IMG-LOGO

2024 ඔක්තෝබර් මස 21 වන සඳුදා


ගම්මන්පිල ජනපතිට අවසන් සිහිකැඳවීම කරයි

(ආරියරත්න රණබාහු )

පාස්කු ඉරුදින ත්‍රස්ත පුහාරය සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නොකළ වාර්තා දෙක හෙට( 21)උදෑසන දහය වන විට ප්‍රසිද්ධ නොකළහොත් අනිවාර්යයෙන්ම තමා ඒවා ප්‍රසිද්ධ කරන බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය.

පිට කෝට්ටේපිහිටි පිවිතුරු හෙළ උරුම පක්ෂ මුලස්ථානයේ අද පැවති මාධ්‍ය හමුව අමතමින් ඒ බව කී ගම්මන්පිල මහතාා එහිදී මෙසේද කීය.

පාස්කු ප්‍රහාරය පිළිබඳජනාධිපතිවරයා විසින්ප්‍රසිද්ධ කිරීමට පැකිළෙන වාර්තා දෙක ප්‍රසිද්ධ කිරීමට මා ඔහුට ලබා දී තිබූ කාලය හෙට උදෑසන දහයෙන් අවසන් වෙනවා.

ජනාධිපතිවරයා මේ වාර්තා ප්‍රසිද්ධ කර ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ඔහුට ලබා දී තිබෙන වගකීම ඉටු කිරීමට හැකියි ඒ මගින් ඔහුට එරෙහිව ඉදිරිපත්විය හැකි දෝෂාභියෝගයේ අවදානම මගහැර ගැනීමට පුළුවන්.

නමුත් ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 38 වන වගන්තිය උල්ලංඝනය කරමින් හෙට උදෑසන දහය වන විට එම වාර්තා ලබාදීම පැහැර හැරියොත් මා ඒ වාර්තා ඉදිරිපත් කරනවා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හෝ රාජ්‍ය රහස් පනත යටතේ මාව අත්අඩංගුවට ගෙන මාව වසර 14ක් සිරගත කිරිමට තිබෙන අවදානම ගැන අප ගැඹුරින් අධ්‍යයනය කරනවා.ජනතාවට ඇත්ත දැනගැනීමේ අයිතිය වෙනුවෙන්අපේ අවදානම ගන්න සූදානම්.

පාකිස්තානයේ ඉමිරාන්ඛාන් සිරගත වී සිටිමින් ඒ අයි තාක්ෂණය ඔස්සේ කටයුතු කර ආකාරයට අපත් සිරගෙදර සිටියත් නවීන තාක්ෂණය භාවිතා කර මෙම වාර්තා එළි දැක්වීමට විධිවිධාන සලස්වා තිබෙනවා යැය් ඒමහතා කීය.

 



අදහස් (18)

ගම්මන්පිල ජනපතිට අවසන් සිහිකැඳවීම කරයි

ණුවන් Sunday, 20 October 2024 04:39 PM

ඔට්ටුයි බෑ, මෙයා කරන්නෙත් බොරු රඟපෑමක්. පුළුවන් නම් ප්‍රසිද්ධ කරන්න...

:       119       47

ගමේ එකාලා Sunday, 20 October 2024 04:43 PM

පාස්කු ප්‍රහාරය එල්ලවන තැනට වැඩ සිද්ද කරලා බලයට ආවේ දූෂිත පවුල් පාලනේ අය. තමුන් ඒ ආණ්ඩුවේ ඇමැති වරයෙක් වෙලා හිටියා. තමුන්ට අවශ්‍ය දූෂිතයින් රැකගැනීම බව පැහැදිලියි. අවසන් සිහිකැඳවීම කරන්න වෙන්නේ තමුන්ට...

:       94       48

Rata Perata Sunday, 20 October 2024 04:52 PM

මෙයා නම් අවුරුදු 14කට නෙවෙයි, 28 කට හරි ඇතුළට යවනවා නම් රටට සෙතක්...

:       85       77

Deshapriya Sunday, 20 October 2024 04:55 PM

ඔය වාර්තා අද ඊයේ නිකුත් කරපුවාද? ගෝටා, රනිල් ජනාධිපති කාලේ මේ යකා ලංකාවේ නෙවෙයිද හිටියේ..? මෙයාට සිහි විකල්වෙලා තියෙන්නේ අවස්ථාවාදී අය..

