(විමුක්ති එස් රුද්‍රිගු)
මෙරට ආර්ථිකය පසුගිය වසරේදී සියයට 5 කින් වර්ධනය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව පුරෝකථනය කර ඇති බවත් එය මෙරට ආර්ථිකය වසර හතකින් වර්ධනය වූ වැඩිම ප්‍රතිශතය බවත් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (08) ප්‍රකාශ කළේය.
මහ බැංකුවේ 2025 වසර සහ ඉන් ඔබ්බට ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේ න්‍යාය පත්‍රය පිළිබඳ මූල්‍ය ක්ෂේත්‍රයේ නිලධාරීන් සහ මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා මහ බැංකු පරිශ්‍රයේදී පැවැති දැනුවත් කිරීමේ වැඩසටහනේදී මහ බැංකු අධිපතිවරයා මෙම අදහස් පළ කළේය.
ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය 2024 වසරේදී සියයට 5 කින් වර්ධනය වී ඇති බව පුරෝකථනය කර ඇති බවත් 2017 වසරින් පසුව වසරකදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය වර්ධනය වූ ඉහළම ප්‍රතිශතය මෙය බවත් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා එහිදී පැවැසුවේය. 2017 වසරේදී මෙරට දළ දේශීය නිෂ්පාදිතය සියයට 6.46 කින් වර්ධනය විය.
2023 වසරේ දෙවැනි බාගයේදී මෙරට ආර්ථිකය ධනාත්මක ගමනක් ආරම්භ කළ බවත් පසුගිය වසරේදී මෙරට ආර්ථිකය ශක්තිමත්ව යථා තත්වයට පත්වූ බවත් මහ බැංකු අධිපතිවරයා ප්‍රකාශ කළේය. එයට අඩු උද්ධමන පරිසරය සහ මහ බැංකුව ක්‍රියාත්මක කළ මුදල් ප්‍රතිපත්තිය සහායක් වූ බව මහ බැංකු අධිපතිවරයා පැවැසුවේය.
පසුගිය වසරේ මුල් කාර්තු තුනේදී මෙරට ප්‍රධාන ආර්ථික අංශ වර්ධනයක් වාර්තා කරමින් සියයට 5.2 ක ආර්ථික වර්ධනයක් වාර්තා කළ බවද ඔහු ප්‍රකාශ කළේය. පළමු කාර්තු තුනේ ගොඩ නගාගත් ආර්ථික ක්‍රියාකාරකම්වල ගම්‍යතාව අඛණ්ඩව සිව්වැනි කර්තුවතෙක් ඉදිරියට ගෙන ගොස් ඇති බව කර්මාන්ත සහ සේවා අංශවල ප්‍රමුඛ ආර්ථික දර්ශක පෙන්නුම් කරන බවද ඔහු පැවැසුවේය
පාලන මිලට වඩා වැඩි මිලකට වතුර බෝතලයක් විකිණීමේ චෝදනාවට වරදකරු කළ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක දඩයක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනි පතිරාජ ම
ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික මට්ටමේ සැලැස්මක් සකස් කිරීමට රජය තීරණය කර තිබේ.ශ්‍රී ලංකාවේ මාර්ග ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ජාතික
ලාෆ් ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය නොවන බව ලාෆ් සමාගමේ අධ්‍යක්ෂ ආචාර්ය නිරෝෂන් ජේ. පීරිස් මහතා පැවසීය.
ලෝක කම්කරු දින ජාතික ජනබලවේග පක්ෂයේ මැයි රැළිය සදහා දිවයින පුරා බස් රථ 5,532 ක් පමණ කොළඹ ගාලු මුවදොරට පැමිණෙන බවට එම පක්ෂයේ මධ්‍යම කාරක සභාව දැනුම්දී ඇති බ
රුපියල් කෝටියකට ආසන්න වටිනා මත්ද්‍රව්‍ය තොගයක් සමඟ පුද්ගලයෙකු වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියය
මෙවර අපොස උසස් පෙළ විභාගයේ දි වාර්තාවක් තබමින් එකම පවුලේ නිවුන් සොහොයුරන් සහ ඔවුන් අක්කා ජීව විද්‍යා අංශයෙන් උසස් ලෙස සමත්ව සිටිති.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ගිය වසරේ ආර්ථිකය ගැන නන්දලාල්ගෙන් ප්‍රකාශයක්
යෝගා Thursday, 09 January 2025 06:22 AM
දැන් කියයි මාලිමාවේ හපන්කම කියලා. ඔබතුමා ඉන්නකම් ආර්ථිකය රැකෙයි. ආණ්ඩුවට රටේ අත්‍යවශ්‍ය ආහාර ටික බෙදාහැරීම කරගන්න බෑ
Lalla Thursday, 09 January 2025 11:07 AM
රනිල් වික්‍රමසිංහගේ දේශපාලනය එක්ක මොන විරෝධතාව තිබුණ වුවත් එතුමාගේ දුර දක්නා පරිපාලන සහ ආර්ථික දැක්ම ගැන ප්‍රණාමය පුද කරන්න ඕනැ. තම බුද්ධිය සහ දේශපාලන පරිචයේ උච්ඡතම අවධියේ ඔහු අතට රට පත්වූ බව ඇත්ත නේද...