IMG-LOGO

2024 සැප්තැම්බර් මස 24 වන අඟහරුවාදා


ගම් වැදුණ අලි වගා බිම් වනසති

(කාංචන කුමාර ආරියදාස)
 

මේ දිනවල පවතින වැසි සහිත කාලගුණික තත්වය අතරතුරේ දඹුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සහ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගම්මාන රැසකට දිවා රාත්‍රී දෙකෙහිම වන අලින් ගම්වැදීම නිසා ගොවීහු  දැඩි අසීරුතාවයකට පත්ව සිටිති.

දඩුබැදිරුප්ප, දේවහුව ,හීනුග්ගල ,තෙලදින්නං වැව,  හබරත්තාවල ,උලුකටවැව . දඹුලු හල්මිල්ලෑව  ආන කටාව ආදී ප්‍රදේශ වලට මෙම වන අලි උවඳුර වැඩිපුර බලපා තිබේ.

 පස්වරු 4 පමණ වන විට වන අලි ස්ථාන කීපයකින් ගමට පැමිණ  මාර්ගවල ගමන් කරමින් නිවාස අසල ගැවසෙමින් ගොවීන්ගේ වගා බිම් වලට යන බව කියති.

රාත්‍රියේ  ඒවා දැඩි ලෙස විනාශ කරමින් ආහාරයට ගන්නා බවත්  පසුව උදෑසන 7.30 පමණ වනවිට මෙම වන අලින් නැවතත් රක්ෂිත වලට ගමන් කරන බව ඔවුහු පෙන්වා දෙති.

අනතුරක් මෙහි පැවතියද ජනතාවට වන අලින් පැන්නීම සඳහා කළ යුතු ක්‍රමවේදයක් නැති බව ඔවුහු පෙන්වා දෙති .ගලේවෙල හීනුග්ගල ප්‍රදේශයේ පැපොල් වගා කරුවෙකුගේ පැපොල් වගාව සම්පූර්ණයෙන් අස්වනු නෙලීමට තිබූ පැපොල් වගාව අලින් ආහාරයට ගෙන අනෙකුත් ගස් පෙරළා දමා එමෙන්ම අමු ගෙඩි විශාල වශයෙන් බිමට කඩා විනාශ කර  තිබිණි.

එමෙන්ම ප්‍රදේශයේ ඵල දරන පොල් ගස් මෙන්ම පිදිමට ආසන්නයේ ඇති පොල් ගස් විශාල ප්‍රමාණයක් මේ වන විටත් දිවා රාත්‍රී දෙකෙහිම වන අලින්ගේ ආහාර බවට පත්ව විනාශ වෙමින් පවතින බව ගොවීහූ පෙන්වා දෙති.
 



අදහස් (3)

ගම් වැදුණ අලි වගා බිම් වනසති

kapila Wednesday, 23 December 2020 08:06 AM

අපිට නම් ඔය වල්අලි ප්‍රශ්නේ නැහැ. මොකද අපි ඉන්නේ කොළඹනේ...

:       0       0

ali nayaka Thursday, 24 December 2020 03:43 AM

නැහැ අපි එකග නැහැ. මිනිසුන් වල් වැදිලා.. කැලෑ වැදිලා අපිට ඉන්න කන්න බොන්න තැනක් නැහැ.

:       1       27

ali baba Thursday, 24 December 2020 03:44 AM

කිසිදිනෙක වෙළද පොලට නොඑන ගස්ලබු එකත් පිටරටින් ගෙන්වපල්ලා...

:       0       10

ඔබේ අදහස් එවන්න

දියත

කොට්ටාවේදී දුම්රිය ඇන්ජිම තනිවම ගිහින්
2024 සැප්තැම්බර් මස 24 700 1

කැළණි වැලි දුම්රිය මාර්ගයේ කොළඹ කොටුව දක්වා ධාවනය වූ දුම්රියක ඇන්ජිම කොට්ටාව දුම්රිය ස්ථානය ආසන්නයේ දී දුම්රිය මැදිරි වලින් වෙන් වී ඉදිරියට ධාවනය වූ


ඡන්දෙට ගමට ආ අයව බස් කාක්කෝ වවාගෙන කති
2024 සැප්තැම්බර් මස 24 384 0

ජනාධිපතිවරණයට ජන්දය ප්‍රකාශ කිරිම සදහා කොළඹ ඇතුළු දිවයිනේ විවිධ ප්‍රදේශවල සිට හැටන් ඇතුළු වතු ආශ්‍රිත ප්‍රදේශයට පැමිණි පිරිසට ආපසු රැකියා ස්ථාන සදහ


ජපානයට භූ කම්පනයක්: සුනාමි අනතුරු අගවයි
2024 සැප්තැම්බර් මස 24 305 0

ජපානයේ ඉසූ දූපත් ආසන්නයේ රික්ටර් මාපකයේ 5.6 ක අගයක් ගත් භූමි කම්පාවක් හටගත් බව ඇමෙරිකා භූ විද්‍යා සමීක්ෂණ ආයතනය ප්‍රකාශ කළේය.


පාර්ලිමේන්තුව අද රෑ විසුරුවයි?
2024 සැප්තැම්බර් මස 24 2461 3

පාර්ලිමේන්තුව අද( 24) මධ්‍යම රාත්‍රී විසුරුවා හැරීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ.


තෙප්පම පෙරැළි ධීවරයා මරුට
2024 සැප්තැම්බර් මස 24 113 0

යාපනය පොන්නාලෙයි මුහුදු ප්‍රදේශයේ ධීවර කටයුතුවල නිරතවු ධීවරයකු තෙප්පම පෙරැළී දියේ ගිලී මියගොස් ඇති බව වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසයි.


ජනපති දවටගහ පල්ලියට යයි
2024 සැප්තැම්බර් මස 24 1585 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කොළඹ දවටගහ මුස්ලිම් පල්ලියට ගොස් මවුලවිතුමන්ලා හමුවී ආශිර්වාද ලබා ගත්තේය.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 32741 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23868 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 144 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 459 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 209 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site