(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ග්‍රෑන්ඩ්පාස් වදුල්ලවත්ත පුරදර සෙවණ මාල් නිවාස සංකීර්ණය ඉදිරිපිට තීරෝද රථයක් ඉලක්ක කර සිදුකල වෙඩි තැබීමකින් බරපතල තුවාල ලබා කොළඹ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි කාන්තාවද මිය ගොස් ඇතැයි ගෑන්ඩ්පාස් පොලිසිය කියයි.
එලෙස මියගොස් ඇත්තේ ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි පනස් හය හැවිරිදි කාන්තාවකි.
සිද්ධිය වූ අවස්ථාවේදීම මාතර කඹුරුගමුවේ ප්‍රදේශයේ පදිංචිව සිටි කේ රන්මුතු දර්ශන නමැති 31 හැවිරිදි පුද්ගලයෙකු මියගියේය.
මියගිය කාන්තාව මිය ගිය ඥාති පුත්‍රයා සමග තීරෝද රථයෙන් බේස් ලයින් මාර්ගයේ සිට වදුල්ලවත්ත ප්‍රදේශය කරා යමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමකින් අයෙක් මරුට
(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
ගෑන්ඩ්පාස් වදුල්ලවත්ත ප්‍රදේශයේදී තීරෝද රථයක් ඉලක්ක කර සිදු කළ වෙඩි තැබීමකින් පුද්ගලයකු මිය ගොස් කාන්තාවක බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ග්‍රෑන්ඩ්පාස් පොලිසිය කියයි.
වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ මාතර ප්‍රදේශයේ පදිංචිව සිටි කේ රන්මුතු දර්ශන නමැති 31 හැවිරිදි පුද්ගලයෙකි.
56 හැවිරිදි බරපතළ තුවාල ලද කාන්තාව මිය ගිය ඥාති පුත්‍රයා සමග තීරෝද රථයෙන් බේස්ලයින් මාර්ගයේ සිට වදුල්ලවත්ත ප්‍රදේශය කරා යමින් සිටියදී මෙන්ම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.
වෙඩික්කරුවන් යතුරුපැදියක පැමිණෙන්නට ඇති බවට බොහෝ දුරට සැක කරන බව පොලිසිය කියයි.
නව රජයේ කැබිනට් අමාත්‍ය මණ්ඩලය අද(24) පස්වරුවේ දිවුරුම් දුන්නේය.
ජනාධිපතිවරයා විසින් අමාත්‍යාංශ ලේකම්වරු දාහත් දෙනෙක් පත් කර තිබේ.
අධිකරණයේ විභාග වන නඩුව ගැන සඳහන් නොකර පොලිස් සහතිකයක් ලබාදීම සඳහා පුද්ගලයෙකුගෙන් රුපියල් 5000 අල්ලස්සක් ලබාගත්තේ යැයි කියන පොතුහැර පොලිසියේ සැරයන්වරය
ජනාධිපති අනුර දිසානායක මහතා හෙට පස්වරු 7ට ජාතිය අමතා විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මහ මැතිවරණය ඉලක්ක කරමින් ගොඩනඟන සන්ධානයට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකතු නොවන බව එම පෙරමුණේ නායක, හිටපු ජනාධිපති මහින්ද රාජපක
ඉදිරි මහ මැතිවරණය සඳහා සමගි ජන සන්ධානයේ අගමැති අපේක්ෂකයා ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස නිල වශයෙන් නම් කර තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
ග්‍රෑන්ඩ්පාස් වෙඩි තැබීමෙන් දෙකක් මරුට
Ananda Sooriyabadara Thursday, 25 July 2024 08:44 PM
අලුත් පොලිස්පතිට කියන්න...!
KPI Friday, 26 July 2024 05:16 AM
පහුගිය වසර දෙක තුන හා වර්තමාන ඇතුලත සිද්දි බලනකොට අපි හැමෝටම ජාති ආගම් භේදයකින් තොරව ප්‍රසිද්දියේ තුවක්කු ගෙනල්ලා හිතේ හැටියට වෙඩි තියාගන්න පුලුවන් සුන්දර යුගය වැඩි ඈතක නෙවී වගේ . රනිල්, මහින්ද , දේශබන්දු වගේ මහත්වරුන්ට බොහොම පින් මේ යුගය උදා කරාට.