( රංජිත් රාජපක්ෂ )
නුවරඑළිය ග්‍රෙගරි වැවේ ජලය හිස් කිරිම නිසා තමන් දැඩි පිඩාවට පත් වි ඇති බව ග්‍රෙගරි වැවේ බෝට්ටු සේවා සංගමයේ සමාජිකයෝ කියති.
නුවරඑළිය මහ නගර සභාව පාලනය කරනු ලබන වැවේ ඉවුරේ ඇවිදින මංතිරුවක් ඉදි කිරිම ඇතුළු වැව සංවර්ධන කරන බව පවසමින් නුවරඑලිය මහ නගර සභාව විසින් ඊයේ (22) සිට වැවේහි ජලය හිස් කිරිමට පියවර ගෙන ඇති බව එම සංගමයේ සමාජිකයෝ කියති.
කොවිඩ් පැතිර යාමේ අවදානමත් සමග මාස කිහිපයක් තිස්සේ නුවරඑලිය සංචාරකයන් නොපැමිණිම නිසා තමන් කළ රැකියාවෙන් තාවකාලිකව ඉවත් වි සිටි බවත්, 2021 නොවැම්බර් මස සිට සංචාරකයන් නුවරඑලියට පැමිණිමත් සමග සෞඛ්‍ය මාර්ග උපදෙස් වලට අනුව යළි බෝට්ටු සේවාව පවත්වාගෙන යන අතරතුර වැවේහි ජලය හිස් කිරිමට නුවරඑලිය මහ නගර සභාව කටයුතු කර ඇති බවද ඔවුහු කීහ.
මේ දිනවල නුවරඑලිය විශාල දෙස් විදෙස් සංචාරකයන් පිරිසක් පැමිණෙන බවත්,එම සංචාරකයන්ටද මෙ තත්ත්වය මත ග්‍රේගරි වැවේහි විනෝද විමට අවස්තාවක් නොලැබි ඇතැයි ද ඔවුහු කියති.
බෝට්ටු කාර්මාන්තයේ යෙදි සිටි සමාජිකයන් 175 දෙනෙකු පමණ දැඩි පිඩාවට පත් ව ඇති බව නුවරඑලිය ග්‍රෙගරි වැවේහි සංචාරක බෝට්ටු සංගමය කියයි.
නුවරඑලිය මහ නගර සභාවේ හිටපු නගරාධිපති සහ වත්මන් නාගරික මන්ත්‍රි මහින්ද දොඩම්පේගමගේ මහතා කියා සිටියේ නුවරඑලියේ ග්‍රේගරි වැවේ සංවර්ධන කටයුතු සිදු නොකිරිම නිසා මේ වන විට වැවේහි රොන්මඩ තැන්පත් වි ජපන් ජබර පැළැටි ජලාශය ආක්‍රමණය කර ඇති බවයි.
ඒසේම නගර සභාව විසින් සිදු කරන සංවර්ධන කටයුත්ත නත්තල් සමය අවසන් විමෙන් පසු සිදු කල යුතු බවත්,එම සංවර්ධන කටයුත්ත මේ දිනවල සිදු කිරිම නිසා නුවරඑලියට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන්ට ග්‍රේගරි වැව පරිශයට ගොස් සතුටු විමට නොහැකි තත්ත්වයක් උද්ගත වි ඇති බවද ඔහු කීවේය.
මේ සම්බන්ධයෙන් අප නුවරඑලිය නගර සභාවේ නගරාධිපතිවරයා සහ නුවරඑලිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරියගෙන් කරුණු විමසිමට අවස්තා කිහිපයකදි උත්සහ කලත් එය ව්‍යර්ථ විය.
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ග්‍රෙගරි වැවේ වතුර අරී බෝට්ටු කරුවන් නන්නත්තාරයි
Nuwan Thursday, 23 December 2021 03:11 PM
රටේ සුන්දරත්වය මේ අය කනවා...!!!
fairoos Thursday, 23 December 2021 04:03 PM
මේ ආණ්ඩුවේ වැඩ ඔක්කොම අනිත් පැත්තට තමයි. සර් ෆේල්...
ajithThursday, 23 December 2021 04:21 PM
නගර සභාව එජාපයේ නේද?
රාමාThursday, 23 December 2021 04:53 PM
ඉස්සෙල්ලාම හොයාගන්න නගරාධිපති සහ පාලනය මොන පක්ෂයේද කියලා... මේ නගර සභාව යූ.එන්.පී... ඒ නිසා දැන් ඔය කියලා තිබෙන දෙය දැන් යූ.එන්.පී. එකට අදාලද?
රාජේශ් ඛන්නා Saturday, 25 December 2021 12:46 AM
ඔය වැව මායිමේ තියෙනව මිනින්දෝරු දෙපාරතමේන්තුවේ ප්‍රථම පන්තියේ බෙන්ච් මාර්ක් එකක්. එය ඕලමොට්ටලයන්ගෙන් බේරා ගන්න මැණුම් දෙපාරතමේන්තුව ක්‍රියා කළ යුතුයි.
Balasuriya Saturday, 25 December 2021 03:02 AM
කෝවිඩ් පාලනයට ගත යුතු සියලුම පියවරවල් කාලීනව ගත යුතුයි.
tissa Sunday, 26 December 2021 05:08 PM
කලක් තිස්සේ වැවේ එකතු වී තිබෙන රොන්මඩ ඉවත් කිරීම වැරැද්දක්ද...?