IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


ගම්මිරිස් වගාවට ’’හෙනහුරෙක්’’

(අංජුල මහික වීරරත්න)

ගම්මිරිස් වගාවේ මුල් ආශ්‍රිතව  දිලීර රෝග දෙකක් පැතිර යාමේ අවදානමක් ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

ක්ෂණික කොළ මැලවීමේ රෝගය හා සෙමින් කොළ මැලවීමේ රෝගය  (Quick wilt and Slow wilt) දිලීර වලින් හට ගන්නා බවත් ගම්මිරිස් වැල්වල  මුල් කුණුවීම නිසා වැලට අවශ්‍ය නිසි ජලය හා පෝෂණය නොලැබීමෙන් ගම්මිරිස් වැල් වල කොළ මැලවී  මුළුමනින්ම ම මැරී යන බවත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.

ගම්මිරිස් වගාවේ කඳන් විදින ගුල්ලා මෙම රෝග තත්ත්වය වඩාත් ව්‍යාප්තවීමට හේතුවී තිබෙන්නේ යැයිද මෙම රෝග බලපෑම නිසා අක්කර 200ක ගම්මිරිස් වගාව මුළුමනින්ම විනාශ වී ඇතැයි ද කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.

දැඩි උණුසුම් සහිත වියලි කාලගුණය නිසා මෙම රෝගය ඉක්මනින්ම පැතිර යාමේ අවදානමක් මතුවී ඇති බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

මෙම රෝග පාලනය සඳහා නිර්දේශ කර ඇත්තේ මැන්කොසෙබ් සියයට 64ක් හා මෙටලැක්සින් සියයට 8ක් අඩංගු දිලීර නාශක වේ.

නිදසුන් ලෙස රිබෝමිල්, රෙඩොක්සිල් හා රෙඩොන් යන දිලීර නාශක මෙම රෝග තත්ත්වය පාලනය සඳහා සුදුසු වන බවත් රෝගය වැළඳුනු ගම්මිරිස් වැල් ගිනි තබා විනාශ කළ යුතු බවත්  කෘෂිකර්ම දෙපාර්තමේන්තුව කියයි.

කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවක දී කෘෂිකර්ම  දෙපාර්තමේන්තුවේ නිලධාරීහු මේ කරුණු  අනාවරණය කළහ.



අදහස් (0)

ගම්මිරිස් වගාවට ’’හෙනහුරෙක්’’

ඔබේ අදහස් එවන්න

දියත

නරුම රැලක් සිසුවා බිලි ගනිති
2024 ඔක්තෝබර් මස 02 311 0

තම මිතුරාගේ පෙම්වතිය හමුවීමට මිතුරා සමඟ ඇයගේ ගමට ගිය පාසල් සිසුවෙකුට කිසියම් පිරිසක් පහරදීමෙන් එම සිසුවා මරණයට පත්ව ඇතැයි මාතලේ මහවෙල පොලිසිය පවසය


මහකන්නයට වතුර 15 වැනිදා සිට
2024 ඔක්තෝබර් මස 02 16 0

මෙවර මහකන්නය සඳහා ජලය නිකුත් කිරීම ලබන15වැනිදා සිට සිදු කරන බව කෘෂිකාර්ම අමාත්‍යංශය පවසයි


’’IMF වැඩසටහනට කැපවෙන්න’’
2024 ඔක්තෝබර් මස 02 511 1

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ඉවහල් වූ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩසටහනට කැපවන ලෙස නව පාලනයෙන් ඉල්ලා සිටින බව හිටපු මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහා


ඇඟලුම් සේවකයා ළඟ උණ්ඩ පහක් යෙදිය හැකි රිවොල්වරයක්
2024 ඔක්තෝබර් මස 02 224 0

මාතර උනැල්ල ප්‍රදේශයේ ඇගලුම් සේවකයෙකු සන්තකයේ තිබී එකවර උණ්ඩ පහක් යෙදිය හැකි රිවෝල්වරයක් අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි.


ඕස්ට්‍රේලියා මහකොමසාරිස් ජනපති හමු වෙයි
2024 ඔක්තෝබර් මස 02 403 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් පෝල් ස්ටීවන්ස් මහතා (Paul Stephens) අතර හමුවක් කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද (2) සි


ඩෙංගු මඩින්න කියුබා සහය
2024 ඔක්තෝබර් මස 02 798 0

ශ්‍රී ලංකාවේ ඩෙංගු මර්දන කටයුතු සඳහා ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය ලබාදෙන බව ශ්‍රී ලංකාවේ කියුබානු තානාපති අන්ද්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ මහතා ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38592 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25395 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 276 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 939 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 328 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site