IMG-LOGO

2025 අප්‍රේල් මස 29 වන අඟහරුවාදා


ගමේ අය බලා සිටිද්දී පිටතින් ආ අයට කොවිෂීල්ඩ් එන්නත

( ඩි.ජී.සුගතපාල සහ සිරංගිකා ලොකුකරවිට)

ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට පිට පළාත්වලින් පැමිණි විශාල පිරිසක් අද දිනයේ ඇස්ට්‍රාසෙනිකා කොවිෂිල්ඩ් එන්නතේ 2වන මාත්‍රාව ලබා ගෙන ඇතැයි ප්‍රදේශවාසීහු පවසති.

ගමේ පදිංචිකරුවන්ට එන්නත ලබා නොදි කොළඹින් පැමිණි ජනතාවට එන්නත ලබා දෙන බව ප්‍රදේශවාසීහු චෝදනා කරති.

එම චෝදනාව සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ප්‍රියන්ත ජීවරත්න මහතාගෙන් කළ විමසුමකදි මෙසේ පැවැසීය. මෙම එන්නත ලැබුනේ ලංකාවේ ජනතාවට එන්නත කරන්නයි. දැන් බොහෝ ප්‍රදේශවල දෙවන මාත්‍රාව ඉවරයි.නමුත් අප කළමනාකරණය කරගෙන එන්නත් කළ නිසා ඉතිරිව තිබෙනවා. එම නිසා කොහොන් ආවත් එන්නත් ලබා දෙනවා.



අදහස් (25)

ගමේ අය බලා සිටිද්දී පිටතින් ආ අයට කොවිෂීල්ඩ් එන්නත

මංජුල milano Monday, 07 June 2021 08:46 PM

කළමනාකරණය කරගෙන එන්නත් ඉතුරු කරගන්නේ කොහොමද? බාගේට විදලද?

:       7       254

Kamal Monday, 07 June 2021 09:10 PM

ප්‍රියන්ත ජීවරත්න කොළඹ නෑයින්ට විදගත්ත‍ා නේද? මාරාන්තික ප්‍රභේදයක් ආවොත් ලංකාවේ ඉතුරු වෙන්නේ දොස්තරලයි එයාලගේ නෑයොයි. දේශපාලකයොයි එයාලගෙ හෙන්චයියොයි, නෑයොයි විතරයි...

:       0       322

kapila Monday, 07 June 2021 09:17 PM

වෛද්‍යවරුන්ගේ නෑදෑ හිතමිතුරන්ට දුන්නා අද ඔහේදි. පව් ලංකාවේ මිනිස්සු... !!! 

:       0       278

Ruhunu Monday, 07 June 2021 09:28 PM

ගතමනාව කීයක් හම්බ වුණාද දන්නෑ..?

:       3       220

Sunil Ambalangoda Monday, 07 June 2021 09:53 PM

10 දෙනෙකුට ප්‍රමාණවත් එන්නත් එන බෝතලේකින් (මාත්‍රා 10) 11 දෙනෙකුට එන්නත් දෙන බව ආරංචි. ඒක වැරදි වැඩක්...

:       7       527

janahithaTuesday, 08 June 2021 09:15 AM

සර්ව අසුබවාදී නොවන්න සෑම බෝතලයකම වැඩිපුර ප්‍රමාණයක් ඇත. මසුරු නොවී බෙහෙත විදගන්න සාමකාමීව සැහැල්ලු සිතෙන්... ආතති නැතිව ඉන්න බලන්න... එය ඔබගේ යහපතට වනු ඇත.

:       127       12

කොරලගෙTuesday, 08 June 2021 09:43 AM

රජය මේක වහාම සොයල බලන්න.එහෙම කරල නම් ඉහලම දඩුවම් දෙන්න .මේවා මහ සහ ගගහ අපරාද.

:       2       6

69 Monday, 07 June 2021 11:19 PM

පොහොට්ටුවට මදි නොකියන්න චන්දෙ දුන්නේ දකුණෙ ඈයෝ. අනේ පව්.

:       0       92

Colombo visitor Tuesday, 08 June 2021 12:14 AM

කළමනාකරණය කරගෙන එන්නත් ඉතුරු කරගන්නේ කොහොමද? බාගේට විදලද?

:       0       5

Rata Perata Tuesday, 08 June 2021 01:12 AM

ඕනෑම ප්‍රශ්නයකදී මේ කාලකන්නින්ට කියන්න දෙයක් නම් තියෙනවා...

