IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


ගම්පහ වික්‍රමආරච්චි විද්‍යායතනය ජාතික විශ්ව විද්‍යාලයක් කරයි

(තිලකරත්න දිසානායක)

ගම්පහ වික්‍රමආරච්චි  ආයුර්වේද විද්‍යායතනය, ජාතික විශ්ව විද්‍යාලයක් බවට පත් කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය පියවර ගෙන ඇත.

මේ අනුව මෙතෙක් කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධිතව පැවති මෙම ආයතනය , ජාතික විශ්ව විද්‍යාලය බවට පත් කරමින් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතාගේ උපදෙස් පරිදි අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කළ බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ උප සභාපතිනී , ගම්පහ වික්‍රමආරච්චි ආයුර්වේද විද්‍යා ආයතනයේ නිසි බලධාරීනී මහාචාර්ය ජනිතා ලියනගේ මහත්මිය ප්‍රකාශ කළාය.  

ශ්‍රී ලංකාවේ 16 වෙනි ජාතික විශ්වවිද්‍යාලය වන මෙය "ගම්පහ වික්‍රමආරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලය" වශයෙන් නම් කර ඇත. මෙය උප කුලපතිවරයෙකුගේ පාලනයකින් සහ පීඨ හතරකින් සමන්විත වනු ඇත.

දේශීය වෛද්‍ය විද්‍යා පීඨය , දේශීය සෞඛ්‍ය විද්‍යා හා තාක්ෂණ පීඨය, දේශීය සමාජ විද්‍යා හා කළමනාකරණ අධ්‍යාපන විද්‍යා පීඨය සහ පශ්චාත් උපාධි අධ්‍යාපන පීඨය වශයෙන් පීඨ සතරක් ඇති  බව සදහන් කළ මහචාර්ය ජනිතා ලියනගේ මහත්මිය, මෙම විශ්ව විද්‍යාලය ලබන වසරේ මාර්තු 1 වෙනි දින නිල වශයෙන් ආරම්භ කිරීමට සැලසුම් කොට ඇති බවද ප්‍රකාශ කළාය.



අදහස් (5)

ගම්පහ වික්‍රමආරච්චි විද්‍යායතනය ජාතික විශ්ව විද්‍යාලයක් කරයි

Deepal Kandy Friday, 06 November 2020 04:32 AM

ඒක නම් නියම වැඩක්...

:       1       7

Raveendra Friday, 06 November 2020 04:45 AM

අප විස්වාස කරනවා මෙය හොද තීරණයක් ලෙස.. ඔන්න තවත් අවස්ථාවක් "අන්තරේ ඉන්න මෝඩ ගොන් කලවැද්දන් රැලට" දියව් දියව් කියමින් මහජන දේපොළ විනාශ කිරීමට ස්ථානයක්.. හුරේ.... "සුදුකුමාර නොහොත් අලකුමාර" ප්‍රමුක රතුහැට්ටකාරයන්ට ජය වේවා...!!!

:       2       10

කල්පනා Friday, 06 November 2020 08:14 AM

මෙවර අමාත්‍ය මණ්ඩල පත්කිරීමේදී ශ්‍රීලංකා විවෘත විශ්ව විද්‍යාලයය අධ්‍යාපන අමාත්‍යාංශයෙන් ඉවත්කර තිබුනේ ඇයි කියා පැහැදිලි නැහැ. උසස් පෙළ විභාගය සමත් සිසුන් දුර බැහැර යාමට ඇති අපහසුතා නිසා මෙම විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබනවා. මෙවර සිදුකළ දෙයින් ඔවුන්ට ගැටළුවක් වේදැයි සිතෙනවා. දන්නා කෙනෙක් පහදා දෙන්න.

:       0       1

banda Friday, 06 November 2020 08:27 AM

දුම් මුට්ටි අල්ලන්න හරියට කියා දෙන්න පුළුවන්.

:       0       1

මුණසිංහ Friday, 06 November 2020 09:17 AM

ඉතා හොඳ අගය කළ යුතු වැඩක්...

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත

නවතා තිබූ ට්‍රක් රථයේ ගැටී නාවික භටයා මරුට
2024 නොවැම්බර් මස 17 3 0

ත්‍රිකුණාමලය - මඩකලපුව ප්‍රධාන මාර්ගයේ ලංකා පටුන හන්දියේදී ඊයේ (16) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් නාවික භටයකු මිය ගිය බව ඊච්චලම්පත්තු පොලිසිය කියයි .


දියණියගේ පෙමට උරණවී පෙම්වතාට පහරදුන් පියා අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 292 0

පහළොස් හැවිරිදී තම දියණිය සමඟ ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගියායැයි උරණ වූ උසස් පෙළ විභාගය සඳහා අධ්‍යාපනය ලබන සිසුවෙකුට අමානුෂික ලෙස පහර දුන් පියෙ


පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 899 1

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
2024 නොවැම්බර් මස 17 2226 2

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


විදෙස් ගමන් බලපත් 66ක් සමඟ යුවළක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 655 0

විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.


මහනුවරින් තවත් ඩිෆෙන්ඩරයක් සොයාගනී
2024 නොවැම්බර් මස 17 1504 2

නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 337 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 622 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1778 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site