:       84       78

Buddika Sunday, 20 October 2024 05:08 PM

ගෙම්බන්ගේ අනවශ්‍ය පිම්බීම අවසානයට හේතුවක්. මේ කරන්නේ අනවශ්‍ය දේකට මිනිස්සුන්ගේ අවදානය අරගෙන මහමැතිවරණයේදී ඡන්ද ගන්න වැඩක්. කොහොම මොනව කළත් ගම්මන්පිල ඡන්දෙන් ඇපත් නැතිව පරාජයට පත්වීම ස්තිරයි. මේ මිනිහ කොන්දේසි විරහිතව රාජපක්ෂ වෙනුවෙන් කඩේ ගිය සුදු හුණු ගාපු මිනිහෙක්. මේ හදන්නේ ඉල්ලන් කෑමටයි...

:       58       52

විජිත් Sunday, 20 October 2024 05:09 PM

ඉතින් ඇයි හෙට උදේ 10 වෙනකම් බලාගෙන ඉන්නේ? දැන්මම ඔය කියන වාර්තා ප්‍රසිද්ධ කරන්නකෝ. ඔබ හිතන්නේ ඔබ කවුරු කියලද? හෙට උදේ 10ට ඔය කියන ඉලව් වාර්තා ප්‍රසිද්ධ නොකලොත් ඔබට සිදුවන දේ ඔබ දන්නවද? ඔය කියන වාර්තා බාරගත්ත රනිල් කියන ඩබල් ගේම් කාරයා කොහොමත් හෙට අනිද්දාම කුඩුවට යනවා. ඡන්දෙකට ළඟටම ආපුවාම ඔය වාර්තා එළියට දාන්න මොකද කලබලේ? කොහොමත් හෙට ඔබ විසින්ම ඔබගේ ඉරණම විසඳාගනියි...

:       46       42

රම්බොඩ Sunday, 20 October 2024 05:17 PM

වගකීම රහිතව ඉන්න කොටයි, වගකී⁣ම් සහිතව ඉන්නකොටයි හැම කෙනෙක්ම වෙනස් වෙනවා. ගම්මන්පිල මහතාට වෙලා තියෙන්නේ. වගකීම් රහිත වීම. ඒ නිසයි මේ කොහේද යන සර්පයෙක්ගේ වලිගෙන් අල්වාගෙන මේ හැටි දඟළන්නේ...!

:       25       33

යෝගා Sunday, 20 October 2024 05:25 PM

මේ වාර්තා දෙක ප්‍රසිද්ධ කරන්න මෙච්චර පැකිලෙන්නේ පාස්කු ප්‍රහාරයට ජේවීපියේ ලොකු සම්බන්ධයක් තියෙන නිසාද? නැත්නම් තමන්ට හිතවත් කණ්‌ඩායමක් ආරක්ෂා කරන්නද?

:       23       113

lanka Sunday, 20 October 2024 05:33 PM

මේ වගේ උදවියගෙන් රටට වෙන හානිය ගණනය කරන්න කොමිසමක් පත් කරන්න....! 

:       40       26

Janthu Sunday, 20 October 2024 05:35 PM

මෙයානම් ළඟදීම හොඳම එකෙන් කනවා. ඔන්න කිව්වා කියලා හිතාගන්න...!

:       35       30

ජගත් ලියනගේ Sunday, 20 October 2024 05:37 PM

තප්පුලන්නේ ඕවා ඉදිරිපත් කරන්නකෝ. කයිවාරුව විතරයි. පුළුවන් නම් ජනාධිපතිවරයාට එරෙහිව විශ්වාස භංග චෝදනාවත් ඉදිරිපත් කරන්නකෝ මොකද වෙන්නේ කියලා බලන්න. විමල්-ගම්බන්පිල ඉන්න පක්ෂය මෙදා පාර අතුගාලාම දානවා, ඡන්ද දායකයෝ...!

:       32       27

ජයනාත් Sunday, 20 October 2024 05:41 PM

මේ මිනිහට ඕන ප්‍රසිද්ධිය. දැන් කට වරද්දාගෙන... රනිල් දෙපැත්තෙන්ම හිනාවෙනවා. ෂුවර් එකටම ඕක ප්‍රසිද්ධ කරපු ගමන් මෙයාට ජම්පරේ අඳින්න වෙනවා. ඇයි පහුගිය කාලේ මෙච්චර දැඟලුවේ නැත්තේ...

