IMG-LOGO

2025 අප්‍රේල් මස 22 වන අඟහරුවාදා


ගමනේ අපහසුව පාඨලී දකියි

(ඩයනා උදයංගනී)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ගිවිසුමට අනුව ක්‍රියා කිරීමේදී ශ්‍රී ලංකාවට බරපතලම ප්‍රශ්නවලට මුහුණදීමට සිදුවන බවත්, දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සිදුවීම රටක් වශයෙන් මහගිරිදඹ තරණය කිරීමට සූදානම් වීමක් බවත් 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

ආණ්ඩුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම නොකරන බව පැවසුවද ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ ණය යෝජනාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ අධ්‍යක්ෂ මණ්ඩල අනුමැතිය ලැබීමත් සමඟ එම ණය ප්‍රතිව්‍යුහගත කිරීම අනිවාර්යයෙන්ම කිරීමට සිදුවන බවත් එය මහගිරිදඹ තරණය කිරීමට සැරසීමක් බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා සඳහන් කළේය.

පාඨලී චම්පික රණවක මහතා මේ බව පැවසුවේ කොළඹ දී පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිසා ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව මෙරට සංවර්ධන කටයුතු නැවත ආරම්භ කිරීමට ඉදිරිපත් වනු ඇතැයි කී රණවක මහතා එය සුබ ලකුණක් බව ද කීවේය.

ඩොලරයේ ඉල්ලුම නැතිවීම හේතුවෙන් එහි වටිනාකම තරමක් අඩුවුවත්, ණය ගෙවීම ඇරඹුවොත් හෝ ආනයන සීමා ඉවත් කර නැවත ආනයනවලට ඉඩ දුනහොත් ඩොලරය අනිවාර්යෙන්ම නැවතත් ඉහළ යනු ඇතැයි ද හෙතෙම පැවසීය.

පවතින තත්වය අනුව තෙල් හා විදුලි ගාස්තු සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කළ හැකි බව කී මන්ත්‍රීවරයා රජය ඒවායින් අධික ලාභ උපයන බවත්, ඒවා ගෙන්වන ප්‍රසම්පාදන ක්‍රියාවලිය තවමත් අතිශය දූෂිත බවත් කීවේය. 



අදහස් (5)

ගමනේ අපහසුව පාඨලී දකියි

මැක්ස් Monday, 20 March 2023 03:11 PM

අවස්ථාවාදී දේශපාලකයකු වුවත්, මොහු සජිත් ප්‍රේමදාස සහ අනුර දිසානායක වැනි බොරුවෙන් රජවෙන්න හදන දෙපළට වඩා ගව ගණනක් ඉදිරියෙන් සිටින්නෙකි. පසුගිය දා මෙතුමා පවසා සිටියේ හොරු ඇල්ලීම වැනි සුරංගනා කතාවලින් හෝ පිටරටවල නායකයන්ට ඉංගිරිසියෙන් කත කර මුදල් ඉල්ලීම කළ පමණින් රටක් දියුණු කළ නොහැකි බවයි.පමණට වඩා වැඩියෙන් ප්‍රසාරණය කරන ලද හොරකම නමැති ප්‍රපංචය මාධ්‍ය හරහා කට උල් කරමින් හුවා දක්වන අනුර දිසානායක මහතාගේ වාගාලාප හෝ "ජනතාවගේ දෙපා ලගට" පැමිණ ප්‍රශ්න විසදනවා වැනි ජනප්‍රියවාදී හුදු ලාබ කතා මගින් රටක් ආර්ථික වශයෙන් නගා සිටුවීමට නොහැකි බව රටේ ජනතාව තේරුම් ගත්තොත් පාඨලී රණවක මහතාට රටේ නායකත්වයට පත් වීමට හැකි වනු ඇති බවක් සිතේ.

:       7       25

දිමුත්Monday, 20 March 2023 03:59 PM

එතකොට මයිනා සියඹලා ගෙනල්ලාම නැ? නිකං යන්න මහත්තයෝ!

