(සුජිත් හේවාජුලිගේ )
පාර්ලිමේන්තු කටයුත්තක් පිළිබඳව තමා කළ ප්‍රකාශය ගැන වැරැදි මතයක් අධිකරණය තුළත් සමස්ත සමාජය තුළත් ඇති කිරීමට උත්සාහ දරමින් සහ පහත් ලෙස අපහාස කරමින් තමාගේ පාර්ලිමේන්තු කටයුතුවලට බාධා කිරීම සම්බන්ධයෙන් කතානායක මාධ්‍ය ලේකම්ට එරෙහිව වරප්‍රසාද ප්‍රශ්නයක් මතු කිරීමට අවස්ථාව ලබා දෙන ලෙස පිවිතුරු හෙළ උරුමය පක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාට ලිපියක් යොමු කරමින් අද (17) ඉල්ලීමක් කළේය.
පාර්ලිමේන්තු බලතල හා වරප්‍රසාද පනතින් තමාට හිමිවී ඇති වරප්‍රසාද ඔහුගේ එම ක්‍රියා කලාපයෙන් උල්ලංඝනය වන බවද ගම්මන්පිල මහතා ඒ ලිපියෙන් දැනුම් දුන්නේය.
මහබැංකු පනත් කෙටුම්පතේ කිසිම වගන්තියක් ව්‍යවස්ථාවට පටහැනි නොවන බවට කතානායකවරයා කළ ප්‍රකාශය වහාම නිවැරදි කිරීමට ඉදිරිපත් වන ලෙස පැවසීම පෙත්සම්කාර මන්ත්‍රීවරයෙකු ලෙස තමාට පැටවුණු වගකීමක් බවත් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නිසි ලෙස නො කියවා වැරදි උපදෙසක් මත එම ප්‍රකාශය කර ඇතැයි ඒ අනුව තමා මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කළ බවත් ගම්මන්පිල මහතා සඳහන් කළේය.
ඉතිහාසයේ ඉදිරිපත් වුණු වඩාත්ම දුර්වල පනත් කෙටුම්පතක් කිසිම වගන්තියක් ව්‍යවස්ථාවට පටහැනි නොවන බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර ඇති බවට නිවේදනය කිරීමෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ගෞරවයට බරපතළ ලෙස හානි සිදුවූ බව පවසන ගම්මන්පිල මහතා එම ප්‍රකාශය ව්‍යවස්ථාදායකය සහ අධිකරණය අතර අනවශ්‍ය ගැටුමක් නිර්මාණය වීමට තුඩු දෙන්නකැයිද ප්‍රකාශ කළේය.
එසේම එම ප්‍රකාශය පනත් කෙටුම්පතේ දුර්වලතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළ නීතිඥ මඩුල්ලටද නිගාවක් බවත් පනත් කෙටුම්පත අධිකරණය ඉදිරියේ අභියෝගයට ලක් කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ප්‍රමුඛ පෙත්සම්කරුවන්ද අපහසුතාවයට ලක් කිරීමක් බවත් උදය ගම්මන්පිල මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
බළපිටිය මරදාන මහ පාරේදී අද(17) රෑ සිදුවූ වෙඩි තැබීමකින් එක් අයකු තුවාල ලබා රෝහල්ගත කළ බව අහුන්ගල්ල පොලීසිය කියයි.
දෙවුන්දර හුම්මාන මාර්ගයේ දි සැක කටයුතු මෝටර් රථයක් නවත්වා පරික්ෂා කිරීමේ දී මෝටර් රථයේ පසු පස ප්‍රදේශයේ සඟවා තිබු රුපියල් 32840000 මුදල් හා රත්තරන් වළලු, කර
කැකිරාව මැදවැව ප්‍රදේශයේ ගෙවත්තක තිබී ගින්නෙන් පිලිස්සුන තිදරුමවකගේ මළ සිරුරක් සොයා ගැනීමට අද (17) පොලිසියට හැකිව තිබේ.
වර්තමාන ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලය සහ මැති ඇමතිවරු රටට සහ ජනතාවට බරක් නොවී වැඩ කළ හැකි බව ඔප්පු කරමින් සිටින බවත් දූෂණය, වංචාව සහ නාස්තිය නතර කර ඇති බව සියය
සිරි දළදා වන්දනාවේ පෝලිම් කෙළවර බැතිමතුන්ට පහසුවෙන් බලා ගැනීම සඳහා විශේෂ ලින්කුවක් හඳුන්වා දී තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ද හෙට සිරි දළදා දැක්මට සහභාගී වී දළදා වහන්සේ වන්දනා කිරීමට නියමිතව තිබේ.
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
ගම්මන්පිලගෙන් කතානායකට ලිපියක්