:       3       3

Dan Tuesday, 08 June 2021 01:31 AM

ඉතාම දුකයි. ඇයි අපේ රටේ උගත් පිරිස මෙහෙම කරන්නේ! වෛද්‍යවරුනි, ඔබ හිපොක්‍රටිස් ප්‍රතිඥාව දීපු අය විය නොහැකියි. රටේ නායකයිනුත් වගකිව යුතුත් මෙවැනි දේ වෙන්න හැර බලාගෙන ඉන්න එක ඉතාම පිළිකුල් සහගතයි...

:       0       6

මුණසිංහ Tuesday, 08 June 2021 05:47 AM

ගාල්ලේ මෙයාලා ඉතා අසාධාරණ දේවල් කරනවා. කොළඹ ඇරුණම වැඩිම ලෙඩ්ඩු ඉන්නේ ගාල්ලේ. මෙයාල ඒක වසන් කරනවා. මරණ ගණන කියන ඒවට වඩා වැඩියි. පීඑච්අයි මහත්වරු කියන ඒවා මෙයාල ගණන් ගන්නේ නැහැ. එයාලත් අසරණ වෙලා. මේ වසංගත කාරයට එරෙහිව දැඩි ක්‍රියා මාර්ග ගන්න. එයාගේ චරිතය හරිම අපූරුයි. ගාල්ලේ ජනතාව දන්නවා.

:       1       5

මාතර සත්‍යපාල Tuesday, 08 June 2021 05:49 AM

මේක ඕනෑම කැතවැඩක් කරන්න පුලුවන් රටක්... මේවාට රජය වග කියන්න ඕනෑ. වරදට නිසි දඬුවම් දෙනවා නම් මේවා නැවත නැවතත් වෙන්නේ නැහැ. මෙවැනි වැඩවලින් පිරිහෙන්නේ රජයයි. මතක තියාගන්න කවදා හරිම කවුරු කළත් වරදට දඬුවම් ලැබෙනවා. ඒ නිසා බුදුන්ගේ දේශය තුළ බුදුන් වදාල දහමට පිටින් යන කාටත් කවදා හරි සංසාරේ දවසක පලිසන් දෙනවා දෙනවාමයි. ඒකට තරාතිරම අවශ්‍ය නැහැ. ඒ නිසා දැන්වත් හොදට ජීවත් වෙයල්ලා...

:       0       92

සෙනෙවිරත්න Tuesday, 08 June 2021 02:15 PM

බුදුන්ගේ දේශය කතා නිකන් හරුප විතරයි. ඕනනම් කොන්ක්‍රීට් බුදුන්ගේ දේශය කියලා දාගන්න. රටේ වැඩකරන ජනතාවට, ඩොලර් එකක් හොයන කම්හල් සේවකයන්ට, නොදී මේ සල්ලිකාර පන්තියට ප්‍රමුඛතාවය ලබාදීම කොන්ක්‍රීට් බුදුන් අදහන, සියල්ල ලැබීම පෙර කුසලාකුසල කර්මය අනුව සිදුවන බවට දේශනා කරන වර්තමාන ගනින්නාසේලාගේ ධර්මයට එකඟයි. මේ රටේ බහුතරයක් ලබා උපන් හැටියයි කියා සියල්ලම ඉවසනතාක් වසර හැත්තෑවක් ගෙන ආ මෙම ක්‍රමය සදාකල් පවතිනු ඇත. මෙයින් වඩාත් අසාධාරණයකට ලක්වනුයේද ඔවුන්ය. ඔවුන්ගේ දෑතට වැටී ඇති දම්වැල් ගැලවීමට යාමද වරදක් ලෙස සලකයි.

