IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


ගම්මන්පිලට එරෙහිව සජබෙන් විශ්වාසභංගයක්

(සුජිත් හේවාජුලිගේ )

කොවිඩ්  වසංගතය හමුවේ ජනතාව පීඩාවට පත්ව සිටින මොහොතක ඉන්ධන මිල වැඩි කර  ජනතාව අපහසුතාවයට පත් කිරීම සම්බන්ධයෙන්   බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහිව  විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව  සමගි ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා පවසයි.

මේ යෝජනාව කතානායකවරයාට අද හෙටම භාරදීමට නියමිතව  ඇතැයිද ඔහු ප්‍රකාශ කරයි

විශ්වාසභංග යෝජනාවට සමගි ජන බලවේගයේ  මන්ත්‍රීවරුන්ගේ අත්සන් ලබා ගැනීම අද (16) සිට ආරම්භ කෙරුණු බව සමගි ජන බලවේගය පවසයි  .

ඇමති උදය ගම්මන්පිල මහතාට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට   සමගි ජන බලවේගය පක්ෂය පෙරේදා (15)   තීරණය කළේය .

මේ විශ්වාසභංග යෝජනාව නොපමාව විවාදයට ගන්නැයි  සමගි ජන බලවේගයේ නායකයන් ලබන සතියේ පැවැත්වීමට නියමිත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදීද ඉල්ලීමක් කිරීමට  නියමිතය .

 

 



අදහස් (10)

ගම්මන්පිලට එරෙහිව සජබෙන් විශ්වාසභංගයක්

fairoos Wednesday, 16 June 2021 01:21 PM

වැඩක් නැ... සෙට් එකම එකතුවෙලා කරපු එකක්නේ...

:       23       11

චතුර Wednesday, 16 June 2021 02:26 PM

කන අත්සන ඇති ද?

:       0       33

SUNIL MILANO Wednesday, 16 June 2021 02:36 PM

කොහෙන් හිනාවෙන්නද මන්දා..? අර ඔයාලගේ කසිප්පු කාරයන් ගැන බැලුවොත් නරකද?

:       143       248

ganegoda Wednesday, 16 June 2021 03:28 PM

මේ මනුස්සයාව ආපහු පන්සලකට දාන්න.

:       0       19

indika Wednesday, 16 June 2021 03:43 PM

58 දෙනෙක් තියාගෙන මොන විශ්වාස භංගද? විහිළු සපයන්නේ නැතිව රටට මේ මොහොතේ අවශ්‍ය දෙයක් කළොත් නරකද? සුපිරි වාහන ගෙනාවට ඔය කවුරුවත් විරුද්ධ වුණාද?

:       25       6

මහසෙන් Wednesday, 16 June 2021 03:48 PM

තකට තක විපක්ෂය.. එහෙන් ආණ්ඩුවේ විහිලු. මෙහෙන් විපක්ෂයේ විහිලු. පැහැදිලිවම රජය ගත්ත සාමූහික තීරණයකින් තොරව මිල වැඩි කරන්න බැරි බව මේ තොත්ත බබාලාට තේරෙන් නැතිව ඇති. ගේනවලා ආණ්ඩුවට විශ්වාස භංගය. ඔතන ලොකු බබා නෑ නේද?

:       3       48

RaveendraWednesday, 16 June 2021 04:37 PM

ඇත්තෙන්ම මේවා විහිළු උනත් සම්ප්‍රදැයි විපක්ෂයක කාර්‍යභාර්යනේ.

:       0       0

de silva Wednesday, 16 June 2021 03:49 PM

දැන් බලාගන්න පුලුවන්

:       0       1

Suranga Wednesday, 16 June 2021 03:54 PM

"ඒගොල්ලො සේරම යාලුවෝ මල්ලි"

:       0       9

Sri Lanka Wednesday, 16 June 2021 06:20 PM

බොරුවට ලකුණු දාගන්න කරන වැඩක්... ගම්මන්පිලද ආණ්ඩුවේ ලොක්කා?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

අදත් තැනින් තැනට වැසි
2024 නොවැම්බර් මස 06 22 0

මධ්‍යම, සබරගමුව, ඌව, දකුණු සහ බස්නාහිර පළාත්වල සවස් කාලහේදී හෝ රාත්‍රී කාලහේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපා


ඊශ්‍රායල ආරක්ෂක ඇමැති ධුරයෙන් නෙරපයි
2024 නොවැම්බර් මස 06 1235 0

ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙදන්යාහු එරට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස කටයුතු කළ යෝව් ගැලන්ට් ධුරයෙන් නෙරපා ඇත. ඊට හේතු වී ඇත්තේ නෙදන්යාහු සහ ගැලන්ට්


කවුරු දිනුවත් ඓතිහාසිකයි
2024 නොවැම්බර් මස 06 949 0

ඇමෙරිකන් ජනාධිපතිවරණය රිපබ්ලිකන් අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් අපේක්ෂක කමලා හැරිස් අතරේ පැවැත්වයි. ඇමෙරිකන් මාධ්‍ය වාර්තා පෙන්වා දෙන අන


7 වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ
2024 නොවැම්බර් මස 06 167 0

7 වැනි වරට සංවිධානය කෙරුණු චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය (CIIE) චීනයේ ෂැංහයි නුවරදී ආරම්භ විය. චීන අග්‍රාමාත්‍ය ලී ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් ෂැංහයිහි


හිටපු මහ ඇමැති මහිපාලගේ බිරිය වැවකින් කොටසක් අල්ලලා?
2024 නොවැම්බර් මස 05 2730 0

උතුරු මැද පළාතේ හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් මහතා ඔහුගේ ධුරකාලයේ සිය බලතල අවභාවිතා කරමින් සිය බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 40 ක වටිනා ඉඩම


මැගසින් බන්ධනාගාරයේ දුරකථන බෙදූ ලොකු ජේලර්- නියාමක ගෙදර
2024 නොවැම්බර් මස 05 1281 0

කොළඹ නව මැගසින් බන්ධනාගාරයේ රැඳවියන් වෙත ජංගම දුරකථන සැපයීමේ චෝදනාව මත එහි ප්‍රධාන ජේ‍රල්වරයාගේ සහ ගබඩා භාරකරු ලෙස කටයුතු කළ නියාමකවරයාගේ වැඩ තහනම්


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 419 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1332 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 704 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site