:       4       9

samMonday, 20 March 2023 05:21 PM

ගමනේ අපහසුව නිසාද පාඨලී වාසියට පක්ෂ මාරු කරන්නෙත්, ආණ්ඩු සමග එකතු වෙන්නෙත් පාඨලීගේ පළමු පක්ෂය කුමක්ද කියා ඔහු දන්නවා වෙන්නට පුළුවන්... නමුත් ඔගේ අවසාන දේශපාලන පක්ෂය හෝ ආණ්ඩුව කුමක්ද කියා ඔහු පවා නොදනී...

:       3       3

Bamunuarachchi Monday, 20 March 2023 04:02 PM

හලෝ ගමනේ අපහසුව දකින්නේ දැන්ද? යාන්තමින් ගොඩ එන්න ගිය රට 1971 වලපල්ලට තල්ලු කළේ ජෙප්පන්. එතැනින් ගොඩ එනකොට නැවත 1977 වලට තල්ලු කලේ තම්බි මුදියන්සේලාගේ ජයවර්ධන. නැවත 1989 රට සහමුලිම කෑවේ පාහර ජෙප්පන්. ඒ අතරතුර කැවුම නියමෙට බෙදලා දෙන්න ගිය වඳුරා වගේ තමුන්ලා රට කෑවා. දැන් තිබෙන ගමන් මග බොහොම අසීරුයි කියලා අපි දන්නවා. කවුරු රට ගොඩ ගනීද කියලා දන්නේ නැහැ.

:       11       8

NDF Leader Monday, 20 March 2023 05:47 PM

චම්පික රණවක දිනපතා අන්තර්ජාලය පරිහරණය කර තොරතුරු සොයා ලස්සනට අදහස් ඉදිරිපත් කළත් හිටපු ඇමැතියෙක් බව අමතක කරන්න නරකයි. අන්තරෙන් පටන්ගෙන ජාතික හෙළ උරුමයට රිංගලා තිලක් කරුණාරත්නව කපලා, කරමතින් දේශපාලනයට ඇවිල්ලා මහින්දගේ එල්ලිලා ගාන කපාගෙන සජබට එක්වෙලා පොර ටෝක් දුන්නාට රටේ ජනතාවට දුම් සහතික, පැරණි යන්ත්‍ර වලින් සැදූ නොරෙච්චෝලේ වැනි ක්‍රියාහරහා ජනතාවට කෙළවපු සුදු කරපටියෙක් හා කුලයට අදින පුද්ගලයෙක්...

:       8       4

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

නුවර එනකොට පොලිතින් ගේන්න එපා
2025 අප්‍රේල් මස 22 1 0

සිරි දළදා වන්දනාව සඳහා දළදා මාළිගා පරිශ්‍රය වෙත පැමිණෙන සැදැහැවතුන් පොලිතින් ඇතුළු නොදිරන ද්‍රව්‍ය රැගෙන ඒමෙන් වලකින ලෙස “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහ


විදුලි ත්‍රිරෝද රථ ලියාපදිංචියට අවසර
2025 අප්‍රේල් මස 22 153 0

විදුලි බලයෙන් ධාවනය කරන මෝටර් ට්‍රයිසිකල් (ත්‍රිරෝද රථ) ලියාපදිංචිය සඳහා ප්‍රතිපාදන සැලසීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් වෙනස් වෙයි
2025 අප්‍රේල් මස 22 168 0

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


සූදු ක්‍රීඩාවට නියාමන අධිකාරියක්
2025 අප්‍රේල් මස 22 109 0

සූදු ක්‍රීඩා නියාමන අධිකාරිය පිහිටුවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.


බදු මුදල්වලට වෙනදේ සෙවීමට ජනතාවට අයිතියක් තියෙනවා
2025 අප්‍රේල් මස 22 142 0

ජනතාව ගෙවන බදු මුදල්වලට වටිනාකමක් තිබිය යුතු මෙන්ම එම මුදල්වලට වෙන්නේ කුමක්දැයි සොයා බැලීමට ජනතාවට අයිතියක් ඇති බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරස


ලක්ෂ 80ක ‘කුෂ්‘ සමඟ අයෙක් අල්ලයි
2025 අප්‍රේල් මස 22 187 0

රුපියල් ලක්ෂ 80 ක් පමණ වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ දිසාව අපරාධ කොට්ඨාසය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 536 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 298 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 447 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site