාමීය කමිටුවල ආදී විවිධ පාර්ශවයන්හි යෝජනා එහිදී ලබා ගැනීමට නියමිත බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහතා මේ බව පැවසුවේ වත්තල ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේ දී පැවති වැඩසටහනකට සහභාගී වෙමිනි.

අයවැය සඳහා ග්‍රාමීය මට්ටමින් යෝජනා ලබා ගැනීමෙන් ගමේ ක්‍රියාත්මක කළ යුත්තේ ආර්ථික ක්‍රියාවලියක්ද, ජීවනෝපාය සංවර්ධනයක්ද, සුභසාධන සේවාවක්ද යන්න නිවැරදිව හදුනා ගැනීමට හැකි වන බව ද හෙතෙම කීවේය.

අයවැයකදී ගම් මට්ටමින් යෝජනා ලබාගැනෙන්නේ ඉතිහාසයේ පළමු වරට බව ද රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.

 



අදහස් (15)

‘‘ගමට ගැලපෙන අයවැයක් මෙවර ගේනවා‘‘

Kule Sunday, 03 October 2021 04:54 PM

හොදයි හොදයි බලමු අපි

:       2       9

ලමය Sunday, 03 October 2021 05:18 PM

අර කවුදෝ ආවාම පෙට්රල් අඩුකරනා කිව්ව වගේද මේකත්.

:       1       26

Nuwan Sunday, 03 October 2021 05:21 PM

අන්න කියන්නකො අර ගම සමග මොකද්ද කියන ඒකෙන්ද මේ

:       1       24

පිටිගල මිලානෝ Sunday, 03 October 2021 06:56 PM

අය-වැය ගැන කථා කරන්න මෙයාගේ අධ්‍යාපන සුදුසුකම් මොනවාද? මේ අයද අර ගේනවා කිව්ව වියත්තු?

:       1       21

ගමේ එකාලා Sunday, 03 October 2021 07:07 PM

ගමට කෙසේ වෙතත් පවුල් ආණ්ඩුවට ගැළපෙන තාලෙට අයවැයක් ගෙනෙයි. අපි නොදන්නවා නෙවෙයි මෙයාලගේ තරම.

:       1       20

ජගත් Sunday, 03 October 2021 08:35 PM

ඒ කියන්නේ කුඩු වගේ ඒවා ගමට ගේනවද ?

:       1       22

Dharmatileke Sunday, 03 October 2021 10:24 PM

ගමේ මිනිස්සු රවටපු කාලේ අතීතයේ. පුලුවන්නම් ගමට ගිහින් කියන්න ගමට ගැලපෙන අයවැයක් ගේනවා කියල

:       0       17

සෙනෙවිරත්න Sunday, 03 October 2021 11:32 PM

ගම හාංසියි මහත්මයා, ඒක වළදාන්න පුළුවන් විදියේ එකක් ගේන්න...

:       0       0

Asela Sunday, 03 October 2021 11:36 PM

හිතාගෙන ඇති ගමට හොඳ අය වැයක් දීලා ලබන පාර පාර්ලිමේන්තු යන්න... දීපල්ලකෝ අය වැය....!!!

:       0       0

nihal Monday, 04 October 2021 12:15 AM

දුර්වල දේශපාලුව තමන්ව වර්ණනා කරගැනීමට ඊට වඩා දුර්වල අයව යොදාගනී

:       0       0

Perera Monday, 04 October 2021 12:23 AM

අර මොළ 7 ගෙනල්ල ආර්ථිකේ මැජික් කරනවා කිව්වා වගේද?

:       0       0

සමරේ Monday, 04 October 2021 01:13 AM

එතකොට නගරයට ගැලපෙන අයවැයක් ගේන්නේ නැද්ද?

:       0       0

Rocky Monday, 04 October 2021 04:28 AM

ගම කීවේ නාඩගමටද

:       0       0

විජේ Monday, 04 October 2021 06:34 AM

ඒ කියන්නේ මීගමුවට හරි යන අයවැයක් වෙන්න ඇති...

:       0       0

ase Monday, 04 October 2021 10:26 AM

ගම කිව්වේ ඇමරිකාවද? දැනගන්න ඇසුවේ

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ලංකාදීප ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේකය සෙනසුරාදා
2024 නොවැම්බර් මස 15 1985 0

මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ


ලොරිය දුම්රියේ ගැටී රියදුරු මරුට - 6 ක් රෝහලේ
2024 නොවැම්බර් මස 15 451 0

වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන


කෝටි 165 ක හෙරොයින් සමඟ 6 ක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 15 925 0

රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ


මහින්දගේ වාර්තාව විජිත බිදියි
2024 නොවැම්බර් මස 15 5270 0

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්


අකුරණ නගරය ජලයෙන් යටවෙයි
2024 නොවැම්බර් මස 15 693 0

මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.


කාන්තාවෝ 20ක් දියවන්නාවට යති
2024 නොවැම්බර් මස 15 4131 1

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 297 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 596 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1727 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site