( තිලකරත්න දිසානායක සහ ඩයනා උදයංගනී)
කොවිඩ් - 19 රෝගීට ආයුර්වේද ප්‍රතිකාර ලබාදීම ඉතා සාර්ථක බැවින් මේ වන විට දේශීය හා බටහිර ප්‍රතිකාර යටතේ සුවය ලැබීමෙන් පසුව විවිධ සංකූලතාවන් ඇති වුවහොත් ආයුර්වේදය යටතේ ප්‍රතිකාර කිරීමේ හැකියාව ඇතැයි දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි මහතා අද යක්කලදී පැවසීය.
කොරෝනා රෝග තත්ත්වය සුවවීමෙන් පසුව සංකූලතා ඇති වන රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා යක්කල ආයුර්වේද ශික්ෂණ රෝහලේ " පශ්චාත් කොවිඩ් ප්‍රතිකාර ඒකකයක් " ආරම්භ කරමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
මෙහිදී අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය. විශේෂයෙන්ම කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර ලබා දීම සදහා ආයුර්වේද රෝහල් පද්ධතිය තුළ ගෙන යන වැඩපිළිවෙළ අතිශය සාර්ථකයි.
මේ නිසාම කොවිඩ් වැළඳී සුව විමෙන් පසු ඇති වන සංකූලතා වෙනුවෙන් ඉතා ශක්තිමත් ප්‍රතිකාර ක්‍රමයක් දේශීය වෛද්‍ය ක්රමයේ පවතිනවා. කොවිඩ් පසු සංකූලතාවන්ට ආයුර්වේද ප්‍රතිකාර ලබාදීම පිනිස මෙවන් ඒකක දිවයින පුරා ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වන බවද සිසිර ජයකොඩි මහතා කීය.
මහ මැතිවරණ ප්‍රතිඵල 2024 ඡන්ද ප්‍රතිඵල විශේෂ අතිරේක සෙනසුරාදා පත්‍රය සමඟ
වැලිගම, පොල්අත්ත දෙණිපිටිය ප්‍රද්ශයේදී කුඩා ලොරි රථයක් දුම්රියේ ගැටීමෙන් අද (15) පස්වරුවේ එම රථයේ රියදුරු මරණයට පත් වූ බවත් එම අනතුරෙන් තුවාල ලැබූ දරුවන
රුපියල් කෝටි 165 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින් කිලෝ 66 යි ග්‍රෑම් 840 ක් සමග නාවික හමුදාව විසින් ගැඹුරු මුහුදේදී අත්අඩංගුවට ගෙන තිබූ සැකකරුවන් 6 දෙනෙ
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී දිවයිනේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාව ලබා ගැනීමට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා ලෙස පත් වූ ජාතික ජන බලවේගයේ විජිත හේරත්
මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් ප්‍රදේශවලට අද( 15 ) සවස් කාලයේ ඇති වූ අධික වර්ෂාව හේතුවෙන් අකුරණ නගරයේ අදත් ගංවතුර තත්වයක් ඇතිව තිබිණි.
මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයෙන් කාන්තාවන් විස්සකට වැඩි පිරිසක් තේරී පත්ව සිටීම විශේෂත්වයකි.මින් කාන්තාවන් වැඩි පිරිසක් තේරී පත්ව සිටින්නේ ජාති
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගම්පහ වික්‍රමාරච්චි ආයුර්වේද රෝහලට පශ්චාත් කොවිඩ් ප්‍රතිකාර ඒකකයක්
Sriland Friday, 01 October 2021 02:17 AM
හොද දෙය්
ජනක Friday, 01 October 2021 07:04 AM
බොහොම වටිනවා... අද හෙල වෙදකම , ආයුර්වේද වෙදකම මුවාවෙන් විවිධ පිරිස් සල්ලි හම්බ කරගන්නයි බලන්නෙ කූඨලෙස. මෙවැනි දේ තුලින් ඒ වංචනික ක්‍රියා නැවැතෙනවා වගේම මහජනතාවට විශ්වාසනීය ලෙසින් ප්‍රතිකාර ලබාගන්න පුළුවනි.
අප්පො මුදලාලි Friday, 01 October 2021 07:19 AM
ඇමතිතුමා අගමැතිවරයාට ඔසු පැකට් එකක් දුන් වෙලාවෙ අදහස් පලකොට තිබුන ගැඹුරුම ළිදක පතුලේ සිටී ළිං මැඩියො වයිට්ගෙ මුටිටිය ගගට දැමීමෙනුත් කෑගල්ලෙ ධම්මික පැණයෙනුත් ආයුර්වේද වෙදකමේ තරම පෙනුනා කියලයි කිව්වෙ එහෙම දේශීය දේ ගරහන උන්දැලා ඔය වැඩේට මොනවා කියාද මන්දා