:       5       29

රකිත්Sunday, 20 October 2024 07:18 PM

ලැබුණාට පස්සේ නේද පිට කරන්න පුළුවන්. ඇයි ජනපති අනුර කුමාර දිසානායක ඔය වාර්තාව එළියට නොදී ඉන්නේ...!

:       1       66

sajith Sunday, 20 October 2024 05:50 PM

මෙච්චර කල් පොල් ගෑවද?

:       22       23

සුදේශ් Sunday, 20 October 2024 06:43 PM

මානසික රෝහලකට යවන්න ඕනේ...

:       20       16

අරවින්ද මොනරවිල Sunday, 20 October 2024 06:51 PM

හෙට ඔය වාර්තාව එළියට දැම්මත්, රාජ්‍ය රහස් එළි කිරීමේ චෝදනාවට තමුන්ව අත්අඩංගුවට ගන්නේ නොවැම්බර් 14යින් පස්සේ, ඒ නිසා රනිල්ගේ ලණු කාලා ඉල්ලාගෙන කන්න හදන්න එපා....!

:       20       9

ජගත් බන්ඩාර Sunday, 20 October 2024 07:42 PM

එල්ලෙන්න තැනක් නෑ.. කවුරුත් ගන් නෑ.. කිසි කෙනෙක් පිළිගන්නෙත් නෑ.. යන්න තියෙන්නේ හිරගේ ඇතුළට විතරයි.. ඒ නිසා උමතු රෝගයකින් පෙලෙනවා වෙන්න බැරිද?

:       15       11

Gamini Sunday, 20 October 2024 08:11 PM

නොවැම්බර් 24 න් පස්සේ ඔයා සිපිරිගෙයි තමයි ලගින්නේ... ඔයාගේ අවසාන කාලය...

:       13       12

ඔබේ අදහස් එවන්න

දියත

බිරියයි - පුතයි මරා දැමූ පියා පෝරකයට
2024 ඔක්තෝබර් මස 20 306 0

වෙනත් තරුණියක් විවාහ කරගැනීමේ අරමුණින් පාසල් ගුරුවරියක වූ තම බිරිඳගේ සහ තුන් හැවිරිදි පුතාගේ ගෙල සිරකර මරා ඔවුන්ද සමඟ මසක් වයසැති පුතා නිදි යහනේදීම අ


ගිණි අවි නිෂ්පාදනය කළ අයෙකු අත් අඩංගුවට
2024 ඔක්තෝබර් මස 20 256 0

සූරියවැව වැවේගම ප්‍රදේශයේ පවත්වාගෙන ගිය ගිණි අවි කම්හලක් වටලා ටී 56 උණ්ඩ යෙදිය හැකි ලෙස සාදන ලද ගිණි අවි දෙකක් හා උපකරණ කිහිපයක් සමඟ එක් සැකකරුවකු හම්බන


සියරාලියෝන් රාජ්‍යයේ ජනාධිපති දෙදින සංචාරයකට දිවයිනට
2024 ඔක්තෝබර් මස 20 485 0

සියරාලියෝන් රාජ්‍යයේ ජනාධිපති ජූලියස් මාඩා බීඕ මහතා දෙදින සංචාරයක් සදහා අද දින පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියේය.


තවත් සැප වාහන දෙකක් මහයියාවෙන් මතු වේ
2024 ඔක්තෝබර් මස 20 1522 0

හිටපු වරාය අමාත්‍ය වරයකුගේ බෑනාට අයත් මහනුවර අනිවත්ත ප්‍රදේශයේ නිවසේ සඟවා තිබූ රුපියල් කෝටි හයක් පමණ වටිනා බී.එම්.ඩබ්ලිව් වර්ගයේ මෝටර් රථයක් සහ ප්‍රා


ජනපති නියෝගය මැතිවරණ කොමිසම අත්හිටුවයි
2024 ඔක්තෝබර් මස 20 1213 0

පළාත් ආණ්ඩුකාරවරුන්ගේ අධීක්ෂණයෙන් දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු යටතේ ක්‍රියාත්මකවන ව්‍යාපෘති පටන් ගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලබ


හොරෙන් එන්න ආ දෙන්නෙක් පිටුවහල් කරයි
2024 ඔක්තෝබර් මස 20 1110 0

ශ්‍රී ලංකාවට පැමිණීමේ අරමුණ කුමක් ද යන්න නිසි පරිදි පැහැදිලිව කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන නිලධාරීන් හමුවේ අනාවරණය කිරීමට අපොහොසත් වූ සැකකටයුතු


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 43 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 702 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 516 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site