(අංජුල මහික වීරරත්න)
දිස්ත්‍රික්ක කිහිපයක වී වගාව ආශ්‍රිතව පවතින රෝග තත්ත්ව වලට හේතුව පෝෂණ ඌනතාවය සහ ඇතැම් කුඹුරු වල ලවණතාවය (Salinity) ඉහළ යාම බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.
ගොයම් කහ පැහැ ගැන්වීම,කහ පුල්ලි රෝග තත්ත්වය මෙන්ම කීඩෑ උවදුර හා වටපණු රෝග වී වගාව ආශ්‍රිතව දක්නට ලැබෙන අතර මෙම රෝග තත්ත්වයන් ගැන සෙවීමට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ නිලධාරී කණ්ඩායම් අදාල රෝග පවතින දිස්ත්‍රික්ක වෙත යොමු කර ඇතැයි අමාත්‍යාංශය සඳහන් කළේය.
කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ මහතා කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාට පැවැසූයේ පසුගිය කන්න තුනක් පමණ මූලික පොහොර හෙවත් TSP (මඩ පොහොර ) , යුරියා පොහොර, හා බණ්ඩි පොහොර හෙවත් MOP නොයෙදීම නිසා පසෙහි අන්තර්ගත විය යුතු නයිට්රජන්, පොස්පරස් හා පොටෑසියම් ප්‍රමාණය අවම වීමෙන් ගොයම් ගසට අවශ්‍ය පෝෂණය නොලැබී ඒවා කහපැහැති වී ඇති බවයි.අදාල රෝග වලක්වා ගැනීම සඳහා අවශ්‍ය පියවර මේ වනවිටත් ගනිමින් තිබෙන බවද අමාත්‍යාංශ ලේකම්වරයා අමාත්‍යවරයාට දැනුම් දුන්නේය.
අනුරාධපුර ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධියට සහ රුවන්වැලි සෑය වැද පුදා ගැනීමට පැමිණෙන දෙස් විදෙස් බැතිමතුන්ට හිංසා පීඩා වන අයුරින් , එම බැතිමතුන්ගෙන් සිඟමි
2024 විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඩෙන්මාර්ක සුරූපිනී වික්ටෝරියා ක්ජේර් තේල්විග් සමත් වූවාය. ඒ, මෙවර විශ්ව රූ රැජින තරගාවලියට සහභාගී වූ තරඟකාරියන් 120 ද
ජාතික ජන බලවේග රජයේ නව කැබිනට් මණ්ඩලයේ මහාචාර්යවරු පහක් සිටිති.
චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු සංගීතඥයෙකු හා වෙළෙඳ දැන්වීම් නිර්මාණකරුවෙකු වූ තේජා ඉද්දමල්ගොඩ මහතා ඊයේ (17) අභාවප්‍රාප්ත විය
රක්ෂිත බන්ධනාගාරගත කර සිටින රත්වත්තේ යුවළ අද (18) යළි නුගේගොඩ ගංගොඩවිල අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහන් රත්වත්තේ මහතා ල
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ගොයම ලෙඩ වීමට හේතුව සොයා ගනී
Premathilaka peramuna Wednesday, 11 January 2023 01:30 PM
මෙම නිලධාරින් කියන කතාව ගොවියන් පවසන කතාවත් සමග සසඳා බැලීමක් වටිනවා... මීගහතැන්න ප්‍රදේශයේ කුඹුරු යායවල් කීපයක ගොවීන් සමග 10 දින සිදුකළ අදහස් විමසීමකදී ඔවුන් පැවසුවේ මෙවර රජය විසින් ලබාදුන් කාබනික පොහොර යෙදූ කුඹුරුවල පමණක් මෙම තත්ත්වය තිබෙන බවද, එසේ නොයෙදු කුඹුරුවල ගොයමේ රෝගී තත්වයක් නොමැති බවයි ගොයම් ගස්වල මූල පද්ධතියේ යම් ගැටිති වර්ගයක් හටගෙන තිබෙන බව නිරීක්ෂණය වුණා...
චමින්ද Wednesday, 11 January 2023 01:59 PM
මීගහතැන්න ප්‍රදේශයේ පමණක් නොවෙයි, අනෙක් ප්‍රදේශවල තත්වයත් එයම තමයි. සමහරුන් හැමදාම අඩුම මිළට තියෙන බිත්තර වී සෑම කන්නයකම වගා කරනවා... ඒකත් බලපානවා ඇති. කොහොම වුණත් රජය මගින් ලබාදුන් පොහොර ලබාදීම ඉතාමත් ප්‍රමාද වුණා.. නියමිත කාලයේ දුන්නානම් යන්තමින් හරි යාවි කියලා හිතෙනවා... ලබාදුන් කොම්පෝස්ට් පොහොර නිසා වල්පැල වලිනුත් ගොයමට හානියක් වෙනවා. ඇත්තටම ඉස්සර තිබුණු H4 වගේ රෝගයන්ට ඔරොත්තු දෙන පොහොර අවශ්‍යතාව අඩු බිත්තර වී වර්ග නැවතත් ලබාදෙන්න බැරිද?