IMG-LOGO

2024 ඔක්තෝබර් මස 04 වන සිකුරාදා


ගැම්බියාවේ ක්‍රමයට කජු වවන්න යයි

(අංජුල මහික වීරරත්න)

කජු වගා කිරීමේ දී ගැම්බියාව යොදා ගන්නා වගා තාක්ෂණය ශ්‍රී ලංකාවට ලබා දීමට ශ්‍රී ලංකාවේ ගැම්බියානු තානාපතිවරයා සහයෝගය පළ කර තිබේ.

ගැම්බියාව ශ්‍රී ලංකාව මෙන් කෘෂිකාර්මික වශයෙන් කුඩා රටක් වුවත් රටකජු, කජු ආදී වගා රැසකින් ස්වයංපෝෂිත වී ඇතැයි ශ්‍රී ලංකාවේ ගැම්බියානු තානාපති මුස්තාපා ජවාරා මහතා කෘෂිකර්ම අමාත්‍ය  මහින්ද අමරවීර මහතා හමුවේ පැවසීය.

ගැම්බියාවේ වගා කරන කජු ඉන්දියාව ඇතුළු රටවල් ගණනාවකට අපනයනය කර විශාල ආදායමක් උපයන බවද තානාපතිවරයා සදහන් කළේය.ගැම්බියාවේ ගංගා ඉවුරු දෙපස බහුල වශයෙන් කජු වගා කර ඇති බවත් ඔහු කීය.

මෙහිදී අදහස් පළ කළ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා කීවෙි මෙරට කජු වගාවේ  පසුබෑමක් වීමට හේතුව වැඩි අස්වැන්නක් ලබා දෙන නව කජු විශේෂ හඳුනා ගැනීමට පියවර නොගැනීම බවයි. එමනිසා ගැම්බියාවේ කජු වගා තාක්ෂණය  යොදා ගැනීම සඳහා තාක්ෂණික සහයෝගය ලබා දෙන ලෙස අමාත්‍යවරයා ගැම්බියානු තානාපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.

 



අදහස් (4)

ගැම්බියාවේ ක්‍රමයට කජු වවන්න යයි

බද්රානි Wednesday, 07 February 2024 03:40 PM

ස්වභාව ධර්මයේ ශාපයට ලක්වී ඇති මේ භූමියට ලෝකයේ මොන තාක්ෂණය ගෙනාවත් ඵලක් නැහැ... අනික ඉතින් කජු වර්ග රාශියක් පොකුරු පිටින් වැවුණු රටේ දැන් කජ්ජක් පැලකරගන්න අනුන්ගේ තාක්ෂණය හොයනවා කියන්නේ මේ නින්දිත කාපාලු ජාතිය ගැන ආයේ කවර කතාද..? අර මැදපෙරදිග කාන්තාරය අද තිබෙන හැටි බලලා වත් යමක් ඉගෙන ගන්න අඥාන මිනිසුනේ...!

:       14       30

පාඨකයෙක් Wednesday, 07 February 2024 04:09 PM

ශ්‍රී ලංකාවේ කජුවලට ජාත්‍යන්තර වෙළඳපලේ ඉහළ ඉල්ලුමක් තිබීමට ප්‍රධානම හේතුව වන්නේ එම කජුවලට ආවේණික කිරි රසයයි. එබැවින්, ඵලදාව වර්‍ධනය කරගැනීමට අවශ්‍ය කරන භෞතික සාධක දියුණු කරගත හැකි ක්‍රමවේද පමණක් ලබාගැනීමට අවධානය යොමුවිය යුතුයි. නැතහොත්, දැනට දේශීය වෙළෙඳපොලේ තිබෙන නීරස දෙමුහුන් වට්ටක්කා, කොමඩු ආදිය මෙන් වනු ඇත. ඉන්පසුව, වැඩි කලක් ගතවීමට පෙර, නියම ලාංකීය කජු රසය තිබෙන කජු මදයක් "බෙහෙතකට වත්" සොයාගැනීමට නොහැකි වනු ඇති බවට පුරෝකථනය කළ හැකියි.

:       0       30

Kumar Wednesday, 07 February 2024 11:59 PM

වසර 30කට වැඩි කලක් ඇමරිකාවෙ වාසය කරන අපට ලංකාවෙ කජු සොයාගන්න තවම බැරිවුනා. වියට්නාමයේ කජු රාත්තලක් $7.00 ගන්න ඕනෑ තරම් තියෙනව.

:       0       0

Walebofa Friday, 09 February 2024 01:30 PM

Amaraweera karana kisima krushikarama wedak saarthaka wela nehe

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉසුරු සොයා එතෙර යන පිරිස වැඩි වෙලා
2024 ඔක්තෝබර් මස 04 16 0

ශ්‍රී ලාංකිකයින් විදෙස් රැකියා සඳහා යාමපසුගිය වසරේ සැප්තැම්බර් මාසයට සාපේක්ෂව සියයට දහයකින් ඉහළ ගොස් ඇතැයි ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාසය


අල්ලස් ගත් හිටපු සැරයන් වසර 2කට හිරේ
2024 ඔක්තෝබර් මස 04 58 0

රථ වාහන වරදක් කළ පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර රියදුරු බලපත්‍රයක් මුදා හැරීම සඳහා රුපියල් 1000ක අල්ලසක් ඉල්ලා ලබා ගැනීමේ චෝදනාවන් දෙකට වරද


ඩුබායිහිදී ගුටි කෑ විමුක්ති කොළඹදී මරුට
2024 ඔක්තෝබර් මස 04 1341 0

ඩුබායි රාජ්‍යයේදී පහරකෑමට ලක්ව කෝමා තත්ත්වයට පත්ව මෙරටට පැමිණ කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකු ඊයේ (3) මියගොස් ඇති බව ගුවන්තොටුපොළ පොල


මහින්දානන්දගේ කැරම් බෝඩ් නඩුව දෙසැම්බර් විභාගෙට
2024 ඔක්තෝබර් මස 04 586 0

ස.තො.ස. ආයතනයට ගෙන්වු කැරම් බෝඩ් සහ දාම් බෝඩ් පසුගිය ජනාධිපතිවරණ සමයේදී දේශපාලන අරමුණු හේතූවෙන් ක්‍රීඩා සංගම්වලට බෙදාදී රජයට රුපියල් කොටි 05 කට අධික පාඩ


ලංකා සතොසට නව සභාපතිවරයෙක්
2024 ඔක්තෝබර් මස 04 1008 1

ලංකා සතොස ආයතනයේ නව සභාපති ලෙස ආචාර්ය සමිත පෙරේරා මහතා පත් කර ඇත.


ඩයනාගේ නඩුව නොවැම්බර් විභාගයට
2024 ඔක්තෝබර් මස 04 294 0

නිතී විරෝධී ආකාරයෙන් ද්විත්ව පුරවැසිභාවය දැරීම සම්බන්ධයෙන් හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේ මහත්මියට එරෙහි අධි චෝදනා පත්‍රය සංශෝධනය කිරීමට අවසර දුන්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38885 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25513 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 304 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1015 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 363 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site