:       1       14

සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 08 June 2021 08:02 AM

රූපපෙට්ටි උකුස්සා මේ වෙලාවේ ජනතාව භේද භින්න කොට යටි අරමුණු සාර්ථක කරගැනීමේ ක්‍රමවේදයක් ඇති කිරීමේ උපායක් ක්‍රියාත්මක කරනා බව පේනවා. මාත් දෙස් විදෙස් ජනසන්නිවේදකයෙක්. ඒ වුණත්, හැකියාව තිබියදීත්, මා තවම එන්නත ගත්තේ නැහැ. අනිත් අය විදගත්තා කියා මගේ හිතේ ඉරිසියාවක්ද නැහැ. උකුස්සා අන්තවාදී අයුරින් සිතා ජනතාව කොටවා වාසිගන්නට උත්සාහ කළත්, මේ රටේ ජනතාව ඒවා දෙස හොඳ සිහිබුද්ධියෙන් බලන්න ඕනෑ. මේවායේ යටි අරමුණු ඇති. කොහේ වුණත් සිටින්නේ අපේ රටේ මිනිසුන්. කොහෙන් ගැහුවත්, ගහන්නේ දෙවැනි මාත්‍රාව. අනික, කොළඹ කියා මිනිසුන් නැහැ. කොළඹ වැඩිපුරම ඉන්නේ දකුණේ අය. ඔය ඇතැම් රූප පෙට්ටි අයිතිකාරයන් එන්නත් ජාවාරමකට පෙරදී වෙර වැඩූ අවස්ථාවක් ගැන ඉඟි තිබුණා. ඔය උකුස්සා ඒ දෙසට පියාඹන්න හිතන්නේවත් නැහැ. රටේ මිනිසුන් බොහෝ දුක් විඳිනවා මේ දිනවල. උකුස්සා ඒ පැතිවලට පියඹන්නේ නැහැ. බලවත් දේශපාලකයින්ගේ වැසිකිළි සෝදන උකුස්සා තම ව්‍යාපාරය ශක්තිමත් කරගැනීමට බොහෝ සට කපටකම් කරනා බව නොකියා නොහැක්කේය. අපි රැවටෙයි ඕවාට...

:       120       51

janhitha Tuesday, 08 June 2021 09:22 AM

හිතවත්කම් තුළින්, දේශපාලන හිතවත්කම් තුළින් අනෙකුත් ජනතාව නොසලකා තම ජීවිත පමණක් රැක ගන්නා අය සිංහලුන් නොවේ. ඔවුන්ට උදව් කරන්නේ දොස්තර නොවේ... මෙහි ඉතිරි වුණු අයගෙන් පැවත එන්නන් ඔවුන් මෙම රටේ සිටි ජනතාවගේ අයිතිවාසිකම් නොසලකා සමූල ඝාතන කළ පිරිසක්... කෙසේ වෙතත් මෙම පිරිසට රුධිර කැටි ගැසීම් ජානතුළින්ම ඇතිවන බවට අසල්වැසි රටේ කියවෙනවා. කණගාටු නොවන්න. සැහැල්ලු සිතින් එන්නත ලබාගන්න... සොලී සම්භවයක් ඇති දොස්තරලා, සාත්තු සේවකයන් ඈත් වෙන්න.

:       42       2

ටී.පී. හෙට්ටි Tuesday, 08 June 2021 10:31 AM

ජීවරත්න හා සිගානෙත්ති යන දොස්තරලා දෙන්නා කොළඹ ව්‍යාපාරිකයින් පිරිසකට අතයට එන්නත් විකුණා ඇති බව ආරංචියි. ඒ වගේම නිරෝධායනය කරන හෝටල් වලින් මුදල් ගන්නවා කියලත් ආරංචියි. මෙයාලා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ දිස්ත්‍රික් ලොක්කන්... ඒ නිසා වෙනත් කලකිරීමට පත් වෛද්‍යවරුන්වත් කිසිවක් එළිපිට ප්‍රකාශ කිරීමට බයයි. මේ පිළිබඳ වහාම පරීක්ෂණයක් කළ යුතුයි.

:       0       11

Nuwan Tuesday, 08 June 2021 11:24 AM

ගාල්ලේ යස අගේට කරන් ආපු වැඩ පිළිවෙළ කුහක දේශපාලකයෝ ලකුණු දාගන්න තමන්ගේ අතට අරගෙන තමුන්ගේ හෙංචයියෝ කොළඹින් ගෙනත් එන්නත් කරනවා.

:       6       38

ජයන්ත Tuesday, 08 June 2021 11:45 AM

බලන්න ඒ සංවිධාන හැකියාව. ගාල්ලේ ඒන්නත දෙනවා කියන එක, ගමේ මිනිස්සු දැන ගන්න පෙර... කොළඹ අය දිනය වෙලාව තැන හරියටම දැනගෙන කලින්ම පෝලිමට ඇවිල්ලා. මේ ආණ්ඩුව ඊයා... තමන්ගේ අයට විතරයි විදගන්නේ.

:       0       92

Raveendra Tuesday, 08 June 2021 11:57 AM

අපි තමයි හොඳටම කලේ....හෙහ්..හෙහ්..හෙහ්..හේ.. සංචරණ සීමා,නිරෝධායන නීති ක්‍රියාත්මක වෙන්නෙ නැති බැරි දුප්පත් අහිංසක මිනිස්සුන්ට විතරයි.හමුදාපතියි පොලිස් මාධ්‍ය ප්‍රකාශකතුමයි මාධ්‍ය ඉස්සරහට ඇවිත් කියවනවා විතරයි.

