(සුරංග රාජනායක)
ගම්පොළ - නුවරඑළිය මාර්ගයේ අටබාගේ ප්‍රදේශයේ ව්‍යාපාරික මහල් ගොඩනැගිල්ලක් නාය ගොස් අටබාගේ ඔයට පෙරළී ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියයි.
පවතින අධික වර්ෂාව සමඟ ඊයේ රාත්‍රී මෙම ගොඩනැඟිල්ල නාය ගොස් ඇති බව ගම්පොළ පොලිසිය පවසයි.
මෙහි හෝටලයක් පවත්වාගෙන ගොස් ඇති අතර එහි සිටි අයිතිකරු හා ඔහුගේ පුතා රාත්‍රී හෝටලය වසා දමා එළියට පැමිණි පසු මෙම ගොඩනැඟිල්ල නාය ගොස් තිබේ
මේ දෙදෙනා එම හෝටලයට යාබද ඇති නිවෙසේ පදිංචිව සිටින අතර එම නිවසේ ද කොටසක් මෙම නාය යාමට හසුව තිබේ
මෙම නායයාම නිසා නුවරඑළිය මාර්ගය ද පුපුරා ගොස් ඇති නිසා වාහන ගමනාගමනය එක් මංතීරුවකට සීමා කර ඇති බව ගම්පොල මූලස්ථාන පොලීසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක කපිල බණ්ඩාර මහතා පවසයි
නාය අවදානම් සමඟ අසල නිවෙසේ පිරිස ද ඉවත් කළ බව පොලිසිය පවසයි
ඉදිරි මාස හතරහ මාරක කාලය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් තොග රජය විසින් බෙදා හැර අවසන් බැවින් ඒ සම්බන්ධයෙන් අනියත බියක් ඇතිකර නොගන්නා ලෙස කැබිනට් මාධ්‍ය
චීන මහජන සමූහාණ්ඩුවේ ෂැංහයි නාගරික මහජන කොංග්‍රසයේ (SCSMPC) ස්ථාවර කමිටුවේ උප සභාපති ෂැං ක්වාන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් නියෝජිත පිරිසක් කථානායක වෛද්
කටුනායක ප්‍රදේශයේ ව්‍යාපාරක කටයුතු කරනු ලබන අංජන නමැත්තකුට වෙඩි තැබීමට නියෝගය ලැබී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සැඟව සිටින සංවිධානාත්ම අපරාධ කරුවකු වන හ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
රාජ්‍ය අනුමැතියකට යටත්ව අධ්‍යාපන කටයුතු, සහ විශේෂ භාර හාර ආදිය ඔප්පු කිරීම වැනි සීමිත අවස්ථාවන් සඳහා පමණක් අවාරයේ සිරිපා වන්දනාවට අවසර දීම යෝග්‍ය බව ශ
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ගම්පොළ හෝටලයක් අටබාගේ ඔයට පෙරළෙයි-වීඩියෝ
SL Thursday, 11 November 2021 02:19 PM
කඳුකරය රැකගන්න 225 හරක් පට්ටියේ ඉන්න හරක් ටිකට කිසිඳු සැලැස්මක් හෝ සාමුහික ප්‍රතිපත්තියක් සැදීමට වුවමනාවක් නැහැ. මෙම තත්වය අද, ඊයේ පැමිණි එකක් නොවෙයි. ඊ ළඟට යන්නේ මහනුවර හන්තාන, බහිරව කන්ද, වේල්ස් පාර්ක්වල තියෙන ඉදිකිරීම්. මෙම ඉදිකිරීම් එක්ක ජලපෝෂක, උල්පත්, වනවැස්ම සියල්ල නැති වෙලා තියෙනවා. ඉහළ කඳුකරය වගාවට, වනයට සහ ජලපෝෂණයට අතහැරිය යුතුමයි.
sisilFriday, 12 November 2021 07:25 AM
මින් ඉදිරියට ගංගා, වැව් අමුණු අශ්‍රිතව ගොඩනැගිලි තැනීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට රජයට හොඳම අවස්ථාවක්. අනවසර (ගංගා, වැව්, අමුණු අාශ්‍රිතව) ගොඩනැගිලි ඉදිකර කඩා වැටුණු පසු රජයෙන් වන්දිත් ලබා ගැනීමට ව්‍යාපාරිකයන්ට හෝ ගොඩනැගිලි හිමියන් හට අවස්ථාව ලබා නොදිය යුතුවේ...
sharm warnMonday, 15 November 2021 01:38 PM
අනේ ඔව්.., බලන් ඉන්නකෝ.. වහාම තහනම් කරවලා කට්ටිය කුදලාගෙන ගිහින් හිරේ දාලා ඇප දෙන්නෙත් නැතිව... බම්බුව තමයි..
ජයන්ති Thursday, 11 November 2021 02:41 PM
හොඳ වැඩේ.........
බද්රානි Thursday, 11 November 2021 04:27 PM
අපි මේ උදේ හවස ශාප කරන්නේ විදේශ ගත ලාංකිකයින්ගෙන් කොරෝනා ජාවාරම හරහා ගසා කාපු හෝටල්වලට සහ ඒ ජාවාරමට සම්බන්ධ සියලුම දෙනාට මෙවන් ඉරණමක් අත්වෙන්න කියලයි. ඒ ඉස්සර කරපු ගංවතුර ආධාර දැන් නැහැ. තමන්ගේම ජාතියේ ශාපයට ලක්වූ රටකට අත්වෙන ඉරණම තමයි මේ දැන් භුක්ති විඳින්නේ.. මමත් ජයන්ති වගේම කියන්නේ හොඳ වැඩේ කියලයි.
මෝ Thursday, 11 November 2021 04:44 PM
සොබාදහමට කෝචොක් කර බලෙන් උදුරාගත් දේ කවුරු මොනවා කීවත් සොබාදහම විසින්ම නැවත අත්පත් කර ගන්නේ දැඩි දඬුවම්ද කරමිනි. සදාතනික සත්‍ය එයයි...