(තිලකරත්න දිසානායක)
ගම්පහ දිස්ත්‍රික්කයේ ලාදුරු රෝගීන් හදුනාගැනීමේ වැඩිවීමක් පවතින බැවින් ජනතාව සැලකිලිමත් විය යුතු බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ කාර්යාලය සදහන් කරයි.
ජාතික ලාදුරු මර්ධන ඒකකයෙහි සහ ගම්පහ දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය ඉන්දික වන්නිනායක මහතාගේ උපදෙස් පරිදි රෝගීන් හදුනාගැනීම පිනිස සිදු කරනලද පරීක්ෂාවන් අනුව මෙම වසර තුලදී මේ වනවිට ගම්පහ දිස්ත්‍රික්කයෙන් ලාදුරු රෝගීන් 130 දෙනෙකු පමණ හඳුනා ගැනීමට හැකිව ඇති බව දිස්ත්‍රික් වසංගත රෝග වේදඥ වෛද්‍ය නිලංගී සුභසේකර මහත්මිය ප්‍රකාශ කළාය.
ලාදුරු රෝග තත්ත්වය කලින් හඳුනාගනිමින් නිසියාකාරව වෛද්‍ය ප්‍රතිකාර ලැබීම මත නිට්ටාවට සුවපත්විය හැකි බව සදහන් කළ වසංගත රෝග වේදඥවරිය , හිරිවැටීම් සහිත වීම සහ සමෙහි ළප කැළල් වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නම් සමේ රෝග සායනයක් හෝ සමේ රෝග වෛද්‍යවරයෙකු වෙත යොමුවීමෙන් අවශ්‍ය ප්‍රතිකාර ලබාගත යුතු බවද පෙන්වා දෙනු ලැබුවාය.
ලාදුරු රෝගයට ප්‍රතිකාර සඳහා යොමු නොවී සිටීමෙන් විකලාංග තත්ත්වයකට පවා පත් විය හැකි බව ඇය පැහැදිලි කළ අතර මූලික අවස්ථාවේදීම ප්‍රතිකාර ලැබීම ඉතා අත්‍යාවශ්‍ය බවත් නිසි ප්‍රතිකාර මගින් නිට්ටාවට සුව වියහැකි බවත් සදහන් කළාය.
අනාගතයේ දිනෙක සඳ මත පය තබන ගගනගාමීන්ට පුහුණුව දීමේ අරමුණින්, ජර්මනියේ දැවැන්ත පර්යේෂණාගාරයක් තුළ කෘත්‍රිමව, සඳ මතුපිට නිර්මාණය කර ඇති බවත්, මේ වනවිටත්
කැළණි වැලි දුම්රිය මාර්ගයේ අවිස්සාවේල්ල හිගුරල සහ මිරිස්වත්ත උප දුම්රිය ස්ථාන අතරතුර දුම්රිය මාර්ගය හරහා නිදා සිටි තරුණ මවක් සහ තුන් හැවිරිදි දියණිය
අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියට සහ අමාත්‍ය විජිත හේරත් මහතාට තැපැල් දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරන ලද්දේ ඔවුන්ගේ රුව සහිත සිහිවටන තිලිණයක් පමණක
කොවිඩ් වසංගතයත් සමග රුසියාවේ කොවිඩ් පරික්ෂා කිරීමේ කට්ටල හිඟයක් ඇතිවූ අවස්ථාවේදී එවකට ඇමෙරිකානු ජනපතිව සිටි ඩොනල්ඩ් ට්‍රම්ප් රුසියානු ජනපති ව්ලැදි
ලෙබනනයේ සටන් විරාමයකට, තමන් කැමැත්ත පළ කරන බව එරට ක්‍රියාත්මක හිස්බුල්ලා සංවිධානය පවසයි. විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමින් හිස්බුල්ලා සංවිධානයේ නියෝජ්‍ය
දිවයිනේ ඇතැම් ප්‍රදේශවල පවතින අධික වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක තුනකට නිකුත් කර ඇති නාය යෑමේ අනතුරු ඇඟවිමේ නිවේදනය අද (10) පස්වරුව දක්වා බල පැවැත්
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ගම්පහ ලාදුරු අවදානමක්