:       0       66

Rata Perata Tuesday, 08 June 2021 12:48 PM

අයියෝ ඕක මොකක්ද? අපි මේ පිටරැටියන්ට රටේ පාලනය දීලා කිසි ගාණක් නැතුව ඉන්නේ...!! 

:       0       184

බද්රානි Tuesday, 08 June 2021 01:50 PM

අනේ, මොනවද මේ බෙහෙතක් විදගන්නත් හිඟන පෝලිම්? බෙහෙත් නෙමේ, මොනා කලත් ඉතින් පෝලිමෙන් පිට පැනීම අපේ අයගේ ජානමය පුරුද්දක්නේ.

:       0       4

අමන්දා Tuesday, 08 June 2021 02:55 PM

ඉහත අදහස් වලින් පේනවා ගොඩක් අය රට ගැන කලකිරීමෙන් ඉන්නේ. අපිට රට හදන්න වෙනසක් කරන්න අපට තියෙන එකම ආයුධය තමයි ඡන්දේ... එ්ත් මේ දේශපාලන ක්‍රමය තුළ කාට ඡන්දය දුන්නත් ඵල රහිතයි වැඩක් නෑ. ඉතින් මේ දේශපාලන ක්‍රමය වෙනස් කරන්න ඕන, මට තේරෙන විදියට අර චීනයේ ක්‍රමය, පක්ෂ විපක්ෂ සියලු දෙනාගේ කැමැත්තෙන් එක නායකයෙක්... පක්ෂ දේශපාලනය නිසා වෙන විශාල මුදල් නාස්තිය, ඇමතිලා හෙන්චයියන් සමාජයේ කරන අකටයුතුකම් මෙයින් අඩු කර ගන්න ලැබෙයි. මම වැරදිද මන්දා...

:       3       7

Bamunuarachchi Wednesday, 09 June 2021 08:20 AM

ඇයි බලා සිටියේ බකට් එක පෙරළන්නේ නැතුව..?

:       0       1

chandima Wednesday, 09 June 2021 03:05 PM

ඕක දෙන්නේ පළවෙනි මාත්‍රාව.. ඒ වර්ගයෙන්ම කළින් ගත්තු කට්ටියට නේද? ඉතින් එහෙම පළවෙනි මාත්‍රාව ඇස්ට්‍රා සෙනෙකා වලින් ගත්තු කට්ටිය බලන් ඉද්දිද කොළඹින් ආපු කට්ටියට මේක විදලා තියෙන්නේ?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ජූඩ් ශාමන්ත නිදහස් කළාට මෛත්‍රී දඩ ගෙවයි
2025 අප්‍රේල් මස 29 10 0

රෝයල් පාර්ක් මිනී මැරීම් චෝදනාවට වරදකරු වී මරණීය දණ්ඩනය නියම වු ජූඩ් ශ්‍රමන්ත ජයමහ නමත්තාට ජනාධිපති සමාවදී නිදහස් කිරීමට හිටපු ජනාධිපති මෛත්‍රිපාල ස


රජයේ මාධ්‍ය හැදුන්ම්පත නැතිව කැබිනට් වාර්තා කරනය බෑ
2025 අප්‍රේල් මස 29 272 3

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුව සඳහා මින් ඉදිරියට සහභාගී විිය හැක්කේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු


නලින්දත් ලක්ෂ 74ක් රජයට ඉතිරි කරයි
2025 අප්‍රේල් මස 29 472 4

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ලෙස තමා මසකට රුපියල් ලක්ෂ 74ක මුදලක් රජයට ඉදිරි කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය


’’ජනාධිපති මට බැණ බැණ රට වටේ යනවා’’
2025 අප්‍රේල් මස 29 733 11

ජනාධිපති බලන්නේ තමන්ගෙම කාලෙ ගැන ගමේ ඡන්දෙන් ජනමත විචාරණයක් කරගන්න යැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගාල්ලේදී අද පැවසීය.


කතරගම ඉඩම් වංචාවට ලංගම හිටපු උප සභාපති අත්අඩංගුවට
2025 අප්‍රේල් මස 29 677 2

කතරගම මැණික් ගඟ ප්‍රදේශයේ ඉදිකර ඇති ජී. රාජපක්ෂ නැමැති නිවෙස තැනූ බව කියන ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ හිටපු උප සභාපතිවරයෙක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්



මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 20 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 15 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1049 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site